කැනඩාව පැත්තෙන් විල් සියල්ල ඔන්ටාරියෝ ප්‍රාන්තයට පමණක් මායිම් වුනත්, ඇමරිකා විල් මායිමේ ජනපද 8ක් ඇත.
මේ පින්තූරයේ විල් මැදින් කඩ ඉරි වලින් දක්වා ඇත්තේ රටවල් දෙකේ මායිමය.
චන්ද්‍රිකා ඡයාරුපයක් |
සුපිරියර් ලෝකයේ විශාලතම මිරිදිය විල වන අතර, මිචිගන් එක රටක් තුල පවතින විශාලම විලයි.මේ විල් අතුරින් ඔන්ටාරියෝ හැර අනිත් සියල්ල මුහුදු මට්ටමට වඩා ඉහලින් පිහිට තිබෙන අතර නයගරා දියඇල්ල ලිපියේද දක්වා ඇති පරිදි නයගරා දියඇලි නිර්මාණය වී ඇත්තේ ඊරි හා ඔන්ටාරියෝ විල් භුමි තල දෙකක පිහිටන නිසාය.
විල් පහේම පෘෂ්ටිය වර්ගපලය වර්ග සැතපුම් 94250 (වර්ග කිලෝ මීටර 244100) වන අතර වර්ග කිලෝමීටර 82 000 වන සුපිරියර් විලට අනිත් විල් හතරම දාන්න පුළුවන් තරම් විශාලයි. විල්වල ගැඹුරත් එකිනෙකට වෙනස්
මේවා මුහුදු මෙන් රැලි නගන නිසාත්, ගොඩබිමට සුලන් හමන නිසාත්, ජලයේ වේගවත් දියවැල් ඇති නිසාත්, ගැඹුරු නිසාත්, ක්ෂිතිජය පෙනෙන නිසාත් 'අන්තර් මුහුදු' (Inland seas ) කියලත් හඳුන්වනවා.. කැනඩාවේ වෙසෙන්නන් 'බීච් යනවා' කියා යන වෙරල තිරයන්ද තිබෙනවා. ඒවා මුහුදු වෙරල වගේ සිනිදු වැලි තියෙන රල නගන විල් තීරයන් ..
මේ විල් පහම සැදී ඇත්තේ අයිස් යුගයේ මේ ප්‍රදේශය වසාගෙන පැවතුනු කිලෝමීටර් ගණනාවක් උස ග්ලැසියරයක් ක්‍රමයෙන් දියවීමෙන්. මේ නිසා ලෝකයේ අනිත් ප්‍රදේශ ජලය හා සැලකු විට මේ ජලය අලුත්. කීමට කියන්නේ අවුරුදු දස දහස් ගණනකින් ජල චක්රයටවත් හසු නොවූ නොඉඳුල් ජලය මේවයේ තියනවා කියලයි. මේ විල් පහම වෙනත් ජල මාර්ග මගින් එකිනෙකට යාවි පවතින්නේ.
සුපිරියර් හා හියුරන් --> ශාන්ත මේරි ගඟ මගින්
හියුරන් හා මිචිගන් --> ස්ට්‍රෙට් ඔෆ් මැකිනක්
මිචිගන් හා ඊරි --> ශාන්ත ක්ලෙයාර් ගඟ හා ඩෙට්රොයිට් ගඟ
ඊරි හා ඔන්ටාරියෝ --> නයගරා ගඟ
ඔන්ටරියෝ විල ශාන්ත ලෝරන්ස් ගඟ හරහා අත්ලාන්තික් සයුරට සම්බන්ධ වෙනවා.
මෙම විල් අතුරින් හතරකම නම් ආදී වාසින් භාවිතා කළ වචන වලින් ආ ඒවාය.
සුපිරියර් - ප්‍රංශ වචනයක් lac superieur -upper lake -ඉහල විල
මිචිගන් - ඔජිබ්වා ආදී වැසි භාෂාවෙන් විශාල විල
හියුරන් - හියුරන් නම් ආදී වසින් ජිවත් වුයේ මේ විල ආශ්‍රිතවයි
ඊරි - දිග වලිගය ආදිවාසීන්ගේ භාෂාවක් වන ඉරොකුවෙන් භාෂාවෙන්
ඔන්ටරියෝ - හියුරන් ජාතිකයන්ට අනුව 'දිලිසෙන වතුර විල'
පාසල් ළමයි මේ නම් පහ මතක තියාගන්නේ HOMES කියලා.
