අපුර්ව ඉංජිනේරු විස්කමක් වන, කැනඩාවේ ජාතික සංඛේතයක් බඳුව භාවිතා කරන, ටොරොන්ටෝ නගරයේ පිහිටි Canadian National Tower හෙවත් CN Tower, බුරාජ් ඩුබායි හදන තුරුම ලෝකයේ උසම කුලුණ ලෙස පැවතුනා. 1995දී ලෝකයේ ඉංජිනේරු විශ්මයක් ලෙස නම් කෙරුණු මෙහි උස මිටර් 553 හෙවත් අඩි 1815කි.
ටොරොන්ටෝ නගරයේ ඔන්ටාරියෝ විල ආසන්න බිමක 1973දී ඉදිකිරීම් ඇරඹුණු මෙම කුලුන නිම කරන්න මාස 40ක් ගතවී තිබෙනවා. විවෘත කළේ 1976දී.
මේ කුළුණ ආරම්භයේ සිට අවසානය දක්වා සෑදු අන්දම විස්තර මේ website එකෙන් බලන්න පුළුවන්. ඉහලම තියන සුදුපාට කොටස සවි කරල තියෙන්නේ හෙලිකොප්ටරයක් ආධාරයෙන්.
මේ කුළුණ ආරම්භයේ සිට අවසානය දක්වා සෑදු අන්දම විස්තර මේ website එකෙන් බලන්න පුළුවන්. ඉහලම තියන සුදුපාට කොටස සවි කරල තියෙන්නේ හෙලිකොප්ටරයක් ආධාරයෙන්.
CN කුලුන තුල විශේෂ ස්ථාන කිහිපයක් තියනවා.
1.) 113වෙනි තට්ටුවේ තියන අඟල් 2 1/2 ඝනකම විදුරු පොලව :
2.)එක පැත්තකට හා බිමට විදුරු යොදා තිබෙන විදුලි සෝපාන හා මිනිත්තුවකින් තට්ටු 113ක් ඉහලට යන සීඝ්‍රගාමී සෝපාන
3.)අංශක 360 කරකැවෙන අවන්හල : අඩි 1152 උසදී සෙමෙන් භ්‍රමණය වන මෙහි ආහාර ගනිමින් වටේම නරඹන්න පුළුවන්. සම්පුර්ණ වටයක් යාමට මිනිත්තු 72ක් ගතවෙනවා. මෙය ලෝකයේ උසින්ම පිහිටන කැරකෙන අවන්හල යි. කැරකෙන වේගය විඩියෝවෙන් බලන්න.
4.) අඩි 1465ක් (447m) ඉහලින් තියන Sky pod : මෙහි බොහෝ ගුවන්විදුලි, රුපවාහිනී සම්ප්‍රේෂණගාර තියනවා. පැහැදිලි කාලගුණයක් තියන දවස්වලට 100km එපිටින් තියන නයගරා ඇල්ලත්, නිව්යෝක් ජනපදයත් පේනවා.
පඩි 1776ක් තිබෙන පඩිපෙළ දිගේ ඉහලට නැගීමත්, අඩි 356ක් ඉහල ප්‍රධාන පොඩ් එක මත ඇති ගැට්ටේ ඇවිදීමත් විනෝදාංශයක් ලෙස හෝ අරමුදල් රැස්කිරීමේ අරමුණෙන් සිදුකරන අය බහුලයි. ගැටිය මත ඇවිදීම skywalk කියල කියන්නේ. දැඩි ආරක්ෂාවක් ඇතිව මෙය සිදු කරන්නේ.
බොහෝ ආරක්‍ෂිත උපාය මාර්ග අනුගමනය කරන කුලුනට ගෑස් උපකරණ ගෙන යාම සපුරා තහනම්. මෙහි ඇති අවන්හල් වලවත් ගෑස් භාවිතයක් නැහැ. නිරතුරු සෑම අංශයක්ම පරික්ෂා කෙරෙන මෙහි හදිසි ගින්නක් ඇති වුවහොත් භාවිතා කළහැකි ජෙනරේටර් වලින් ක්‍රියාකරන සෝපානයක්ද තියනවා.
අනෙක් ගොඩනැගිලි වලට වඩා ඉතා ඉහලින් පිහිටන නිසා වසරකට අකුණු 75ක් පමණ මේ කුළුණට වදිනවා. කුළුණ ඉහලම ඇති රේඩියෝ, රුපවාහිනී ඇන්ටෙනා සිට පොලවේ ඇති ෂඩශ්‍රාකාර අත්තිවාරමේ හරයේ, පොලවට මීටර් හයකට පහල දක්වා යන 56cm ඝනකම් තඹ කම්බි 42ක් මගින් මේ අකුණු, කුලුනට හානියක් නොවෙන ලෙස බිම්ගත කරනවා.
