Tuesday 3 January 2017

ආමිෂ් - තවම 1920 ජීවත්වෙන ඇමරිකානු මිනිස්සු


ටෙලිෆෝන්, විදුලිය, කාර් පාවිච්චි නොකරන මිනිස්සු 2016 දීත් ඇමරිකාවේ, කැනඩාවේ ජීවත්වෙනවා.. පුදුමයි නේද? මේ අය ආදිවාසීන් නොවේ. ඒ පහසුකම් සපයාගන්න අපහසු ප්‍රදේශවල ජිවත්වෙනවත් නොවේ. සිය කැමැත්තෙන්ම නව තාක්ෂනය හා පහසුකම් භාවිතා නොකර 20 වන සියවස මුල භාගයේ විදියටම ජීවත්වීම තෝරාගත් මිනිසුන් සමුහයක් ආමිෂ් නමින් හැඳින්වෙන්නේ.කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ වෝටර්ලු නගරාසන්නව හා ඇමරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රදේශයකටත් සිමා වී සිටින ඔවුන්ගේ සිරිත් විරිත්, ඇදහීම් සමානයි.

ජේකබ් අම්මාන් නම් ස්විට්සර්ලන්තයේ ජීවත්වූ, ප්‍රොතෙස්තන්ත ආගමික පුද්ගලයෙකුගේ ඉගැන්වීම් අනුගමනය කරන ආමිෂ් මිනිස්සු සරල දිවියක් ගතකරන, ඡන්දය භාවිතා නොකරන, දිව්රීම් නොකරන, හමුදා සේවයට නොබැඳෙන අය. ඔවුන් විශ්වාස කරන්නේ 'ලෝකය කරන දෙයින් ඉවත්ව ජිවත්වන්න' යන්නයි. මෙහිදී 'ලෝකය කරන දේ' යනුවෙන් අදහස් කරන්නේ කාර්, බස් පැදවීම, ටෙලිෆෝන්, ගුවන්විදුලි, රුපවාහිනී භාවිතය, චිත්‍රපටි බැලීම, රුප ලාවන්‍ය  කටයුතු, විදුලිය භාවිතය ආදියයි.
ඔවුන්ගේ නීති ක්‍රියාත්මක කරන නායකයා බිෂොප්. බොහෝවිට වෙනම පල්ලි නැති අතර නිවෙස්වල මාරුවෙන් මාරුවට  ඉරුදින පූජා පවත්වනවා. පල්ලියට සම්බන්ධ කණ්ඩායමක් මගින් මොවුන්ගේ ගැටළු 'ලෝකයට' යන්න නොදී විසඳා ගන්නවා...





නවීන පහසුකම් සහිත ප්‍රධාන නගර ආසන්නව වෙනම ජිවත්වන මොවුන්ගේ ප්‍රවාහන මාධ්‍ය අශ්ව කරත්ත. ඒ නගරවල අශ්ව කරත්ත යාම සඳහා වෙනම මන්තිරුවක් වෙන් කිරීම හෝ ඔවුන් සමග සහයෝගයෙන් මාර්ගයේ ගමන් කිරීම හෝ සිදුවෙනවා. ඒ සියලුම අශ්ව කරත්ත බොහෝවිට එක සමානයි. අශ්ව කරත්ත සඳහා ඇති මාර්ග සංඥා දැකීමෙන් මුලින් අපි පුදුමත් වුණා.


ඔවුන්ගේ ප්‍රධාන ජිවනෝපාය වන ගොවිතැන සඳහා උපයෝගී කරගන්නේ රබර් ටයර් නොයෙදු අශ්වරථ. එළවලු, ඉරිඟු වර්ග, දුම්කොළ, අර්තාපල්, සෝයාබෝංචි, බාර්ලි ආදිය ඔවුන් ගොවිතැන් කරනවා.

