Monday 2 January 2017

රතු ඉන්දියානුවන් ආවේ කොහෙන්ද? : ඇමරිකාවේ ආදි වාසීන් -1

 'රතු ඉන්දියන්වරු' නම ඔබ ඕනෑ තරම් අසා ඇති. ඇමරිකානු 'සුද්දන්ට' විරුද්ධව කතාකළ 'රතු ඉන්දියානු' නායක සියැටල් නම් 'පරිසරවේදියා' ගැනත් අසා ඇති. ඒත් මේ වචන 'සුදු'මිනිසාට වුන වරදක් කියල බොහෝ දෙනෙක් දන්නේ නෑ .
රතු ඉන්දියානුවන් ලෙස හඳුන්වන්නේ ඇමරිකාවේ මුල් පදිංචි කාරයෝ..අපි පොදුවේ එක ජන කොට්ටාශයක් ලෙස හැඳින්වුවත් ඔවුන් ඉතා දීර්ඝ අතීතයකට හිමිකම් කියන ගෝත්‍ර විශාල ගණනකින් සමන්විත මිනිස් කොට්ටාශයක්.


ලෝකයේ දැන් පිහිටන ආකාරයට ගොඩබිම විකාශය වෙනකොට ඇමෙරිකා මහාද්වීපය, යුරෝපා ආසියා ප්‍රධාන ගොඩබිමෙන් වෙන්වන අවස්ථාවේ ඇමරිකාවේ මිනිස් වාස තිබී නැහැ. මිට වසර 30 000ත් 10 000 අතරදී ඇතිවූ ice age කාලයේ රුසියාවේ සයිබිරියව හා ඇමරිකා මහාද්වීපයේ ඇලස්කාව අතර අයිස්වලින් හෝ මුහුද සිඳී යාමෙන් හැදුනු ගොඩබිම් පාලමක් ඇතිවී තියනවා මෙය හඳුන්වන්නේ බෙරින්ගියා කියල.

ප්‍රධාන ගොඩබිමේ මිනිස්සු මේ ඔස්සේ ඇලස්කාවට පැමිණ තිබෙනවා. එයින් කොටසක් දකුණු දෙසට ගොස් දැන් ඇමරිකා එක්සත් ජනපදය පවතින බිම හා ඉනුත් දකුණු දෙසටත්, අනෙක් කොටස ආක්ටික් වක්‍රය දිගේ නැගෙනහිරට දැන් කැනඩාව පවතින බිමටත් ක්‍රමයෙන් සංක්‍රමණය වී තියෙනවා. මේ කාල වකවානුවේ කැනඩාවේ මැකන්සි ගඟ ඔස්සේ පහලට ජනාවාස තිබු බවට සාක්ෂි හොයාගෙන තිබෙනවා.
ක්‍රි.පූ. 5000-2500 අතරදී ඉතා ශක්තිමත් ගොවියන් බවට පත්ව තිබෙන්නේ මොවුන්ගෙන් පැවත ආ අය. ඒ වනවිට විවිධ ප්‍රදේශවලට පැතිරී ගොස් වෙන් වෙන් ජන සමූහ ලෙස ගොඩනැංවී තිබෙනවා. ක්‍රි. පු. 1200 වනවිට ඇමෙරිකානු ශිෂ්ටාචාර ආරම්භ වී තිබෙනවා.

මොවුන් ස්වභාව ධර්මය සමග ජීවත්වූ උසස් ශිෂ්ටාචාර. ලෝහ භාවිතය සිදුකළ, දැව හා පාෂාණ වලින් ඔවුන්ගේ උපකරණ තනාගත් ඔවුන්ගේම වූ වෛද්‍ය ක්‍රමයන් තිබු දියුණු සංස්කෘතීන්.
මේ වෙද ක්‍රම අතර ඔසුපැල යොදාගෙන බෙහෙත් සැදීමත්, දුම්කොළ දුම්, රාජාලි පිහාටු හා ශබ්ද උපයෝගී කරගත් ස්වභාවික සුවතා ක්‍රමත් තිබුණා.

