ලංකාවට පමණක් නොව ලෝකයේ රටවල් 88කට අවශ්‍ය එදිනෙදා සංසරණය සඳහා කාසි බිලියන ගණනක් නිපදවන්නේ කැනඩාවේ රෝයල් කැනේඩියන් මින්ට් Royal Canadian Mint නම් ආයතනයේයි.
Mint ආයතනයේ කාසි නිෂ්පාදන පරිශ්‍ර දෙකක් පවතියි. එකක් ඔන්ටරියෝ ප්‍රාන්තයේ ඔටාවා අගනුවර තිබෙන අතර අනෙක මැනිටෝබා ප්‍රාන්තයේ විනිපෙග් නුවර පිහිටා ඇත.
ඔටාවා පරිශ්‍රය |
කැනඩාවට අවශ්‍ය කාසි නිපදවූයේ එංගලන්තයේදීය. එහෙත් වෙනම රටක් ලෙස ස්ථාපිත වූ පසු තමන්ගේම කාසි නිෂ්පාදනය උදෙසා 1908 ජනවාරි 2දා එංගලන්තයේ රෝයල් මින්ට් හි ශාඛාවක් ඔටාවා නුවර පිහිටවීය. මෙහි මුලින්ම නිපදවූයේ එවක රජකළ හත්වන එඩ්වඩ් රජුගේ රුව රැගත් සත පනහේ කාසියකි.
1911 දී ජෝජ් රජුගේ හිස සහිත රන්කාසි 256 000ක් නිපදවිනි.
1931දී මෙම ආයතනය බ්‍රිතාන්‍යයෙන් ස්වාධීනව රෝයල් කැනේඩියන් මින්ට් ලෙස නම් කෙරුණි. නවතම රන් පිරිපහදු අංශය ඉදිරි වසර ගණනාවකට එන ඉල්ලුමට සරිලන සැපයුමක් දීමට හැකිවන ලෙස පුළුල් කරන ලදී.
1935 ජෝජ් රජුගේ රිදී ජුබිලිය සැමරීම උදෙසා පළමු රිදී ඩොලරය නිෂ්පාදනය විය.
1949 සිට යුධ විරුවන්ට පිරිනැමීම උදෙසා පදක්කම් නිපදවීම ඇරඹුනි.
1982දී ලෝකයේ සුපිරිසිදුම රන් (9999) නිෂ්පාදනය කළ මුල්ම ආයතනය බවට පත්වීමට හැකිවිය.
70 දශකය වනවිටත් කැනඩාවේ පරිහරණය කරන සමහර කාසි නිපදවුනේ ඇමරිකාවෙයි. සියලුම කාසි එකතැනක නිපදවීම සඳහාත්, අනෙක් රටවල සංසරණය වන කාසි නිපදවීම සඳහාත් විනිපෙග් පරිශ්‍රය 1976දී පිහිටවන ලදී.
විනිපෙග් නුවර Mint පරිශ්‍රය . ශ්‍රීලංකා කොඩිය හඳුනාගන්න. |
මෙම ආයතනය පාලනය වන්නේ කොහොමද?
මින්ට් ක්‍රියාත්මක වෙන්නේ රජයට අයත් වානිජ්‍ය සංස්ථාවක් commercial crown corporation ලෙසයි . රජයට අයත් වුවත් මධ්‍යම රජයෙන් දුරස්ථ භාවයකිනුයි ක්‍රියාත්මක කරනු ලබන්නේ. රජයත් සංස්ථාවත් අතර සම්බන්ධතා පුරුක ලෙස ක්‍රියා කරන්නේත්, වගකීම දරනු ලබන්නේත් මුදල් ඇමතිවරයා ය.
විවිධ කාසි හදන්නේ කොහොමද?
මෙය සිදුවන්නේ පියවර කිහිපයකින්. රන්, රිදී කාසි මෙන්ම එදිනෙදා භාවිතා කරන කාසිද නිපදවීමේදී අනුගමනය කරනු ලබන්නේ එකම පියවර ය.
1. Blank ලෙස හැඳින්වෙන අකුරු නොකෙටු හිස් ලෝහ රවුම් නිපදවීම
හර ලෝහය දිග පටි ලෙස ඔතන ලද රෝල ලෙසයි එන්නේ. අති විශාල වූ මෙම රෝලවල ඝනකම කාසියේ ඝනකමට ආසන්නය. රෝල දිගහැර ඉහල ධාරිතාවයකින් යුතු විදුම් යන්ත්‍රයකට යවයි.
