කොලොම්බස් හා පිරිස ගොඩබට පසුව හමුවූ මිනිසුන්ට රතු තොප්පි හා පබළු දුන් බවත්, මුල් පදිංචිකරුවන් පෙරලා ගිරවුන්, කපු හා දුම්කොළ තෑගි කල බවත් සඳහන්. මේ මිනිසුන් ඉතා අඩු ඇඳුම් ප්‍රමාණයකින් සැරසි සිටි බවයි කොලොම්බස්ගේ දේශ ගවේෂණ චාරිකා සටහන්වල දැක්වෙන්නේ. " ඔවුන් හරිම විචක්ෂනශීලි. කිසිවකට බැඳී නැති ගතියක් දැනුනේ. මොනවද ඉල්ලන්නේ බොහොම නිදහසින් ඔවුන් එය දුන්න"
අන්තිමට ආදි වැසියන්ගේ ඒ කාරුණික, සාමකාමී, බැඳී නැති බව තමයි 'සුදු මිනිසුන්' වාසි සහගත ලෙස යොදාගත්තේ. සුවිශේෂ ආගමක් නැති ගෝත්‍රවලට කතෝලික ආගම කා වැද්දීමත්, මේ අහිංසක ශක්තිමත් මිනිසුන් වහලුන් ලෙස සේවයේ යොදාගැනීමත් මුලින් සිදුවුණා. ඉන්පසු ඔවුන්ව යුරෝපයට ගෙනගොස් වහලුන් ලෙස විකිණුවා.
ස්වභාව ධර්මයා අගය කරමින් සියල්ල බෙදා හදා ගනිමින් ජීවත්වූ ආදි වාසීන්ට මුලින් යුරෝපින් ඔවුන්ට වංචා කරන බවවත් තේරුම් ගියේ නැහැ. ඔවුන්ගේ දේපල වස්තු මංකොල්ල කන බව වැටහුනේ නැහැ.
සොබාදහම සමග ජීවත්වූ මෙම මිනිසුන්ට යුරෝපීයයන් සමග පැමිණි සරම්ප, පැපොල වැනි බොහෝ රෝගවලට ඔරොත්තු දීමේ ශක්තියක් තිබුනේ නැහැ, එම විෂබිජවලට කලින් නිරාවරණය වී නොතිබුණු නිසා. වාතය මගින් බෝවූ මේ රෝග මගින් දහසක් දෙනා මියගියා.
මෙසේ ආගන්තුක රෝගවලට ඔරොත්තු දීමේ හැකියාවක් නැතිකම යුරෝපා ජාතින් වාසියක් ලෙස යොදාගත්තා. 1800 ගණන්වලදී යුරෝපින් ඔවුන්ගේ වෙළඳ ගනුදෙනු වලට එකඟ නොවූ ගෝත්‍රික නායකයන්ට තර්ජනය කිරීමට මේ විෂබීජ අඩංගු බෝතල් යොදා ගත්තා. ඒ තර්ජන වලට නොබියව මුහුණ දුන් ගෝත්‍රවලට සිදුවුයේ රෝගවලට ගොදුරු වී මිය යන්නයි. යුරෝපින් සමග මිත්‍රශීලි ලෙස කටයුතු කළ අයට පවා තෑගි ලෙස මෙම විෂබීජ අඩංගු කබා ආදී ඇඳුම් තෑගි කළා. 1830 -40 ගණන්වල වසංගතයක් ලෙස පැතිරී දස දහස් ගණන් ආදිවාසීන් බිලිගත්තේ මේ වෛරස හා බැක්ටීරියායි.
17වන සියවස වනවිට මේ විශාල භුමියේ ඇති වටිනාකම හඳුනාගත් පසු ඉමක් කොනක් නැති සරුසාර ඉඩම් අත්පත් කරගැනීම උදෙසා ක්‍රමයෙන් සුදු මිනිසුන් තොග පිටින් පැමිණෙන්නට පටන්ගත්තා. තම ගෝත්‍ර නායකයන් මගින් පාලනය වූ ස්වභාවික නීති මිස, පොතේ නීති නොදැන සිටි මොවුනට සිදුවුයේ සංක්‍රමණිකයන්ට ඉඩම් දී ඉවත්වන්නයි. මේ මංකොල්ලවල ස්වභාවය හඳුනාගෙන ඊට විරුද්ධ වූ ආදිවාසී ගෝත්‍රවලට යුද්ධ කරන්නට සිදුවුනා.