මේ හැම ගෝත්‍රයකටම ඔවුන්ට අනන්‍ය වූ භාෂා ක්‍රමයක් හා සංඥා ක්‍රමයක් තිබුණා. ගණිතය දැන සිටියා. ඔවුන්ගේ ආවේනික ශිල්ප කලා අතර සත්ව ඇටකටු හා හම, ශාක කොටස් උපයෝගී කරගත් අත්කම්, පබළු, එම්බ්‍රොයිඩරි කලාවත් තියනවා. සංගීත නර්තන චිත්‍ර අංශවල ආවේණික ශිල්ප ක්‍රම හා අංගෝපාංග ඇතුලත්.
බොහෝ ආදිවාසීන් රාජාලියා පුජනීය සතෙක් ලෙස සැලකුවා. ඔවුන්ගේ හිස්වැසුම් හා පලඳනා සඳහා රාජාලි පිහාටු යොදාගන්නේ ඒ නිසයි. හිස්වැස්මේ පළඳින පිහාටු ප්‍රමාණය අනුව ගෝත්‍ර වෙන්කර හඳුනාගැනීම් සිදු කරනවා. හිස සිට දෙපතුල්  දක්වා වූ රාජාලි පිහාටු පළඳනා දමන්නට වරම් ඇත්තේ  නිර්භීත රණශුරයන් හා නායකයන්ට පමණයි.

ඔවුහු මරණයෙන් පසු ජීවිතය විශ්වාස කළ දැඩි ආගම භක්තිකයන්. ආහාර පිණිස සතෙක් මැරුවත් ආහාරයට ගැනීමට පෙර දෙවියන්ට ස්තුති කර සතාගේ ආත්මයට සුව පතා ස්වභාව ධර්මය හා අනුගත වුනා.
ඔවුන්ගේ ජනකතාවල සතුන්, මිනිසුන් අතර වෙනසක් නැහැ. ගංගා, කඳු වැටි ආදී ස්වභාව ධර්මයේ අංශ වලටත් පණ තියෙනවා. එයින් පෙන්වුයේ ඔවුහු ස්වභාව ධර්මයට ගරු කරමින් ඒ හා ජීවත්වූ බවයි.

සිය මුතුන් මිත්තන්ගෙන් පැවත ආ ශක්තිමත්, දියුණු සංස්කෘතියක් සහිත, විශ්වය ගැන විසල් දැනුමක් තිබූ මායා, ඇස්ටෙක් හා ඉන්කා මේ අතුරින් ප්‍රබල ගෝත්‍ර.  ආදිවාසීන්ගෙන් පැවත එන බොහෝ දුරට සමාන ශරීර හා සංස්කෘතික ලක්ෂණවලින් යුක්ත ගෝත්‍ර විශාල ගණනක් අදටත් උතුරු හා දකුණු ඇමරිකාවේ ජීවත්වේ.


ඉන්දියාවට කිසිම සම්බන්ධයක් නැති ඔවුන්ට රතු ඉන්දියන්වරු කියන්නේ ඇයි ??? මෙතනින් කියවන්න.

උදව්:
factretreiveer.com
Canada -Years of Challenge: E. Dier et al.

9 comments:

  1. කොලොම්බස් ඉන්දියාව සොයා ගිය ගමනේ දී මග වැරදී ගොඩ බැස තිබුනේ ඇමරිකාවටයි.
    ඒ නිසයි මේ මිනිසුන්ට රතු ඉන්දියන් කියන නම වැටුනෙ.

    ReplyDelete
  2. වටිනවා ගොඩක්

    ReplyDelete
  3. ඉතා වැදගත් තව ලියන්න මමත් හරිම ආදරෙයි ස්වදේශික අමරිකානුන්ට

    ReplyDelete
    Replies
    1. ඔවුන්ට ලොකු අසාධාරණයක් වෙලා තියෙන්නේ. දැනට ලිපි 9ක් තියනව. කියවන්න. ස්තුතියි.

      Delete