ගෙදරදොරේ ආලෝකය ලබාගැනීමට, ඉවීමට ජෙනරේටර් යොදා විදුලිය ලබා ගන්නවා. රජයෙන් දෙන විදුලිය පවුල් ජිවිත කඩාකප්පල් කරන යක්ෂයෙක් ලෙසයි සලකන්නේ..

ඔවුන් සමාජයෙන් ඈත් වී ජීවත්වෙන්න කැමති වුනත්, පාර අයිනේ කුඩා කඩ සාදාගෙන කෘෂි නිෂ්පාදනත්, පැරණි ක්‍රමවලින් සාදන පාන්, බනිස් වැනි බේකරි නිෂ්පාදනත් අලෙවි කරනවා. ආමිෂ් අවන්හල් පවා තියනවා. ගෑස්වලින් ක්‍රියාකරන ශීතකරණයක් ඔවුන් භාවිතා කළබව අප දුටුවා. වස විස නැති නිසා ඔවුන්ගේ නිෂ්පාදන මිලට ගන්න බොහෝ දෙනෙක් කැමතියි.
Amish furniture
ඔවුහු වඩු කර්මාන්තයේ දක්ෂයෝ ය. යන්ත්‍රෝපකරණ නොමැතිව සාදන නවීන ගෘහභාණ්ඩ සඳහා ද හොඳ ඉල්ලුමක් තිබේ.

පිරිමි අය රැවුල වවන අතර, පටි යෙදූ බොත්තම් දමන තද පාට ලොකු කලිසම් අඳින්නේ. විවාහයෙන් පසු රැවුල කපන්නේ නැහැ. zip යෙදූ ඇඳුම් අඳින්නේ නැහැ.

ගැහැණු අය දල රෙදිවලින් මැසූ චාම් දිග ගවුම් අඳින අතර, ඇඳුම්වල විවර වැසීමට අල්පෙනිති භාවිතා කරන්නේ. ආභරණ පැළඳීමක් නැත. කොණ්ඩය නොකපන මොවුන් හිසකේ බන් එකක් මෙන් සකස් කරගෙන ඉන්නවා. අප දුටු සෑම කාන්තාවක්ම නිල් හා සුදු ඇඳුම් ඇඳගෙන හිස් ආවරණය කරගෙන හිටියේ. විවාහක අය සුදු හිස් ආවරණත්, අවිවාහක අය කළු ආවරණත් පළඳින්නේ.

අප සමග ඡයාරුපයකට පෙනී පෙනී සිටිමට් නොහැකි බව ඔවුන් කාරුණිකව පැවසුවා. ඔව්. ඔවුන් හොඳ ඉංග්‍රීසියෙන්  කතා කරන්නේ. වෙන භාෂාවක් භාවිතා කරන්නේ නැහැ.

