Thursday, 19 January 2017

සීත රටවල පලතුරු 1: ඇපල්, පෙයාර්ස්, චෙරි

සීත රටවල හැදෙන මල් ඒක වාර්ෂික, බහු වාර්ෂික කියල කොටස් දෙකකට බෙදුනත්, පළතුරු බොහෝවිට බහු වාර්ෂිකයි. ඒ කියන්නේ ගස් සීත කාලයේ මිය නොයා, කාලතරණය කර ජිවත් වෙමින් හැම අවුරුද්දෙම ඵල ලබාදෙනවා. සමකය ආසන්න රටවල වගේම එක ගසකින් වර්ෂ ගණනක් ඵල ලබාගන්න පුළුවන් බොහෝකොටම පල එන්නේ ගිම්හාන කාලෙට විතරයි.
උතුරු අර්ධගෝලයේ මේ කාල ගැන කෙටි විස්තරයක් කලොත්,..,
ගිම්හාන කාලය කියන්නේ ජුනි, ජූලි, අගෝස්තු මාස . පරිසර උෂ්ණත්වය ලංකාවේ වගේ 25 C ට වැඩියි. පැය 14- 16 පමණ ඉර එලිය ලැබෙනවා. ඒ කියන්නේ දවසින් වැඩි හරියක් ඉර පායලා.  ගස් හොඳට වැවිලා ඵල හටගන්නා කාලයයි.

සැප්තැම්බර් සිට නොවැම්බර් සරත් ඍතුවේදී  උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වේගන යනවා. සාමාන්‍ය උෂ්ණත්වය 10Cත්  23Cත් අතර. මේ කාලේදී ගස්වල කොළ හැලෙනව.  ඊළඟට සීත කාලේ දෙසැම්බර් සිට පෙබරවාරි අග වෙනකල්. 10C ට අඩු උෂ්ණත්වය. සමහර ප්‍රදේශවල ඍන අගයන් ගන්න අතර හිම වැටීමත් සිදුවෙනවා. බොහෝ ගස් කොළ නැති ඉපල් වගේ තියෙන්නේ. ඊළඟට එළඹෙන වසන්ත කාලේදී නැවත උෂ්ණත්වය ඉහල යන අතර වර්ෂාව ලැබෙනවා. ගස්වල දළු දානවා. මල් පිපෙනවා.

සීතලට ඔරොත්තු දෙන පලතුරු මොනවද බැලුවොත්..., ඇපල් , පෙයාස්, මිදී , චෙරි, ප්ලම්ස්, කිවි, බෙරී වර්ග, අප්‍රිකට්, පීච්, නෙක්ටරින් හා කජු වර්ග.
මේ ආවේනික වර්ග වලට අමතරව දෙළුම් හා දොඩම් වර්ග දැන් වගා කරනවා. ඍන 20ට වඩා  අඩු උෂ්ණත්වයේ වැඩි දින ගණනක් තියන ප්‍රදේශවල, ඒ කියන්නේ උතුරු අර්ධගෝලයේ ඉහලින්ම පිහිටන ප්‍රදේශවල.. පලතුරු හදන්න අමාරුයි.
මේ හැම පලතුරටම හැදෙන්න සුදුසු පසක් වගේම සුදුසු කාලගුනයකුත් ඕන. හරිද කියල නොදන්නවා වුනත් පලතුරු වවන අය අතර ප්‍රසිද්ධ කියමනක් තියනව 'cold required before fruit ; පලතුරු හටගැනීමට පෙර සිතල අවශ්‍යයි' මේ රටවල ඉතින් ස්වාභාවිකව එය ලැබෙන නිසා ප්‍රශ්නයක් නැහැ.

අපේ අඹ වගේ මේ හැම පලතුරකම විවිධ වර්ග තියනව. ඒ කියන්නේ එකම පළතුරේ විවිධ වර්ණ, විවිධ රස, විවිධ විශාලත්වයෙන් යුතු වර්ග. ඒ වගේම විවිධ ප්‍රමාණයේ ගස් හැදෙනවා.

ඇපල් : වැලි සහිත ලෝම පසේ හැදෙන්නේ. කුරුගස්, බද්ධ ගස් වගේම අඩි 15-20 විශාලව හැදෙන ගසුත් තියනව. පලවල රසත්, වර්ණයත්,  විවිධයි. සාමාන්‍යයෙන් ගෙඩි එන්නේ ජුලි සිට සැප්තැම්බර්.


