මාස 5,6 ක කාලයක් පමණක් මල්වල අසිරිය දකින සීත රටවල මල් වර්ග ගැන ඔයාල එක්ක බෙදාගන්න හිතුණා. උත්තර අර්ධගෝලයේ ඉහලින් පිහිටන රටවල දෙසැම්බර් සිට මාර්තු දක්වා 0C ට අඩු දැඩි සීතලත්, සමහරවිට හිම පතනයත් නිසා එළිමහනේ මල් දකින්න නැහැ. මැයි සිට ඔක්තෝබර් දක්වා විතරයි එළිමහනේ ස්වභාවික මල් වවන්න පුළුවන්.
මල් පැල හැදෙන විදිය අනුව වර්ග දෙකකට බෙදන්න පුළුවන්.
1. පෙරනියල් හෙවත් බහු වාර්ෂික - සෑම අවුරුද්දෙම නැවත නැවත වැවෙන ශාක. මේවා ශීත කාලයෙන් පසුව ඉබේම පැල වේ.
2, ඒක වාර්ෂික - එක වසරක් පමණක් හැදෙන අතර නැවත ඊළඟ වසරේ මතුවන්නේ නැත.
මෙයින් බහුවාර්ෂික ගස් නැවත වර්ග කිහිපයකට බෙදිය හැකිය.
i.) ශීත කාලයට පෙර ගස සම්පුර්ණයෙන්ම මිය යන නමුත් පස යට ඇති අල මගින් කාල තරණය කර, වසන්තයේ සිට නැවත දළු ලා හැදෙන ශාක
උදා : ටියුලිප්, ඩේලියා, ඩෑෆඩිල්, ක්‍රොකස්
ii. ශීත කාලයට කොළ හැලි ඉපල් පමණක් ඉතිරි වී, හිම දියවූ පසු නැවත දළු ලා වැඩෙන ශාක
උදා. රෝස, හයිඩ්රෙන්ජිය, සකුරා, ඩියන්තස්
iii. ශීත කාලයට සම්පුර්ණයෙන් මිය යන බව පෙනෙන මුත් වසන්තයේදී නැවත දළුලා වැඩෙන ශාක
උදා. කපුරු, පියෝනි, ඩේසි ,ලිලී වර්ග
iv. ශීත කාලයට පෙර පසට බිජ එකතු කර මියයන ශාක. එම බිජ කාල තරණය කර වසන්තයේ හා ගිම්හානයේ පැල වීම
උදා. දාස්, සිනියාස්, වද වර්ග, කොලොම්බියන්
ඒක වාර්ෂික ශාක හිම පතනයත් සමග සම්පුර්ණයෙන්ම මිය යනවා. නැවත පැලවීමක් දකින්න ලැබෙන්නේ නැහැ. මේවායේ ඇට රැස්කර තබාගෙන වසන්ත කාලයේ පැල වෙන්නට දැමිය හැකිය.
උදා . පෙටුනියා, මෝනින් ග්ලෝරි, සිංහමුඛ වර්ග
ජෙරනියම් වැනි ඒවා නිවෙස් තුලට ගෙන ආලෝකය ඇති තැනක කෘතීම උෂ්ණත්වයේ පවත්වා ගෙන තබාගත හැකිය. පිච්ච වර්ගත් එහෙම ආරක්ෂා කරගන්න පුළුවන්.
මේ මල්වර්ග පැලවුනාට එකවර එකම කාලෙක මල් එන්නේ නැහැ. මැයි මාසේ මුලින්ම පිපෙන්නේ ටියුලිප්. ඉන්පසු ඩෆඩිල්, අයිරිස්, චෙරි මල් පිපෙනවා.
රෝස, පියෝනි ස්වාභාවිකව පිපෙන්නේ ජුනි මුල. රෝස නොවැම්බර් දක්වාම දිගටම මල් පිපුනත්, පියෝනි ජුලි වෙද්දීම මල් පිපිලා ඉවරයි. ලිලි පිපෙන්නේ ජුනි අග. මේ ඔක්කොම ජාති ඉවරවෙලා අන්තිමට පිපෙන්නේ කපුරු.
කපුරු මල් පරවෙන කාලේ වෙනකොට සීත කාලේ ඇවිල්ල ඉවරයි.
