කෙනෙක් අපිට කිති කැව්වම හිනා යන්නෙත්, අපිට තනියම කිති කවාගෙන හිනාවෙන්න බැරිත් ඇයි ?
සතුටකට, විනෝදෙකට අන් අය එක්ක හිනා වීමත්, කිති මගින් හිනායාමත් එකක්මද?
මේවා හොයන්න ජර්මනියේ ටියුබින්ගෙන් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ඇලන් හර්ච් හා කණ්ඩායමක් කල පර්යේෂණයකදී අපුරු තොරතුරු හෙළිදරව් වෙලා.
තිස් දෙනෙක් යොදාගෙන කරපු මේ පර්යේෂණයේ දී විහිළුවකට හිනාවෙනකොට මොලයේ ක්‍රියාකරන ස්ථානත්, කිති කවද්දී හිනාවෙනකොට ක්‍රියාකරන ස්ථානත් තරමක වෙනස් බව සොයාගත්තා.
සතුටකට හිනවෙද්දී මොලයේ Rolandic operculum කියන ප්‍රදේශය ක්‍රියා කරනවා. කිති කැවීමකදිත් මේ ප්‍රදේශය ක්‍රියා කරනවා. ඒකයි හිනායන්නේ. හැබැයි, කිති කැවීමකදී ඊට අමතරව මොලයේ හයිපොතැලමස නම් ප්‍රදේශයද ක්‍රියාකරන බව ඔවුන් නිරීක්ෂණය කළා.
හයිපොතැලමස යනු බඩගින්න, මහන්සිය, භයානක දෙයකට මුහුණ දීමේදී කළයුත්ත තීරණය වැනි වේදනාත්මක අවස්ථාවල දී උත්තේජනය වන තැනක්.
සාමාන්‍යයෙන් අපට කිති දැනෙන්නේ ගෙල, බඩ වැනි ශරීරයේ දුර්වල ස්ථාන මගිනුයි. මේ දුර්වල ස්ථාන ආරක්ෂා කිරීමට මොලය ප්‍රමුඛතාව දෙනවා. ඒ කියන්නේ කිතිකැවීම සිරුරට තර්ජනයක් ලෙස මොලය දකිනවා. තර්ජනයක දී මුහුණ දීම හෝ පලා යාමට මොලයෙන් අණ කරනවා. මුහුණ දීමේත් දෙවිදියක්. නිර්භීතව හෝ යටත්ව. ඒ අනුව, සිනාසීම යම් යටහත් බවක් දක්වන ආරක්ෂාකාරී යාන්ත්‍රණයක් ලෙසයි ක්‍රියාවට නැගෙන්නේ.
තමන්ටම කිති කවාගෙන හිනාවෙන්න බැරි ඇයි කියන එකත් මෙයින් පැහැදිලි වෙනවා. මොලය එයින් තර්ජනයක් නැතිබව හඳුනාගන්නවා.
කිතිය, මානව පරිණාමයේදී ස්වයං පරික්ෂාකාරීබව වර්ධනය කරන්නට උපයෝගී කරගන්නට ඇතිබවයි අනුමාන කරන්නේ. පැරණි මානවයා දරුවන් කිතිකවා ඔවුන්ව භයානක අවස්ථාවන්ට ඉක්මනින් ප්‍රතිචාර දක්වන්න පුහුණු කරන්න ඇති. සතුන්, තම පැටවුන් කිති කවමින් කරන්නෙත් මෙවැනි පුහුණු කිරීමක් විය යුතුයි.
රසුදැල් හඬවන්න උදව්:
braindecoder.com
braindecoder.com
Researchers-discover-laugh-tickled
-.dailymail.co.uk
පින්තුර අන්තර්ජාලයෙන්
හතර හිනා දැම්මට හිනා වෙන්නේ කොහොමද කියලා කවදාවත් හිතුවේ නැහැනේ..හැබැයි අනුන්ට හිනා වෙන එක සහ පස්ස පැත්තෙන් හිනා වෙන එක මෙතන කියවිලා නැහැ නේද? :D :D ;) :p :p
ReplyDeleteනෑ නොවෙන්නම්. ඒව විද්‍යාවට අහුවෙන්නෙ නෑ මා හිතේ
Deleteහොඳ අදහස් ටිකක්
ReplyDeleteස්තුතියි
Delete