ස්වාභාවිකව හැදෙන විදිය බැලුවොත් ගෙඩි ඉදිලා වැටිලා ඇට පැල වෙන්නේ ඔක්තෝබර් නොවැම්බර් කාලේ. සීත කාලේ තරණය කරලා වසන්ත වැස්සට දළු දාල හැදෙනවා. කුරු හා බද්ධ ගස්නම් අවුරුදු 2,3 කදීත්, විශාල ගස්නම් අවුරුදු 8,9 කදීත් ඵල දරන්න පටන් ගන්නවා. ඒ හැම ගසක්ම සිත කාලයේදී කොළ හලලා ඉපල් වෙලා වසන්තයේදී දළු දානවා.
කෘතිමව පැල කරද්දී ඇට ශීතකරණයේ හෝ සිසිල් තෙත් තැනක තියල වසන්තයේ තමයි පැල කරන්නේ. ගහ හැදුනට පස්සේ එන මුල්ම සිත කාලේ ගෝනි වැනි රෙදි වලින් වහල ආරක්ෂා කරනවා. ඊට පස්සේ ගහ සීතලට ඔරොත්තු දෙනවා. අවුරුදු 4,5කට පස්සේ වාර්ෂික කප්පාදුව පටන් ගන්නවා. හොඳට ඵල දෙන ගස්වල අතු බැඳීමෙන් පැල ලබා ගැනීම තමයි වඩා සාර්ථක ක්‍රමය වෙන්නේ.

අස්වැන්න ලැබෙන්නේ කෙටි කාලයක් නිසා විවිධ ක්‍රමවලට කල් තියා ගන්නවා. සිත කිරීමයි පහසුම. ජූස්, සෝස්, ජෙලි හැදීමට අමතරව වියලා කල් තියාගන්නවා. ටින් කිරීමත් කරනවා. ඇපල් සයිඩර් විනාකිරි කියල දෙයක් හදනවා.

පෙයාස්: ඇපල් වගේ  වැලි මිශ්‍ර ලෝම පසේ හැදෙන්නේ. ප්‍රධාන වර්ග දෙකයි. කන්නේ ඩෙසර්ට් පෙයාස්. උයන ඒවා cookers. තව වර්ග තියනව. කුරු ගස් වගේම අඩි 30ක් විතර උසට හැදෙන ගස් තියනව. පැල වුනාට පස්සේ එතරම් සාත්තුවක් ඕනේ නැති ගහක්. පෝර වැඩි වුනොත් ලෙඩ  වෙනවා කියලයි කියන්නේ. ජුනි මාසේ මල් හැදිලා අගෝස්තු,සැප්තැම්බර් තමයි ගෙඩි කඩන්න පුළුවන්.ඉදෙන්න පෙර තදට තිබියදීම කඩන එක තමයි සුදුසු.ස්වාභාවිකව ඇට පැල වෙන්නේ සරත් ඉර්තුව අග හරියේ. ඇට මගිනුත්,අතු බැඳීමෙනුත්,බද්ධ කිරීමෙනුත් හොඳ පැල ලබාගන්න පුළුවන්.
ශීත කරලත්,freeze කරලත් කල් තියාගන්න පුළුවන්.සිනි හෝ දෙහි වතුර දමා බෝතල් කිරීමත්,ටින් කිරීමත් කරනවා.චට්නි සැදීමත් tart සැදීමත්,අවන් එකේ රෝස්ට් කිරීමත් කල් තිය ගැනීමේ තව ක්‍රම