මෙම විල් තුල කුඩා දූපත් 30 000කට වඩා ඇති අතර, ශාක හා සත්ව විශේෂ 3500කට වඩා ජිවත් වේ.
අද මෙම විල් මසුන් මැරීම සඳහා මෙන්ම විවිධ ජල ක්‍රීඩා, විනෝද සවාරි සඳහා යොදාගනී. මේ විල් මතුපිට අයිස් මිදෙන සමයේ බිලි බෑම ජනප්‍රිය විනෝදාංශයක්. ඔරු පැදීම, kayak ක්‍රීඩාව, නැව් හා බෝට්ටුවල සවාරි යාමත් ජනප්‍රියයි.
ජල විදුලිය නිපදවීම වගේම මෑතක සිට පානිය ජල බෝතල් කිරීමටත් විල් ජලය යොදා ගන්නවා.
පුරාණයේ සිට අද දක්වාම විල් ප්‍රවාහන මාධ්‍යයක් ලෙස යොදා ගන්නවා. මුහුදේ සිට හා වෙනත් විල් වලින් එන නැව් විල් තෙරේ ඇති වරායවල නවත්වා තිබීම සුලභ දසුනක්.
1975 සිදු වූ Edmand Fitzgeral නම් නැව කුණාටුවකට හසුවී නැවේ සිටි 29 දෙනෙක් සමග සුපිරියර් විලේ මුහුදුබත් (විල්බත්??) වීම මෙම විල්වල සිදුවී ඇති ප්‍රසිද්ධම නාවික අනතුරයි. නමුත් මෙය සුරක්ෂිත ප්‍රවාහන මාධ්‍යයක් ලෙස සලකන්නේ.
ශීත සමයේ මතුපිටින් අයිස් තලයක් බවට පත්වන මේ විල් මතින් විශාල ට්‍රක් ගමන් කරන අවස්ථාත් තියනව. ගමනේ දුර අඩු කරගන්න පුළුවන් නිසා මේ විදියට විල් අයිස් බවට පත්වුණාම යනවා කියලයි කියන්නේ. අඩි හතරක් ඝනකම ඇති අයිස් තට්ටුවකට ජෙට් යානයක් වුනත් දරාගන්න පුළුවන් නිසා මෙය එතරම් පුදුමයක් නෙවේ.
මෙම විල් සමස්ත ලෝකයේම කාලගුණ තත්වයට බලපෑම් කරන බව පරිසර විද්‍යාඥයෝ පවසති. අනෙක් සියලු ජල මුලාශ්‍ර මෙන්ම මෙම විල්වල ජලයද දුෂණය වෙමින් පවතියි.
(පොතපතින්, අන්තර්ජාලයෙන් )
සමහර පින්තුර අන්තර්ජාලයෙන්
http://news.nationalpost.com/toronto
කුඩා කාලයේ සමාජ අධ්‍යයනය පාඩමේ උගත් පංච මහා විල් මතකයට ආවා..අනර්ග විස්තරයක්..නම් වූ රුපවාහිනි වැඩසටහන්දී සහිත කාලයේ මේ විල් හරහා ගමන් කරන විශාල බඩු ප්‍රවාහන ට්‍රක් රථවල රියදුරන්ගේ ඇත දැකීම නරඹා තිබුනත් මේ තරම් විස්තරයක් දැන සිටියේ නැහැ..ලොව වටා විවිධ විෂයන් ගැන දැනුම වඩන ''රසුදැලට'' උණුසුම් සුබපැතුම් සමඟ මේ අගනා විස්තරයට තුති..
ReplyDeleteඅත්තම්මාටත් තුති මේ පැත්තෙ ගොඩවුනාට
Deleteස්තුතියි දිගටම ලියන්න, බ්ලොග් එක සින්ඩිකේටර වලට දාන්න.
ReplyDeleteහොඳ විස්තරයක්. ඒත් හිම උඩ ට්‍රක් රථ යනවා කිව්වහම නම් බය හිතුනා.
ReplyDeleteඒක භයානකයි. මැදදී ගිලෙන්න වුනත් පුළුවන්. අයිස් තට්ටුවේ ඝනකම ගැන හා පැලුම් ගැන නිසි අවබෝධයක් තියෙන්න ඕන.
Deleteela
ReplyDeleteඑල විල්.
Delete💦
ReplyDelete🙂
DeleteNomal Goid
ReplyDelete