"වැස්ස හරියට. ඒ මදිවට දෙසැම්බර් සීතලත් .. ඔහේ කොහොමද?"
" අද ඍණ හතයි. හෙට රින දහඅටට යනවලු..""ඍණ ?? සෙල්සියස් ඍණ ..? මට නුවරඑළි ගිහිනුත් සීතලේ වෙවුලනවා ජර්සි ඇඳලත්. ෆ්‍රිජ් එකේ දැම්ම වගේ ඔයාල කොහොමද ඉන්නේ?"
සීතල රටවල ඉන්න අයගෙන් නොවරදවා අහන ප්‍රශ්ණ.
සම ශිතොෂ්ණ රටක්වන ලංකාවේ ඉන්න අයට කටුක සිතල කාළගුණයක ඉන්න විදිය ටිකක් හිතාගන්න බැරි දෙයක්. මිනිස්සු අචලතාපී සත්වයින්. ඒ කියන්නේ පරිසර උෂ්ණත්වය අනුව සිරුරේ උෂ්ණත්වය වෙනස් කරගන්න බැහැ. සෙල්සියස් 37/ෆැරන්හයිට් 98.4 උෂ්ණත්වය සිරුරේ පවත්වා ගන්නම ඕනේ. සමකය ආසන්න රටවල ඉන්න අයට මෙය එතරම් ප්‍රශ්නයක් නෙමේ.
උතුරු ඇමරිකාවේ දෙසැම්බර් 21දින ඉර එලිය ලැබෙන පැය ගණන |
ඒත් නිවර්තන කලාප වලින් එපිටින් තියන රටවල තද ඍතු භේදයක් තියනව. පෘථිවියේ අංශක 23 1/2 ඇලය නිසා මාස තුනක්ම සමහර ප්‍රදේශවලට හිරුඑළිය ඉතා අඩුවෙන් ලැබෙන්නේ. සීත ඍතුව ආරම්භක දිනය සේ සැලකෙන දෙසැම්බර් 21 හා ඒ අසන්න දිනවල උත්තරාර්ධගෝලයේ ධ්‍රැවාසන්න ප්‍රදේශවල ඉර පායන්නෙම නැහැ. ඊට අසන්න ප්‍රදේශවලත් පැය 6කට අඩු කාලයක් ඉර එලිය ලැබෙන්නේ.
ඉරෙන් වඩාත් ඈත්ව පිහිටන නිසා සීතලෙන් ආරක්ෂාවෙන්න එහෙම නැත්නම් සිරුරේ තියන උෂ්ණත්වය රැකගන්න විශේෂයෙන් ක්‍රියා කරන්නම වෙනවා.
ඇඳුම්: සීත කාලයේදී ඊට ඔබින ලෙස ඇඳුම් ඇඳීම සෞඛ්‍යය රැකගැනීමට ඉතාම වැදගත්. සිරුරේ තිබෙන උෂ්ණත්වය රැකගන්නත්, පිටතින් එන සිසිල සිරුරට නොදැනෙන්නත් සිරුර ආවරණය කරගැනීම වැදගත්.මෙහිදී ඇඳුම්වල රෙදි වර්ගය, ඇඳුම් කිහිපයක් එක උඩ ඇඳීම, හිස අත්පා ගෙල ආවරණය ගැන වැඩි සැලකිල්ලක් දෙනවා.
නයිලෝන්, පොලියෙස්ටර් වගේ කෘතීම රෙදිත්, වූල් රෙදිත් තමයි වඩා යෝග්‍ය. කපු ඇඳුම් ගුණ නැත්තේ ඒවාට සිතල උරාගන්නා නිසයි. මුලින්ම සිරුරට තද ඇඳුම් ගෙල සිට පාද දක්වා අඳිනවා. තද සීතලට ඔරොත්තු දෙන්න thermal underwear නමින් ටිකක් ඝනකම් ඇඳුම් තියනව. මේවා අවශ්‍ය ඍණ ගණන් සීතලට. දෙවෙනියට අඳින්නේ සැහැල්ලු තුනී ඇඳුමක්, ඒ කියන්නේ එදිනෙදා අඳින කමිස කලිසම්. ඊට උඩින් ස්වෙටර් එකක් හෝ සිත කබායක් අඳිනවා. සිතල අනුව මෙම තට්ටු ගණන තව වැඩි කරගන්න පුළුවන්. ඇඳුම් තට්ටු ගණන වැඩි කරගැනීමෙන් බලාපොරොත්තු වෙන්නේ ඇඳුම් අතර පරිවාරක වායු ස්තරයක් සිරවීමෙන් පිටත සීතල සිරුර වෙත ගමන් කිරීම වැලැක්වීමයි.