අදාළ කාසියේ ප්‍රමාණය කපන්නේ මෙහිදීය. සාමාන්‍යයෙන් එම යන්ත්‍රයෙන් විනාඩියකට කාසි 13000ක් පමණ කපනු ලබයි. නිසි ලෙස නොකැපුනු කාසිත් ඉතිරි ලෝහ කොටසුත් ප්‍රතිචක්‍රිකරණයට යොමු කෙරේ.
2. කැපුණු කාසි පිරිසිදු කිරීම හා අග රවුම් කිරීම
රළු කෙලවර ඇත්නම් ඒවා සකසා පිරිසිදු කිරීම හා වටේ ගැටියක් ඇතිකර රවුම් කිරීමත් තරමක් රත් කිරීමත් (annealing )සිදු කරයි.
3. ආරක්‍ෂිත තත්වය වැඩි දියුණු කිරීම
Mint හි ඇති උසස්තම ලෝහාලේපන තාක්ෂනය උපයෝගී කරගෙන blank වල නිකල්, තඹ වැනි අදාළ ලෝහය ආලේප කරයි. ඕනෑම සම්ප්‍රදායික ලෝහ කාසියකට සරිලන ලෙස ඔවුන්ගේම වූ ස්ථර ලෝහාලේපනය නිසා කාසිවල ආරක්ෂාව ඉතා ඉහල මට්ටමකින් තහවුරු වේ.
4. තත්ත්ව හා ප්‍රමිති පරීක්ෂණය
ලෝහාලේපනයෙන් පසු වියලා, ඔප දැමීමෙන් අනතුරුව විශේෂිත කැමරාවකින් තවමත් blank තත්වයේ පවතින කාසි සූක්ෂ්ම නිරීක්ෂණයකට ලක් කරයි. මතුපිට බුබුළු ස්වභාවය ඇත්ද, මට්ටම එක ලෙස පවතීද, වර්ණ වෙනස්කම් ඇත්ද ආදිය මෙතනින් පරික්ෂා කෙරේ.
5. කාසියට අදාළ මුද්‍රණ සිදු කිරීම
කිසිදු රටක එකම කාසි මෝස්තරය දීර්ඝ කාලීනව භාවිතා කරන්නේ නැත.(රුපියල වුවත් කලින් කලට මෝස්තරය, වර්ණය ආදිය වෙනස් වේ.) වෙනස්වන මෝස්‌තර රටා ඇතුලත් කාසිය අදාළ රටේ අනුමැතිය ලැබුණු පසු යන්ත්‍රවලට යොමු කරයි. අති නවීන අධිවේගී මුද්‍රණ යන්ත්‍ර මගින් කාසියේ දෙපස අදාළ අකුරු හා ලාංඡන මුද්‍රණය සිදුකෙරේ. තත්පරයකට කාසි දෙකක් තරම් වේගයකින් මුද්‍රණය කිරීමේ හැකියාව ඇත.
නැවත පරික්ෂාවට ලක්වන කාසි ගණක යන්ත්‍රවලට යොමු කෙරෙන අතර, යම් දෝෂ ඇති කාසි ප්‍රතිචක්‍රීකරණය පිණිස යැවේ.
නිසිලෙස නිමැවූ කාසි නියමිත සංඛ්‍යාවක් බැගින් රෝල් ලෙස ඔතා, විශේෂිත ලෙස අසුරා ආරක්‍ෂිත සේප්පුවල දමා ලොව පුරා මුල්‍ය ආයතන වෙත යොමු කෙරේ.
සමහර සමරු කාසි ඉල්ලීම් පරිදි මිනිස් අතින් කැටයම් කරන අවස්ථා ඇත. එවැනි කාසි මිලෙන් අධිකය.
මෙම ක්‍රියාවලිය සිදුවන අතරතුර කිසිදු ලෝහ කොටසක්වත් කුඩු ලෙස හෝ අපතේ නොයන පරිදි සියලු ආරක්ෂක විධි විධාන යොදවා ඇත.
ඔටාවා පරිශ්‍රයේ නිපදවන්නේ රන්, රිදී, ප්ලැටිනම් වැනි වටිනා ලෝහ කාසි, පදක්කම්, සැමරුම් කාසි ආදිය පමණයි.
මේ පරිශ්‍ර දෙකම අධිකතර ආරක්ෂා යටතේ පැවතුනත්, මහජනයාට නැරඹීම සඳහා පහසුකම් සපයා ඇත. මග පෙන්වන්නෙක් යටතේ මිනිත්තු 45ක කුඩා කණ්ඩායම් චාරිකාවේදී යන්ත්‍ර පවතින තලයට ඉහලින් වීදුරුවලින් ආවරණය වූ කොරිඩෝ මතින් ඇවිද යමින් කාසි සැදීමේ කලාව හා එහි විද්‍යාත්මක ස්වභාවය නැරඹීම හා විස්තර ලබාගැනීම කල හැකිය. චාරිකාවේදී පින්තුර ගැනීම, වීඩියෝ කිරීම සපුරා තහනම්ය. දඬුවම් ලැබිය හැකි වරදකි.