මේ පින්තුරවල තියෙන්නේ මේ වසරේත්, පසුගිය වසරවලත් මගේ මල් පාත්තිවල හා පෝච්චිවල හැදුනු මල්.
daffodil |
උදා. රෝස, හයිඩ්රෙන්ජිය, සකුරා, ඩියන්තස්
dianthus |
iii. ශීත කාලයට සම්පුර්ණයෙන් මිය යන බව පෙනෙන මුත් වසන්තයේදී නැවත දළුලා වැඩෙන ශාක
උදා. කපුරු, පියෝනි, ඩේසි ,ලිලී වර්ග
Pioni |
iv. ශීත කාලයට පෙර පසට බිජ එකතු කර මියයන ශාක. එම බිජ කාල තරණය කර වසන්තයේ හා ගිම්හානයේ පැල වීම
උදා. දාස්, සිනියාස්, වද වර්ග, කොලොම්බියන්
ඒක වාර්ෂික ශාක හිම පතනයත් සමග සම්පුර්ණයෙන්ම මිය යනවා. නැවත පැලවීමක් දකින්න ලැබෙන්නේ නැහැ. මේවායේ ඇට රැස්කර තබාගෙන වසන්ත කාලයේ පැල වෙන්නට දැමිය හැකිය.
උදා . පෙටුනියා, මෝනින් ග්ලෝරි, සිංහමුඛ වර්ග
පෙටුනියා |
ජෙරනියම් වැනි ඒවා නිවෙස් තුලට ගෙන ආලෝකය ඇති තැනක කෘතීම උෂ්ණත්වයේ පවත්වා ගෙන තබාගත හැකිය. පිච්ච වර්ගත් එහෙම ආරක්ෂා කරගන්න පුළුවන්.
මේ මල්වර්ග පැලවුනාට එකවර එකම කාලෙක මල් එන්නේ නැහැ. මැයි මාසේ මුලින්ම පිපෙන්නේ ටියුලිප්. ඉන්පසු ඩෆඩිල්, අයිරිස්, චෙරි මල් පිපෙනවා.
රෝස, පියෝනි ස්වාභාවිකව පිපෙන්නේ ජුනි මුල. රෝස නොවැම්බර් දක්වාම දිගටම මල් පිපුනත්, පියෝනි ජුලි වෙද්දීම මල් පිපිලා ඉවරයි. ලිලි පිපෙන්නේ ජුනි අග. මේ ඔක්කොම ජාති ඉවරවෙලා අන්තිමට පිපෙන්නේ කපුරු.
කපුරු මල් පරවෙන කාලේ වෙනකොට සීත කාලේ ඇවිල්ල ඉවරයි.
මේ පින්තුරවල තියෙන්නේ මේ වසරේත්, පසුගිය වසරවලත් මගේ මල් පාත්තිවල හා පෝච්චිවල හැදුනු මල්.
Jayaweawaa
ReplyDeletewewa wewa!!
ReplyDeleteබුද්ධිණී, කැනඩාවේ මල් වර්ග සහ ඒවායේ ජීවවිද්‍යාත්මක පැවැත්ම ගැන හොද විස්තරයක්, ඇයගේ රසුදැල් බ්ලොග් එකේ සපයා තිබෙනවා. මල් පැළවල උපත-විපත-පුනරාගමනය පිළිබද අදහස්, මිනිසාට මිනිසා ගැනත් තවදුරටත් සිතන්නට මග පාදා දෙනවා. එහි ඡායාරුපත් ඉතා පැහැදිලියි. විශිෂ්ටයි. මැයි-ඔක්තෝබර් කාලයේ පමණක් මල් වැවෙන බව දැන ගත් විට කනගාටුවක් ඇති වුණා. හැම දා ම වවන්න පුඵවන් නිසා, ශ්‍රී ලංකාවේ අපි මල්වලට දක්වන උනන්දුව මදි ද කියලා හිතෙනවා.
ReplyDeleteමටත් කැනඩාවට ආවම ඒකනම් හිතුණා. මෙහෙ මල් ගැන අගේ වැඩිත් ඒකයි.
Deleteමේ සුන්දර සටහන දුටුවේ දැන්. ඇ.එ.ජ. දකින්න තියන දැවැන්ත රෝස පොකුරු පිපෙන මල් වර්ග හමුවුනේ නැතිද?
ReplyDeleteතියනවනේ. ගෙවත්තේ මේ වසරේ පිපුණු රෝස මල් පින්තුරයක් ඔන්න ඉහලින්ම එකතු කළා.
Delete