ඔවුන්ගේ විවාහ සිදුවන්නේද වෙනස් විදියකටයි.වයස 16 පටන් සුදුසු කෙනෙක් සොයන තරුණ තරුණියන් වයස 20 පසුවෙනවිට තීරණයකට එළඹෙනවා. කැමති කෙනාගෙන් විමසා ජුලි, අගෝස්තු මස තෙක් රහසක් සේ තබාගන්නවා.දෙදෙනාම පල්ලියට සම්බන්ධ වී සත්ප්‍රසාද ලබනවා. ඉන්පසු පොත්වල ලියවුනු හා නොලියවුණු, ජීවත්වීමට අවශ්‍ය නීති රීති ඉගෙනගන්නවා. 
ඔක්තෝබර් දෙවැනි සතියේ පල්ලියේ පූජාව අවසානයේ ප්‍රධාන පුජක විසින් විවාහාපේක්ෂිත අයගේ නම් ප්‍රසිද්ධ කරනවා. මනාලියගේ පියා විවාහය සඳහා දිනයත්, වෙලාවත් පවසා සැමට ඇරයුම් කරනවා. සියලු විවාහ යොදාගන්නේ නොවැම්බර් මාසයේත්, දෙසැම්බර් මුල් සතිවලත් අඟහරුවාදා හෝ බ්‍රහස්පතින්දා දිනවල. 
මනාලිය තම ඇඳුම හා යෙහෙළියන්ගේ ඇඳුම් සකස් කරගන්නවා. මනාලියගේ ඇඳුම බොහෝවිට සුදු, නිල් හෝ දම් පාටයි. එය මෝස්‌තර නැති දනින් පහලට වැටුණු චාම් ගවුමක්. විවාහයෙන් පසුවත් ඇය පල්ලි අඳින්නේ එම ඇඳුමයි. මනාලියත්, යෙහෙලියනුත් ගවුමට උඩින් එප්‍රණයක් අඳිනවා. පාවහන් කළු අඩි උස සපත්තුය.
මනලයාත්, යහළුවනුත් සුදු කමිස හා කළු වෙස්ට් හා කෝට් අඳින්නේ. බෝ එකක් ද, අඟල් තුන හමාරක වාටියක් ඇති තොප්පියක්ද , කළු පාට අඩි උස සපත්තු හා මේස් ද පළඳිනවා. 

මගුල් ගෙදර තියෙන්නේ මනාලියගේ ගෙදරයි. උදේ හතරේ සිට සාමාන්‍ය නිවසේ කටයුතුත් මේ අතරේ කෙරෙනවා. මගුල් පුජාව මනාලියගේ නිවසේ ඇති පල්ලි කාමරයේ 8.30 සිට පැය තුනක් පැවැත්වෙනවා. ඉන්පසුයි සරු මගුල් කෑම මේසයට වාඩිවෙන්නේ. මනාලිය මනාලයාගේ වම් පසින් ඉඳගන්නෙ. දවස පුර පැවැත්වෙන උත්සවය අවසන් වෙන්නේ රාත්‍රී 10ට පමණ. මනාල යුවල එදින මනාලියගේ නිවසේ ගතකරන්නේ. නෑදෑ ගෙවල යමින් සතුටින් දිවි ගෙවන නව යුවල තමන්ගේම නිවසකට යන්නේ මාර්තු මාසයේ. 

ඔවුන්ගේම බෙහෙත් මගින් සුව සම්පත රැකගන්නා ආමිෂ්වරු වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන්නේ කලාතුරකින්. දරු උපත් සඳහා රෝහලකට යාම හෝ පවුල් සෞඛ්‍ය සේවිකාවකගේ උපකාර ලබාගැනීම හෝ කරනවා. උපත් පාලන ක්‍රම භාවිතා නොකරන නිසා ආමිෂ් ජනගහනය වැඩිවෙමින් පවතින බව සංගණන වාර්තා දක්වනවා.
පුංචි ළමයි ඇස් හා කටවල් ඇඳ නැති කඩමලු හෝ ලී බෝනික්කන් සමග සෙල්ලම් කරන්නේ රුප, පිළිම ආදියට ඇලුම් කිරීම වලක්වන්නලු.

ආමිෂ් අය මියගිය පසු චාම් ලි පෙට්ටිවල දමන්නේ. කාන්තාවක් නම් සුදු මගුල් ඇඳුම අන්දනවා. අනිත් අය මළගෙදරට සහභාගී වන්නේ සුදු ඇඳගෙන. අවමගුල්වලට කළු අඳින කැනඩාවට මෙය වෙනස් දෙයක්. මල් භාවිතා කරන්නේ නැහැ. පල්ලියට අයත් කනත්තක වලලා කාටත් පොදු ස්මාරකයක් තබනවා. 'මියගිය පසු කවුරුත් සමානයි' යන්නයි එයින් පෙන්වන්නේ.