චාරිකාවට සුදානම් වන අතරතුර ඩොලර් ලක්ෂ 7ක් වටිනා සුපිරිසිදු රන් කුට්ටියක් අතගා බැලීමට හා එසවීමටද අවස්ථාව ලැබේ. සමරු කාසි මිලට ගැනීමේ මධ්‍යස්ථානයක් ද ඇත.
මෙම පරිශ්‍ර වල නිමැවූ විශේෂිත කාසි හා පදක්කම් පිලිබඳ විස්තර
* තාක්ෂණයෙන් ඉහලම තත්ත්ව යටතේ එකම පියවරකින් නිමවූ ලොව පළමු ත්‍රිමාණ පෙනුම සහිත කාසිය නිපදවීම -1999
* ලොව පළමු වර්ණ සහිත එදිනෙදා භාවිතා කරන කාසිය නිපදවීම -2004
යුද්ධයෙන් මියගිය සොල්දාදුවන් සිහිකිරීම උදෙසා රතු පොපි මලක් මෙහි මුද්‍රණය කර ඇත.
*දැනට ලෝකයේ තිබෙන වැඩිම වටිනාකම සහිත කාසිය නිපදවීම - 2007.
99.999% ක් පිරිසිදු දඹ රනින් නිපදවූ 100kg බර මෙම කාසිය ලොව විශාලතම රන් කාසිය ලෙස ගිනස් පොතටත් එක්ව ඇත. සංසරණ වටිනාකම ඩොලර් මිලියනයකි. එවැනි කාසි නිපදවූයේ පහක් පමණි. ඉන් එකක් කැනඩාවේ කෞතුකාගාරයක තබා ඇත.
* ඩිජිටල් මුදලක් ලෙස mint chip නිපදවීම -2012
* 2010 කැනඩාවේ පැවැත්වුණු Winter Olympic හා Winter පැරාලිම්පික් සඳහා RCM හි නිර්මාණය වූ පදක්කම් මගින් ඔලිම්පික් පදක්කම්වල සැබෑම වෙනසක් ඇති කෙරුණි.
- සෑම පදක්කමක්ම 500g ට වඩා බරින් යුතුවීම හා ඔලිම්පික් ඉතිහාසයේ බරම පදක්කම් වීම
- පදක්කම් මෝස්‌තර එකිනෙකින් වෙනස් ය. කිසිදු පදක්කම් දෙකක් එක බඳු නොවේ. අද්විතීය මෝස්‌තර මගින් එක් එක් ක්‍රීඩකයාගේ ඉසව්ව හා ජයග්‍රහණය නිරුපනය විය.
- පදක්කම් රවුම් නොවුවා පමණක් නොව එකම තලයක නොපිහිටිම. එනම්, රැලි සහිත වීම. මෙයින් මුහුදු රල, කඳු හා වැටෙන හිම නිරුපනය කෙරුණි.
- පදක්කම් නිපදවීම සඳහා ප්‍රතිචක්‍රීකරණය කරන ලද ලෝහ යොදා ගැනුනි.
- පැරාලිම්පික් පදක්කම් පිටුපස බ්‍රේල් අකුරුවලින් ලියා තිබීම
-පදක්කම මලකෑම වැලැක්වීම සඳහා විනිවිද පෙනෙන ආලේපයක් කර තිබීම.
-මෙම පදක්කම් සියල්ල puzzle එකක කොටස් ලෙස නිමවා ඇත. ශීත ඍතු ඔලිම්පික් පදක්කම් සියල්ල එකතු කළහොත් විශාල ඔර්කා තල්මසකුගේ රුපයක් ලැබේ. පැරලිම්පික් පදක්කම වලින් ලැබෙන්නේ රේවන් නම් පක්ෂියායි. එනම්, එකිනෙක පදක්කමේ සත්වයාගේ රුපයේ කොටසක් ඇත. ආදිවාසී කලාවන් ඇසුරෙන් කළ මේ චිත්‍ර අතින් නිමවිය. සියල්ල එකතු කර රුපය සාදා ගැනීමට ජයග්‍රාහකයන් සියලු දෙනා එකතුවිය යුතුය.
