Friday 30 December 2016

කාලගුණ අනාවැකි කියන පරිසරය

     

උදේ මොණරු නටනවා දැක්ක කැලේ ගල උඩ .. අදනම් වහී ...පිනි වැටිලා තියෙන්නේ.. දවල්ට හොඳට පායයි ...වැහි ලිහිණි පහතින් කෑ ගගහ පියාඹන්නේ ..වැස්ස අල්ලයි වගේ,..ඉස්සර මේ වගේ කියමන් නිතර ඇසුනේ මිනිසුන් සොබා දහම ගැන විමසිලිමත් වූ නිසයි. පරිසරය අනාගත කාලගුණ වෙනස්වීම් සඳහා සුදානම් වන විදිය ඔවුන් දුටුවා.

දැඩි සීතලත්, තද හිම කුණාටු වලිනුත් පීඩා විඳින උතුරු අර්ධගෝලයේ ඉහලින් පිහිටන රටවල මිනිස්සු ඉස්සර ඒ තත්ත්ව වලට කල්තියා සුදානම් වුනේ කොහොමද කියල බැලුවම අපි වගේම සත්තු හා ගස් දිහා බලලා ඒ හැසිරීම් අනුව තමයි ඔවුනුත් කලින් ඒව දැනගෙන තියෙන්නේ..තද සිත කාලේ තියෙන්නේ දෙසැම්බර් ඉඳන් මාර්තු වෙනකල්. 
සැප්තැම්බර් මාසෙ ඉඳලම ලේන්නු ඇට වර්ග, අල වර්ග එකතු කරනවානම්,තද සීත කාලයක් ඉදිරියේ එන බව දන්නවා..කුරුල්ලෝ බෙරිගස්වල ගෙඩි ඉවර වෙනකල්ම කනවනම්, මකුළුවෝ යෝධ දැල් වියනවානම් දිග සීත කාලෙක පෙරනිමිති..
දළඹුවන් ගේ බූව ඉතා දිගු වීමත් තද සීත කාලයක් බවට ඉඟි කරනවා.
දකුණු දිගට සංචාරය කරන පක්ෂීන් නැවතෙමින් විවේක නොගෙන දිගටම පියාසර කිරිමත් පෙන්වන්නේ ළඟ එන තද සීත කාලයක්...මී මැස්සෝ, හාවෝ, කුරුල්ලෝ පෙනෙන්න නැත්නම් ඒ සතුන් සීත නැති පළාත් හොයාගෙන ගිහින් හෝ සැඟවිලා. බල්ලෝ, බළල්ලු, ලේන්නු, අස්වයෝ, හරක් වගේ ලෝම තියෙන සත්තුන්ගේ බෙල්ල වටේ, වලිගෙ වැඩිපුර ලෝම වැඩෙන්න පටන් ගැනීම තවත් ලක්ෂණයක්.

වතුර පාරවල් අයිනේ ජීවත්වෙන බිවර් කියන සතාත්, මස්ක්රැට් කියන මීයත් නිරීක්ෂණයෙන් සීත කාලෙ ගැන කියන්න පුළුවන්.
බිවරයා වතුර පාරවල් හරස් කරලා වේලි හදන කෙනෙක්.එයාගේ කූඩුව වැඩිපුර කොට කැලි, කෝටු ගෙනත් හදනවනම් හා ඒ වේල්ලේ උතුරු කොටස වැඩිපුර කෝටු දාල ආවරණය කරනවනම් එන්නේ අසීරු ශීත කාලයක්..

බීවර ගෙදර 
Little House කතා මාලාවේ (මෙය ගංගා නිරෝෂනී තැනිතලාවේ පුංචි නිවස ලෙස පරිවර්තනය කළා ) The Long Winter පොතේ මෙහෙම තියනවා..
"Laura put her hand on the wall of their house. The coarse plaster was hot in the hot wind and sunshine, but inside the thick mud walls, in the dark, the air must be cool. She liked to think of the muskrats sleeping there. Pa was shaking his head, "We're going to have a hard winter," he said, not liking the prospect.
 "Why, how do you know?" Laura asked in surprise.
 "The colder the winter will be, the thicker the muskrats build the walls of their houses," Pa told her. "I never saw a heavier built muskrat's house than that one." Laura looked at it again. It was very solid and big. But the sun was blazing, burning on her shoulders through the faded, thin calico and the hot wind was blowing, and stronger than the damp mud smell of the slough was the ripening smell of grasses parching in the heat. Laura could hardly think of ice and snow and cruel cold. " ~ p. 12""
muskrat ගුහාව 

මස්ක්රැට්‍ උගේ ගුහාව ඝනව හදල තියනවා දැකල තමයි දිග කටුක සිත කාලයක් එන බව දැනගෙන ලෝරලා තරමක් පහසු ගෙදරකට යන්නේ..
muskrat 


පොලවේ දිග ගුහාවල් හාරගෙන ඒක ඇතුලේ රංචුවම ගුලිවෙලා සීත කාලේ තරණය කරන ග්‍රවුන්ඩ්හොග් නිසා ඇමරිකානු වැසියන්ට නිවාඩුවකුත් ලැබෙනවා..මේ සතා පෙබරවාරි දෙවෙනිදට එලියට ඇවිල්ල තමන්ගේ හෙවනැල්ල බලනවා.ඉර පායල හෙවනැල්ල දැක්කොත් වසන්තය එන්න තව කල් තියනව කියල ආයේ ගුහාවට ගිහින් නිදා ගන්නවා කියලයි කියන්නේ... :  එතකොට වසන්තය තව සති 6ක් පමා වෙනවා කියල ඇමරිකානුවෝ දුක් වෙනවා...(හැබැයි කොහොමටත් වසන්තය උදාවෙන්නේ ඉන් සති හයකට පස්සේ එළඹෙන මාර්තු 21 තමයි ) 
ground hog



පයින් ගසුත් වැඩිපුර ඵල නිපදවනවා වගේම ඒ ඵල විශාලයි. ඉරිඟු කොලපු, ළුණු පොතු වගේම ලේන්නු කන එක්රෝන් ගෙඩියේ පොත්තත් ඝනට හැදෙනවා ඉදිරියට එන්නේ තද සීත කාලයක්නම්.


මේ සතුන්ගේ හැසිරීමට හා ශාකවල වෙනස්කම්වලට යම් හේතුවක් පදනමක් තියනවා. පදනම් නොදැක්කත් නිරීක්ෂණ අනුව නොවරදින අනාවැකි දැනගත් මුතුන් මිත්තෝ සුදානම් සරිරෙන් ඒ කාලෙට මුහුණ දෙන්න ඇති.



රසුදල හැඬවීමට උදව් :
The Long Winter - Laura Ingles Wilder 
The Ancient Art of Weather 
"Old Indian Ways" of predicting weather - Randy A. Peppler

No comments:

Post a Comment