කැනඩාවේ ආමිෂ්වරුන්ට වෙන්වූ පාසල් තියනව. පාලනය වන්නේ ප්‍රදේශයේ කතෝලික පාසල් මණ්ඩලයෙන්.සාමාන්‍යයෙන් ළමයින් අවුරුදු 15 තෙක් පාසල් අධ්‍යාපනය ලබනවා. වැඩිදුර අධ්‍යාපනයට යොමුවෙනවා අඩුයි.

අවුරුදු 18,19 තරුණ ළමයින්ට 'ලෝකය' දකින්නට අවස්ථාව දෙනවා. ඒ කියන්නේ ඔවුන්ට කැමති විදියට ආමිෂ් නොවන අනිත් මිනිසුන් සමග ජීවත්වෙන්න අවස්ථාව දෙනවා. නමුත් ලෝකය සමග ජීවත්වීම ඔවුන්ට ගැටළුවක් වෙන බවයි පෙනෙන්නේ. ඒ කාලය තුල මත්ද්‍රව්‍ය වලට හා වැරදි චර්යාවන්ට යොමුවන අයත් සිටිනවා. ඔවුන්ට මෙය සංස්කෘතික ගැටුමක්. ඉතාම සුළු පිරිසක් 'ලෝකයට' අනුගත වුනත්, වැඩි දෙනෙක් තම කණ්ඩායමට නැවත යොමුවෙනවා. උසස් අධ්‍යාපනය ලබා 'ලෝකයේ' රැකියා කරන අයත් නැතිවම නෙවෙයි.

සාමාන්‍යයෙන් ආමිෂ් මිනිස්සු යහපත්, වෙහෙසී වැඩකරන, තම නිවෙස හා පවුල කෙරේ බැඳුනු අය ලෙස ප්‍රකටයි. රජයෙන් දෙන ආධාර කිසිවක් ලබා නොගන්න මොවුහු රජයට නිසි ලෙස බදු ගෙවනවා. රජය ඔවුන්ගේ අයිතීන් පිළිගෙන, නිසි ගෞරවය හා සැලකිලි ලබාදෙනවා.

නවීන තාක්ෂණයෙන් තොර දිවියක් ගැන හිතන්නටවත් බැරි අපිට, ඒවා නොසලකා සරල දිවියක් තෝරාගන්නා ආමිශ්වරු දෙස බලා හිතන්නට යමක් තියෙනවා.


රසුදල හඬවන්නට උදව්:
චන්න කුරේරා මල්ලී
හඳුනාගැනීමට උදව් කළ පාඨලී දුව
හමුවී කතාකළ ආමිෂ් මිනිසුන්
තුසිලා ද සිල්වා අක්කා 
http://lancasterpa.com/amish/amish-people
පින්තුර සමහරක් අන්තර්ජාලයෙන්
(2018 ජනවාරි 23 දිවයින පුවත්පතේ පලවිය)

18 comments:

  1. මාරයි ...එක අතකට පිස්සුුවක්

    ReplyDelete
    Replies
    1. එයාලටත් අපි ගැන එහෙම හිතෙනව ඇති

      Delete
  2. මමත් මේ අමිශ් ප්‍රජාව ගැන එහෙන් මෙහෙන් කියවලා තියෙනවා SAMUEL MULLET කේස් එකෙන් පස්සේ. මේ අයගේ විවාහයන් සිදුවන්නේත් ඒ ඒ කුඩා කංඩායම් අතරෙම වීම නිසා, ජාන ආබාධිත දරුවන් බිහිවීම වැඩියෙන් දකින්න පුලුවන්ලු.

    මේ කලබලකාරී සමාජයෙන් මිදිලා විච්චූර්ණ නැති අමීශ් ජීවන රටාව හොඳයි කියලා හිතෙනවා සමහර ජෝගි දැක්කම.