කකුල්වලට මේස් දමා සපත්තු පැළඳීමේනුත්, අත්වලට වූල් හෝ ලෙදර් අත්වැසුම් දැමිමෙනුත්, ගෙල වටා ඝනකම් ස්කාෆ් එකක් ඔතා ගැනීමෙන් හෝ ගෙල වැසෙන උස් කොලර් සහිත ඇඳුම් ඇඳීමෙනුත් සීතලට සංවේදී සිරුරු කොටස් ආවරණය කර ගැනෙනවා.
අපේ සිරුරේ උෂ්ණත්වය වැඩිපුරම හානිවෙන ස්ථානයක් හිස. කන් සීතලට සංවේදියි. කන් වැසෙන සේ හිස්වැසුම් පැළඳීම වැදගත් වන්නේ එනිසයි. හිස් ආවරණයක් සහිතව එන hoodie කියන ජර්සි විශේෂය ජනප්‍රියයි. සිත කබාත් හිස් ආවරණ සහිතව එනවා.
අලි මදිවට හරක් කියන්න වගේ හිමත් වැටුනොත් තෙතමනය උරා නොගන්නා හිම කබායක් ඇඳීම හා කැමතිනම් snow pants කියන දිග කලිසම් ඇඳීම කරනවා. මේවා වතුර උරා නොගන්න රෙදි වර්ග වලින් සැකසිලා තියෙන්නේ. හිම කබා තුළ ෆෝම් වැනි දෙයක් හෝ කුරුළු පිහාටු තිබෙන නිසා අමතර පරිවාරක ආවරණයක් සපයනවා.
හිම සපත්තු (snow boots ) පැළඳීමත් කරන්න ඕනේ. ඒවත් සැකසී තියෙන්නේ පාද උණුසුම රැකගන්නා අතර පිටත සිසිල හා හිම නොගැටෙන පරිද්දෙන්. අඩිය හොඳින් කට්ටා කපා තියෙන්නේ. ඒ සමගම ඝනකම් මේස් පැළඳීම හෝ මේස් ජෝඩු දෙකක් පැළඳීම කල යුතුයි. තදබල සීතලට අත්මේස් වෙනුවට මිට්න් කියා හැඳින්වෙන අත්වැසුම් දැමීම උණුසුම රැකගැනීමට වැඩි උදව්වක්. මේවයේ ඇඟිලිවලට වෙනම කොටස් නැතිව එක පොදියට අත තියන නිසා ඇඟිලි නිරාවරණ ක්ෂේත්‍රඵලය අඩුවීමෙන් ආරක්ෂාව සපයනවා..
මිට අමතරව ඇස් හා නාසය පමණක් නිරාවරණය වන සේ හිස වැසෙන්නට මේස් වැනි රෙදිවලින් ආවරණත් තියනව. හිතාගන්න.. මේවා ඔක්කොම ඇන්දාම ලෙහෙසි නැහැ තමයි. ගමනක් යන්න වැඩිපුර වෙලාවක් අරන් ලැහැස්ති වෙන්න ඕනේ. ගමන වාහනේක ගියත් පයින් ගියත් හිමින්.
සීත කාලෙට නිදාගන්නකොටත් උණුසුම රැකෙන එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඇඳන් වලට මෙට්ට තට්ටු දෙකක් තිබෙනවා. පහල තියන එක ඇත්තටම මෙට්ටයක් නෙමෙයි වටේ ආවරණය කරපු පෙට්ටියක් වගේ. කියන්නෙත් box කියල. ඒකෙනුත් යම් රස්නයක් රැකෙනවා. උඩ මෙට්ටයත් උසයි. එය ඝනකම් රෙද්දකින් ආවරණය කර ඇඳ ඇතිරිලි ඒ මත එලන්නේ.ඇඳ ඇතිරිලිත් තරමක් ඝනකම් ඒවා භාවිතා කරන්නේ.
සාමාන්‍ය සැහැල්ලු පොරවන වෙනුවට මැදට ස්පොන්ජ් යොදා ක්විල්ට් මෙන් මැසූ comforter නමින් හැඳින්වෙන පොරවන භාවිතා කරන්නේ. විදුලි බලයෙන් උණුසුම් වෙන ඇඳ ඇතිරිලිත් තියනව.