චෙරි: ලෝම පසේ තමයිතමයි සරුවට හැදෙන්නේ. ඇඹුල් හා පැණිරස වර්ග තියනව. වැඩුණු ගසක් අඩි 20, 30 උස වෙන්න පුළුවන්. මැයි මාසේ ගහ පිරෙන්න ලස්සණ සුදු/රෝස මල් එනවා.
ඊට පස්සේ දළුයි, ගැටයි එන්නේ. ජුලි මාසේ මුල් සති දෙක ඇතුලත ගෙඩි හැදිලා ඉවර වෙනවා. ගෙඩි එක දෙක වැටෙන්න ගන්නකොටම නෙලන්න ඕන. සතියෙන් දෙකෙන් ඔක්කොම වැටිලා ඉවර වෙනවා.
සරත් කාලය මුලදීම ඇට පැල වෙන්න ගන්නවා. පැලවෙලා අවුරුදු පහකින් විතර ගෙඩි හැදෙන්න ගන්නවා. කෘතිමව පැල කරන්න නම් ඇට හොඳින් සුද්ද කරලා ශීතකරණයේ මාස තුනක් තියන්න ඕන. මාර්තුවල පස බුරුල් වෙද්දීම පැල බිම්ගත කරන්න ඕන.
ශීත කිරීමෙන් සතියක් විතර කල් තියාගන්න පුලුවන්. ලුණු වතුරේ දාල බෝතල් කිරීමත්, ටින් කිරීමත් කරනවා. ඇඹුල් චෙරි වඩා සුදුසු ජෙලි, ජූස් හෝ ජෑම් හැදීමෙන් කල් තියා ගැනීමයි.

මෙම පලතුරු මහා පරිමාණයෙන් වවන අය ලොකු වතු (orchard) හදන්නේ . නෙලීම සඳහා පළපුරුදු නෙලන්නන් උපයෝගී කරගන්නේ.
වෘත්තිමය ඇපල් නෙල 
අවශ්‍ය පමණට ඵල ලබාගත්තට පස්සේ සාමාන්‍ය මහජනයාට ගිහින් පලතුරු කඩාගන්න දෙනවා. apple / pear / චෙරි picking කියල කියන්නේ. මුදලක් ගෙවල ලබාගන්න කූඩ පිරෙන්න කඩාගෙන, ඇති තරම් කාල එන්න පුළුවන්.

පෙයාස්  නෙලීම 








චෙරි කඩන්න ජුලි මාසෙත්, ඇපල් හා පෙයාස් කඩන්න සැප්තැම්බර්, ඔක්තෝබර් මාසවලත් තමයි යන්න ඕන..

ඡයාරූප අන්තර්ජාලයෙන්

රසුදැල් හඬවන්න උදව් :
professor Murray
කල්‍යාණි ඇතුළු යාළුවන්
පොත් පත්

15 comments:

  1. හපොයි මන් ඔහේ හිටියනම් ඔය වතු වලම තමයි ඉතින්

    ReplyDelete
    Replies
    1. ඒත් ඉතින් කී දවසද ඵල තියෙන්නෙ. මේකාලෙ ආවොත් රස්තියාදුට දර ඉපල් තමා කන්න වෙන්නෙ

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  2. එච්චරද වෙන මොකවත් නැද්ද

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ තරම් වර්ග නැතිවුනත් තව තියනව. ආයෙ ලියන්නම් දෙවෙනි කොටස.

      Delete
  3. ඇපල් සයිඩර් සහ පෙයාර්ස් සයිඩර්වලට හොඳ ඉල්ලුමක් තියෙනවා බොන අයගෙන්. ඇපල් වැටිලා කුණුවෙලා යන කාලෙට නම් හරි කරදරේ නේද....ඇපල් උයාගන්න පුලුවන් අඹ, ඇඹරැල්ලා හදන විදිහටම.

    ReplyDelete
    Replies
    1. ඊලඟ වාරෙ උත්සාහ කරන්න ඕනෙ උයන්න

      Delete
  4. ස්තූතියි බුද්ධිනි අපූරු විස්තරයට.. ඔය වගේම ඉර්තු විපර්යාසය සිදුවෙන මන් ඉන්න එංගලන්තයේත් ඔය පලතුරු සේරම වැවෙනවා.. ඉර්තු විපර්යාසය තමයි මේ පලතුරු වලට ප්‍රධානවම අවශ්‍ය.. උදාහරණයකට ගත්තොත් ශිත ඉර්තුවේ කොළ හැලෙන ගස් වලආයිත් කොළ එන්නේ සරත් ඉර්තුවේ (spring ) උෂ්ණත්වය වැඩි වෙගෙන යද්දී..සෙ ග්‍රේ 8-10ක් විතර වෙද්දී..ඊළඟට මල් හැදෙන්නේ සේ ග්‍රේ 12-15ක් විතර වෙද්දී..පුංචි ගෙඩි එන්න සේ ග්‍රේ 20ක් විතර වෙද්දී..