මෙම භූගත කිරීම් පද්ධතිය නිසා කුලුනට මේ දක්වා අකුණු හානි සිදුවී නැත.
කුලුනේ පිහිටන විශේෂ කාලගුණ දත්ත මධ්‍යස්ථානය මගින් එය වටා වර්ගමීටර් 36ක් ඇතුලත සිදුවන අකුණු දත්ත රැස්කර ඒවා කුලුනේ පිටත සිදුවන නඩත්තු හා අනෙක් කාර්යයන්ට උපයෝගී කරගැනීමට ලබාදෙනවා.
අනෙක් ගොඩනැගිලි වලට වඩා ඉතා ඉහලින් පිහිටන නිසා වසරකට අකුණු 75ක් පමණ මේ කුළුණට වදිනවා. කුළුණ ඉහලම ඇති රේඩියෝ, රුපවාහිනී ඇන්ටෙනා සිට පොලවේ ඇති ෂඩශ්‍රාකාර අත්තිවාරමේ හරයේ, පොලවට මීටර් හයකට පහල දක්වා යන 56cm ඝනකම් තඹ කම්බි 42ක් මගින් මේ අකුණු, කුලුනට හානියක් නොවෙන ලෙස බිම්ගත කරනවා.
කුලුනේ පිහිටන විශේෂ කාලගුණ දත්ත මධ්‍යස්ථානය මගින් එය වටා වර්ගමීටර් 36ක් ඇතුලත සිදුවන අකුණු දත්ත රැස්කර ඒවා කුලුනේ පිටත සිදුවන නඩත්තු හා අනෙක් කාර්යයන්ට උපයෝගී කරගැනීමට ලබාදෙනවා.
CN කුලුන එක් එක් රාත්‍රියට විවිධ වර්ණයන් ගෙන් ආලෝකමත් කරනවා.මයික්‍රෝ ප්‍රොසෙසර් එකකින් පාලනය වන මෙහි වර්ණ මිලියන ගණනක් නිපදවිය හැකියි. LED මගින් කරන මේ ආලෝකමත් කිරීම එතරම් නඩත්තුවක් ඕන නැති එකක්ලු. සෑම දිනකම ඉර බැස යාමත් සමග කැනඩාවට ගරු කිරීමක් ලෙස රතු හා සුදු වර්ණයන්ගෙන් ආලෝකමත් කරන කුළුණ ඉන්පසු එම දිනයට අනුකූලව වර්ණ ගන්වයි. ජාතික නිවාඩු දින, විශේෂ ජාතික උත්සව දිනවලට හැරුණු විට, දේශපාලනික නොවන පුණ්‍යායතන වල ඉල්ලීම් අනුව, ඔවුන්ට කැමති වර්ණ ආලෝක ගැන්වීම් සිදු කරනවා. මේ මාසයේ දින සඳහා වර්ණ ගන්වන හේතු හා වර්ණ මෙතනින් බලන්න.
කුරුළු සංක්‍රමණ සිදුවන වසන්තයේ හා සරත් කාලයේ (මාර්තු,අප්‍රේල් හා ඔක්තෝබර් නොවැම්බර්) කුලුණ වටා ආලෝකය භාවිතා කරන්නේ ඉතා අඩුවෙනි. කුරුළු රංචු ඒ වෙත ආකර්ෂණය වීම වැළැක්වීමටයි.
කැනඩා ඩොලර් මිලියන 63ක් වූ CN කුලුනේ ඉදිකිරීම් සඳහා වැයවූ මුදල වසර 15ක් ඇතුලත ගෙවා දමා අවසන් වුණා. වසරකට මිලියන දෙකක් පමණ මෙය නරඹන්න එන නිසා පුදුමයකුත් නොවෙයි.මුදල් අය කරනවනෙ බලන්නත්.
උදව්:
http://www.where.ca/tag/cn-tower
http://www.blogto.com
http://www.cntower.ca/
http://www.where.ca/tag/cn-tower
http://www.blogto.com
http://www.cntower.ca/
අපූරුයි බලන්න එන්නම හිතෙනවෝ
ReplyDeleteඑන්නෝ.. ඇවිල්ල බලන්නෝ...
Deleteකාලීන ව අපට වැදගත් ලිපියක්. කියවා අප ගැන ම නැවුම් ව හිතන්න පුරුදු වීම වැදගත්, ලංකාව දියුණු කරන්න ඇවැසි නම්.
ReplyDeleteවැදගත්නම් තමයි.. ඒත් ලංකාවේ වැඩක් කරන කෙනාට එන කෙනහිලි..නෙළුම් කුලුනකුත් හැදුවේ..මොන කතන්දර ගොඩක් කිව්වද?
Deleteබොහෝ ම ඉස්සර මගේ ළඟ පෑනක් තිබුණා මේ ආකෘතියට අනුව හදාපු.
ReplyDelete