රෙදි සේදීම හා වේලාගැනීම: අඳින ඇඳුම් ආදිය කුණු දුවිලි නැති නිසා එතරම් කිලිටි නොවුනත් රෙදි සේදීමත් කරන්නම ඕනනේ. සීත කාලයට නිවසෙන් පිටත අව්වේ රෙදි වෙලීමක් කරන්න බැහැ. හැම නිවෙසකම රෙදි සෝදන යන්ත්‍රයක් හා රෙදි වියලන යන්ත්‍රයක් තිබෙනවා. ඒවා එකවර ඇඳුම් විශාල ප්‍රමානයක් දාන්න හැකි තරමක් විශාල ඒවා. පොරවන ආදියත් ඝනකමයි නේ. අතේ සෝදාගන්න ඒවා වුනත් මේ විදියට වියලා ගන්නේ. මේ කාලයට නිවෙස් උණුසුම් කරන නිසා රැක්වල දමා ඒ උණුසුමෙන් වුනත් සැහැල්ලු රෙදි නිවෙස් තුළදී වියලා ගන්න පුළුවන්. කාසි දමා රෙදි සෝදා වේලාගන්න පුළුවන් මෙවැනි යන්ත්‍ර සවිකර තිබෙන කඩත් තියෙනවා.
නිවාස හා ගොඩනැගිලි : ධ්‍රැවාසන්න රටවල නිවස හා ගොඩනැගිලි තැනීමේදී ප්‍රමාණවත් උණුසුම සැපයුමක් ලැබෙන ලෙස විධිවිධාන යෙදීම නීතිමය අවශ්‍යතාවක්. බොහෝවිට ප්‍රධාන ස්වභාවික වායු සැපයුමක්
මේ රුපයේ තිබෙනවා වැනි උපකරණ මගින් වායු දහනය කර තාපය නිපදවෙන අතර නිපදවෙන තාපය ගොඩනැගිල්ලේ අනෙක් කොටස්වලට සැපයීම ඒ සඳහා විශේෂිත වූ බට මගින් සිදුකෙරෙනවා. නිවස වයරින් කරනවා මෙන් පළපුරුදු අයයි මේ බට එලීම් කරන්නේ. ගොඩනැගිල්ලේ සෑම කොටසක් තුලම තාපය නිකුත්වීමට කුඩා කවුළු වැනි විවර පොලවේ හෝ සිවිලිමේ තිබෙනවා. විශාල ගොඩනැගිලිවල නම් බිත්තියට සවිකර ඇති උපකරණ මගින් රත්වූ වාතය ලැබෙන්නේ. ගොඩනැගිල්ල තුළ උෂ්ණත්වය අවශ්‍ය පරිදි පාලනයට පාලක උපකරණ තිබෙනවා.
නිවෙස් තුල තාපය ආරක්ෂා කරගැනීම උදෙසා පිටතට විවරවන ජනෙල් දොරවල් කිසිදු විවරයක් නොතිබෙන ලෙස ඉතා තදින් සීල් කර තිබෙන්නේ. සමහර විට එක උළුවස්සට දොර/ ජනෙල් දෙක බැගින් තිබෙනවා. හැකිතාක් අවම වශයෙන් දොර ජනෙල් විවෘත කර තැබීම වැදගත්ය. ඝන තිරරෙදි යෙදීමෙන්ද බිමට ඝන බුමුතුරුණු යෙදීමෙන්ද උණුසුම ආරක්ෂා කරගැනෙනවා.
බිත්ති ස්ථර දෙකකට සාදන අතර, ස්ථර මැද තාප පරිවාරක ද්‍රව්‍ය පුරවන නිසා තාප හානිය වැළකෙයි. මෙයින් එක ස්ථරයක්වත් හාඩ්බෝඩ් හෝ තුනිලැලි විශේෂයක්. වහලයද මෙලෙස ස්ථර දෙකකින් සාදා පරිවාරක පුරවයි. වීදුරු දෙකක් අලවා ඒ අතරට නිෂ්ක්‍රිය වායු පුරවා ඒවා බිත්ති ලෙස යොදාගන්න අවස්ථාද වෙනවා.