කව්බෝයි චිත්‍රපටවල මොනවා පෙන්නුවත්, යුරෝපින් පැමිණෙන තෙක් අශ්වයින් හෝ ලෝහ ආයුධ භාවිතයක් ආදිවාසීන් ගේ තිබුනේ නැහැ. යුද්ධ කරන්න කිසි සුදානමක් හෝ ආයුධ ගබඩා තිබුනෙත් නැහැ. වසර ගණනකට සැහෙන්න ආහාර, බෙහෙත් හෝ අනෙකුත් අත්‍යවශ්‍ය දේ රැස්කරගෙන තිබුනෙත් නැහැ. ඉතින් රටේ, එහෙම නැත්නම් මහාද්වීපයේ අයිතිකාරයන්ට සිදුවුනේ යුද්ධ 14කට මුහුණ දී දහස් ගණනින් මියයමින් පැරදෙන්නටයි.
මේ යුද්ධ නිසා ඔවුන්ගේ ගෝත්‍ර සමාජ පද්ධති සී සී කඩ වුණා. ඉතිරි වූ ගෝත්‍ර කිහිපයක් එක්වී අලුත් ගෝත්‍ර හදාගත්තත්, ඒවා ගොඩනංවන්නට සිදුවුනේ දැඩි දුෂ්කරතා මැද.
ඉතාම දියුණු වෛද්‍ය ක්‍රම, විශ්වය පිලිබඳ දැනුම හා තවත් සුවිශාල හැකියා රාශියකින් යුතුව සිටි, මහාද්වීපය පුරා පැතිර සිටි මිලියන 54ක් පමණ වූ ඇමෙරිකානු මුල් පදිංචිකරුවන් වසර 400 කදී ලක්ෂ කිහිපයක් දක්වා අඩුවන්නට මොනතරම් විනාශයක් 'සුදු මිනිසා' සිදු කරන්නටඇත්ද?
'සියටෙල්' කවුද? ඔහු පරිසරවේදියෙක්ද? ඊළඟ ලිපියෙන්.
රසුදැල් හඬවන්න උදව්
nativeheritageproject.com
Canada -Years of Challenge: E. Dier, K. Hubbard
frontierpartisans.com
ලියන්න. අපි කියවනවා.
ReplyDeleteසතුටුයි. ලියනවා :)
Deleteදිගටම ලියමු
ReplyDeleteල්ිලියනවා. ස්තුතියි
Deleteඔබතුමියගෙ ලිවීමේ රටාව රසවත් .
Deleteස්තුතියි නිමලවන්ස මහතා
Deleteතුති ලිපි මාලාවට. මට උසස් පෙළට යුරෝපා ඉතිහාසය උගැන්වූ බර්නාර්ඩ් අබේසේකර ගුරුතුමා සහ එතුමාගේ වටිනා සටහන් මතක් වුණා. මිනිසා දෙපයින් සිට ගත් දා සිට ලොකය දකින්නට ඇවිදින්න පටන් ගත්තා ය යන අදහසත් මතක් වුණා. විශ්වයේ කුඩා තිතක් වන් පෘථිවියේ, පුංචි පුංචි බිම්කඩවලට සටන් කරමින් ලේ හලන මිනිසා ගැන පණිවිඩයක් දුන් කාල් සේගාන් අභ්‍යාවකාශගාමියාගේ වීඩියෝවත් මතක් වුණා.
ReplyDeleteමේ කමෙන්ට් එක මට ලොකු ගෞරවයක් වගේ Dr.
Deleteමෙී ලඟ ලිපිය එනතුරු මග බලා සිටිමි
ReplyDeleteලිපියේ අන්තිමට ඊළඟ ලිපියට කියල වෙනත් වර්ණයකින් තියන අකුරු ක්ලික් කලාම ඊළඟ ලිපියට යනවා. ඒ විදියට ලිපි අටම පිලිවෙලින් බලන්න හැකිවෙයි.
Delete