    ReplyDelete
    Replies
    1. මොබයිල් ෆෝන්, කම්පියුටර් නැතිව ඉන්න පුලුවන් වෙයිද?
      ආබාධිත දරුවන් සාමූහිකව බලාගන්නවා. පාසල් යවන්න පුලුවන් මට්ටමේ අයව යවනවා. මිශ්‍රවීම් අඩු නිසා එහෙම අය වැඩි ඇති. කියවපු ලිපිවලනම් විශේෂයක් සඳහන් වුනේ නෑ

      Delete
  3. කාලෙකට පෙර ආමිශ්වරුන් ගැන චිත්‍රපටියක් බැලුවා..ඒ කතාවේ වුනේ සමුහයෙන් පිට කෙනෙකුට පෙම් බැඳී තරුණියකට මුණ දෙන්නට වුනු ගැටළු..ඒ මතක සේරම අලුත් වෙලා නොදන්නා කරුනුත් බොහෝ දැන ගත්තා..ලිපියක කියෙවා එකම කණ්ඩායමේ අය අතර සිදුවන විවාහ නිසා ජාන බෙදීයාමක් නැති බැවින් මොවුන්ගේ බුදධි මට්ටම අඩුවීමක් සහ අංග විකල දරු උපත් සහ මල දරු උපත් බහුල බවක්.. එහි ඇත්තක් තිබේද?

    ReplyDelete
    Replies
    1. අසීරු අවස්තාවල රෝහල් යනවලු පවුල් සෞඛ්‍යය සේවා උපදෙස් අනුව. විශේෂ සඳහනක් දුටුවෙ නෑ

      Delete
  4. Good job ! I like the way how you explain all the important details about Amish people. Good luck and congratulations for your Rasdual blog!

    ReplyDelete
  5. ගැටලු අවම අල්පේච්ඡ ජීවිතය................... මේ තරමට ම නැතත් යම් තරමකට හෝ හුරු වෙන්න අපට පුළුවන් නම් ඒකත් ලොකු දිනුමක් කියල මට හිතෙනවා.....
    ස්තුතියි... නොදැන හිටි දෙයක් මේ.............

    ReplyDelete
    Replies
    1. අපේ 'දියුණු' ලෝකයට බැඳෙන්නේ නැතිව එයාල ඉන්න එකත් ලොකුම දිනුමක් නේද?

      Delete
  6. Great article මාරයි. Every life style has good and bad sides.

    ReplyDelete
  7. වෙනස්ම සංස්කෘතියක් වෙනස් ජාතියක් ගැන අගේ ඇති ලිපියක්

    ReplyDelete
    Replies
    1. දැක්කත් පිළිගන්න බැහැ වගේ හිතුන මුලදී. ස්තුතියි අගය කිරීමට

      Delete
  8. හොඳ ලිපියක්. මම අසා තිබෙනවා ආවාහ විවාහ කටයුතු සඳහා පිටස්තරයන් ලං නොකර ගන්නා බවත්, සමහරවිට එකම පවුලේ සහෝදර සහෝදරියන් අතර වුවද විවාහ සිදු කෙරෙන බවත්.සමහරවිට තම ජාතියේ පිරිසිදුකම රැක ගැනීමට ඔවුන් එලෙස කරනවා විය හැක. අමිශ්‍ර කියන්නේ මිශ්‍ර නොවූ කියන එක අපේ බසින්. මෙයාලත් ඒකමද අදහස් කරන්නේ ?
    හැරිසන් ෆෝඩ් රඟපාන Amish නම් චිත්‍රපටය අන්තර්ජාලයෙන් හොයා ගෙන බලන්න. ලස්සන කතාවක්.

    ReplyDelete
    Replies
    1. ආමිෂ් නමේ විශේෂ තේරුමක් නම් දන්නේ නැහැ. හැකිතාක් එයාලගේ අය අතරමයි විවාහ සිදුවෙන්නේ. එකම පවුලේ නම් නොවේ. Witness චිත්‍රපටය නේද ඔහු ඉන්නේ?

      Delete