රථවාහන : සීතලට හා හිමවලට ඔරොත්තු දෙමින් ගමන් කිරීමට අවශ්‍ය අංගෝපාංග වාහනවලද ඇතුලත්ය. පොදු ප්‍රවාහන මාධ්‍ය වන බස් හා දුම්රිය සියල්ලක්ම වැසිය හැකි දොරකවුළුවලින් යුතු අතර තාපය සපයන පද්ධති ඇත.
හිම ඇතිවිට ගමන් කළහැකි වැඩිපුර කට්ටා යෙදු ටයර්, වාහනවල සිත කාලයට භාවිතා කරන අතර, දැඩි හිම පතනයක් සිදුවන ප්‍රදේශවල ටයර්වලට දම්වැල් යොදා ඝර්ෂණ බලය වැඩිකර ගනියි.
නවීන වාහනවල තාපන පද්ධතියක් තිබීම අනිවාර්ය වන අතර, ආසන වෙන වෙනම උණුසුම් කළහැකි පහසුකම් (heated seat) පවා ඇත.
සීතලෙන් මතුවන ගැටළු:
ජල සැපයුම් බට තුල ජලය මිදීම: මෙය වැලැක්වීමට පොලව යට සැපයුම් බට වටා නිතර තාපය සැපයෙන පරිදි සකස් කර තිබෙන්නේ. ගොඩනැගිලිවල පිටතින් ඇති ජලකරාම තාවකාලිකව ක්‍රියා විරහිත කෙරෙනවා.
Frostbite: දැඩි සීතලට නිරාවරණය වීම නිසා සමේ පටක පිලිස්සී, විනාශවී යන අවස්ථා frostbite නම් වෙනවා. අත්පා, කන්, නාසය, කම්මුල් වැනි සියුම් පටක ඇති තැන් මෙයට ගොදුරු වීමට වැඩි ඉඩක් තියෙන්නේ. වැඩි වෙලාවක් අධික සීතලට නිරාවරණය හේතුවෙන් අත්පාවල ඇඟිලි ඉවත්කිරීමට සිදුවන අවස්ථාද තිබෙනවා.
සම වියලීම: නිතර කෘත්‍රිම තාපයට නිරාවරනයත්, අඩු උෂ්ණත්වය හේතුවෙන් ජලය වාෂ්ප වීම අඩුනිසා පරිසරයේ ආර්ද්‍රතාව අඩුවීමත්, ජලය පාන අවශ්‍යතා අඩුවීමත් නිසා සම අධික වියලිමකට ලක්වීම සියලුදෙනා පාහේ මුහුණපාන ගැටලුවකි. වැඩිපුර දියර වර්ග පානයත්, තෙල් සහිත ක්‍රිම්වර්ග සිරුරේ, විශේෂයෙන් මුහුණේ හා අත්පාවල අලේප කිරීමත් මේ සඳහා ඇති විසඳුමයි. තොල් වියලී, පුපුරායාම වැලැක්වීමට තොල් ආලේපන භාවිතයද අත්‍යවශ්‍යය.
නිවෙස් නැති අයගේ ගැටළු: ශීත ඍතුවට නිවාස නොමැති පාරේ ජිවත්වන පුද්ගලයන් උදෙසා නොමිලේ ඉඳුම්හිටුම් සපයන ස්ථාන ක්‍රියාත්මක වනවා. දැඩි සිත දිනවල දවස පුරාමත්, සාමාන්‍ය සීත දිනවල රාත්‍රී කාලයටත් මේවා අසරණයන් උදෙසා විවෘතයි.
උදව්:
www.thebugoutbagguide.com/cold-weather-survival
www.youtube.com/watch?v=ECtY46WlkQE
www.ehsdb.com/first-aid---frostbite.php
පින්තුර සියල්ල අන්තර්ජාලයෙන්.
සීත කාලෙ වැදගත් තොරතුරු ටිකක්
ReplyDeleteසීත වෙද්දී මතක්වෙන ඒවා
Delete1. ශීත ඇදුම් ඇදීම වදයක් කියලා මටත් තේරිලා තියෙනවා. ශ්‍රී ලංකාවේ විනාඩියෙන් කරන ඇදුම් ඇදීමට-ගැළවීමට-අස් කිරීමට මෙහෙ (පිරිමි අප පමණයි. කාන්තා රත්නවලට අදාළ නැත) විනාඩි ගනනාවක් ගත කරන්න ඕන.