    වැඩිය රස්නේ වුනත් රස්නේ ඕන ගානට වඩා අඩු වුනත් හොඳ පල ලැබෙන්නේ නැහැ.. ඉතින් ශීත රටවල පලතුරු වල ක්‍රියාදාමය මන් හිතන්හිටියට වඩා බොහොම සංකීර්ණයි කියල තේරුනේ කාලයක් ගිහින්..

    මේ හේ මිනිස්සු රස්නේ කාලෙට කෙසෙල් පැල හිටවනවා.. නමුත් කවදාවත් ගෙඩි එන්නේ නැහැ.. ඒ විදියට වවපු අගේ යාලුවෙකුගේ ගෙදර ලොකු කෙසෙල් පඳුරක් තියෙනවා.. කොළ හැදීගෙන එනකොට ශීත කාලය එනවා.. මැරිලා යනවා.. ආයිත් පොලව යට තිබිලා ඊළඟ ස්ප්‍රින් එකේ එනවා.. කොහොම හරි යාළුවගේ වත්තේ එක පාරක් කෙහෙල් මලක් ආවා.. එත් ගෙඩි නැහැ..ඔක්කොම පුස්.. අසාර්ථක උත්සාහයක්..දේශගුණය තමයි..බොහොමයක් වගාවන්ට මුලික වෙන්නේ..

    ලිපිය හරිම වැදගත් , ඒ වුනත් කියන්න ඕනේ යමක්, අපිට මොන තරම් පලතුරු වර්ග තියෙනවද? සමහර ඒවා දැන් සම්පූර්ණයෙන්ම වඳ වේගෙන යනවා.. ඩොන්ග සැපතිල්ලා මසන් වගේ ඒවා.. දකින්නත් නැහැ.. ඒවා මේ ඇපල් ළඟින්වත් තියන්න පුලුවන්ද? අපේ රටේ පලතුරු වලට් මේ පලතුරු අහලින් වත් තියන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. /////අසාර්ථක උත්සාහයක්..දේශගුණය තමයි..බොහොමයක් වගාවන්ට මුලික වෙන්නේ.. ////////

      දැන් බලන්න ලමයෝ....ඔය කෙසෙල් නේ. මට අපූරු අත්දැකීමක් ලැබුනා. ඇහැට දැක්කා. ඒත් එංගලන්තේ. වැඩි විස්තර නොකියා ඉන්නම්. ඒක ගෙයක් ඇතුලේ කරන ප්‍රෆෙශනල් ගෘහස්ථ ගංජා වගාවක්. මම මේ කියන්න හදන්නේ නරක දේවල්වලට මිනිස්සු දේශගුනේටත් දෙන ගේම්ස්.

      සීරියස් වැඩක්. ඒ කෙනෙක් මගේ හිතවත්කමට එක්කන් ගියා. මට ආපු ගොන්කම කියලත් හිතුනා. ඒ වෙලාවේ රේඩ් කරානම් එහෙම. හැබැයි ඒ අත්දැකීම වැදගත්.

      අපේ පලතුරු, ගඩා ගෙඩි මතක්වෙනකොට පිස්සුයි වගේ. ඒ ගැන වෙනමම ලිපි පෙළක් ලියන්න ඔබ බ්ලොග් ලියන කෙනෙක් නම්. මම එවන් බොහෝ පලතුරු දැකපු මිනිහෙක්.

      ඕමානය වගේ රටවල් එලවලු, පලතුරු හදපු හැටි පුදුමත් හිතෙනවා. බොකොලි, කෝලිෆ්ලවර්. ස්ට්‍රෝබෙරි පවා හැදුවා. මම දැකලා තියෙනවා. ඒ වගාවන් එන කාලෙට හොලන්ඩ් වලින්, එංගලන්තෙන් එන ඒ ප්‍රඩක්ට්ස් නවත්වනවා. මේ කියන්නේ මීට අවුරුදු විසිපහකට විතර පෙර. දැන් කොහොමද මන්දා.

      Delete
    2. බොකොලි---brocolli.

      Delete
    3. අරුණ, රේණුගෙ බ්ලොග් එක දැක්කෙ නැද්ද ? www.aththammageathbeheth.blospot.com ඔයා බොහොම ආස වෙයි

      Delete
    4. ගන්ජා වගාවනම් මෙහෙත් බේස්මන්ට්වල සැපට කෙරෙනවලු. එක කැනේඩියානුවෙක් ග්‍රීන් හවුස් එකක කෙසෙල් වගේ සමකය ආසන්න රටවල පලතුරු හදනව

      Delete