ReplyDelete2. ලිපියේ ලිව්වොත් හොදයි සාපේක්ෂ ව ශ්‍රී ලංකාවේ තියෙන හොද ලක්ෂණ, දේශගුණය-කාලගුණය පැත්තෙන්. මේ අතින් ලංකාව ආශිර්වාද ලත් රටක් නේ ද? ආර්ද්‍රතාව කියන සංකල්පයත් ලංකාවේ හොද කාලගුණයකට හේතු වන නිසා ඒ ගැනත් අවධාරණය කරමු ද?
3. මා ගිය හැම රටකට ම සාපේක්ෂ ව ලංකාවේ හොද ලක්ෂණ තියෙනවා. නැති කර ගන්න ඕන නරක ලක්ෂණත් තියෙනවා. දේ දෙපැත්ත ම අපේ ලිපිවලින් අවධාරණය වුණොත් හොදයි. ශ්‍රී ලංකාවත් හදා ගත යුතුයි නේ?
ලිපිය කියෙව්වම සංසන්දනත්මකව තේරුම් යනවා නේද සිතල කාළගුණයක අපහසුතා හා අපේ රටේ යහපත් කාලගුණයේ අගය? මගේ අදහස් නොදා ඇත්ත එලෙස ලිවීමයි කළේ .යම් සංශෝධන කළා යෝජනා අනුව. හැදෙනවානම් අගය දැනිලා හැදෙයි සර්.
Deleteධ්‍රවාසන්න රටවල සිටිමින් අපි සැපසේ දුක් විඳිනවා ලංකාවෙ ඉන්න අය දුකසේ සැප විදිනවා. ඉහත කොඩිතුවක්කු ශූරීන්ගේ 2 ඉල්ලීම මාත් ස්ථිර කරමින් ඉදිරිපත් කරනවා. ඒ සඳහා අවශ්‍ය නිපුණතාව ඔබට ඇති බව මේ ලිපිය පෙන්වා දෙනවා. මෙහි දෙවන කොටස සේ එැවැනි ලිපියක් ලිව්වොත් නම් වටිනවා
ReplyDeleteඅමාරුවේ දාන්න එපා ගුණ්සිංහ මත්තය. ඔබතුමා ලියල තියෙන්නේ සරලවම හැදෙනවානම් ලාංකිකයන්ට.
Deleteවැදගත් කරුණු ඉදිරිපත් කිරීමක්. ස්තුතියි
ReplyDeleteදුන් දිරියට ස්තුතියි
Deleteඉතාම අලංකාර ලිපියක්
ReplyDeleteබොහොම ස්තුතියි :)
DeleteSupiri.... Thawa liyanna 😊
ReplyDeleteලියන්නම්..😊ස්තුතියි.
Deleteස්තුතියි ඔබට.සිතල කොතරම් සැපවත්ද කියා දැන ගත්තා...අපේ රට ස්වාභාවිකව කොතරම් වටිනවාද..
ReplyDeleteලංකාවේ ඉන්න මිනිසුන් එහි අගය තේරුම් නොගන්න එකනේ වැඩේ..
Deleteඍණ නම් බැරියෝ .... වාරයක් මමත් චලකාපී සතෙක් කියල හිතල සෙල්සියස් 5 - 8 ත් අතර තිබුණු දවසක චණ්ඩිය වගේ තර්මල් වෙයා නැතිව දවසක් එළිය වෙව්ල වෙව්ල ඉඳල හෝටලයට ඇවිත් උණුවතුර ෂවර් එකට බැස්ස විතරයි මුළ ඇඟම ගිනි ගත්ත වගේ පුපුරු ගහන්න ගත්ත.
ReplyDeleteඑතකොට තමයි තේරුණේ සීතලට මුළු ඇඟේම හම පැලිල කියල. එදායින් පස්ස සීතලේ යද්දි වාඩි වෙන තැනින් කල්පනා කරන්නෙ නෑ :-D
අපිනම් ධන උෂ්ණත්ව වලට thermal අඳින්නේ නැහැ. මෙහෙම දෙයක් තියනව කණ්ඩා..තද සීතලේ ඇවිත් තද උණුවතුර අල්ලන්න හොඳ නැහැ. සිතල හින්ද දැනෙන එක නැතිවෙලානේ ..පිච්චෙන්න වුනත් පුළුවන්..
Deleteකල්පනා කරන තැන මාරුකළ එකනම් හොඳා..🤣
ප්‍රයෝජනවත්...
ReplyDeleteස්තුතියි.
Delete