රෝයල් කැනේඩියන් මින්ට් ආයතනය ප්‍රතිචක්‍රීකරණය පිලිබඳ අවධානයක් දක්වයි. කාසි ප්‍රතිචක්‍රීකරණය ලෙස අදහස් දෙකක් මතු වේ. කැට, බෝතල්, ලාච්චු තුල එකතුකරන මුදල් සංසරණයේ යෙදවිම එකකි. එවිට අලුත් මුදල් මුද්‍රණය කිරීමේ අවශ්‍යතාව අඩු වේ. භාවිතා කල නොහැකි හෝ භාවිතයෙන් ඉවත්කරන ලද කාසි නැවත කාසි සැදීමට යෙදවීම අනෙකයි. මෙම කාසි ලබාගන්නා ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානවලට භාරදී, ඒ වටිනාකමට අලුත් මුදල් ලබාගත හැකිය. (සත 50 පැරණි කාසියකට අලුත් සත 50)
නියමිත කාලයක් තුල නිපදවූ කාසි ප්‍රමාණය, පැරණි කාසිවල වටිනාකම තිරණය වීමට බලපායි. මුද්‍රණය වුයේ අඩු ප්‍රමාණයක් නම් ඉල්ලුම වැඩිය. පසු වටිනාකම ඉහල යයි. කාසියක ඉතිහාසය, නිර්මාණ ශිල්පය හා මෝස්තරය අවබෝධ කරගැනීමට එහි භෞතික විස්තරාත්මක ව්‍යුහය වැදගත් ය.
ගුණාත්මකභාවය, ශිල්පිය නිපුනතාව හා නව නිර්මාණාත්මක නිපැයුම් අතින් ලෝකයේ වඩාත්ම ගෞරවයට පත්‍ර වූ නිර්මාණ ආයතනයක් ලෙස රෝයල් කැනේඩියන් මින්ට් ඉදිරියෙන්ම සිටියි.
උදව්:
චාරිකාවේදී පැහැදිලි විස්තර සැපයු මගපෙන්වන්නා
Mint නරඹන්න යෝජනා කළ හේමා නිශ්ශංක සොයුරා
Coins from the Royal Canadian Mint -2017
www.mint.ca
සමහර පින්තුර අන්තර්ජාලයෙනි.

බ්‍රේල් සහිත පදක්කමක් |

කොයිතරම් අතපත ගෑවත්,"කාසි" ගැන මෙතෙක් නොදැණ සිටි කරුණු රාශියක් ගැන දැණුවත් වූවා ! ස්තූතියි ඔබට !
ReplyDeleteදැනුවත්වීම සතුටක්
Deleteහොඳ වැදගත් ලිපියක්.
ReplyDeleteස්තුතියි :)
Deleteෆෝටෝස් ගන්ඩ දෙන්නේ නැනේ නේද .... එහෙම දුන්නා නං පංකාදු හතයි
ReplyDeleteනෑ අටම් ..කැමරා, ෆෝන් මොනවත් ගෙනියන්න දෙන්නේ නැහැ. රත්තරන්, රිදී ලොකු රෝල් ...ප්‍රකෝටි ගණන් වටිනවනේ. අපි ගියදා රත්තරන් කාසි ගහමින් තිබුනේ. බැලු බැලු අත පිරෙන්න රත්තරන්.
Deleteඒකෙ වැඩකරන අයට කුඩු ටිකක්වත් ගන්න බැරිවෙන්න සෙකියුරිටි කැමරා හැමතැනම..බිම හරිම පිරිසිදුයි. වැඩට ගන්නෙත් පරම්පරාවක පොලිස් රිපෝට් බලලලු..
දුර්ලභ දැනුමක් බුද්ධිනීට පින්
ReplyDeleteගුණසිංහ මහතාට ස්තුතියි.
Deleteඉතාම ආකර්ෂණීය වැදගත් ලිපියක්...
ReplyDeleteතව ලියන්නට දිරි ලැබුණි
Deleteඅද තමා මම මේ කියවමින් යන්නේ. බොහොම ස්තුතියි විස්තර පෙලට. ජයවේවා!
ReplyDeleteකියවීම මිනිසා පරිණත කරයි. කියවමු!! :)
DeleteA superb post !
ReplyDeleteThnaks a lot!
Deleteඅපුරුම ලිපියක් අදයි මේ ඉසව්වට ගොඩවැදුණේ. ඔන්න මගේ බ්ලොග් රෝලට දාගත්තා මේ අඩවිය.
ReplyDeleteඅන්න හොඳයි. දිරියට තුති.
Deleteඅපේ රටේ භාවිතා වෙන කාසි හදන්නෙ යුරෝපයේ. ස්ලොවැකියාවෙ සහ පින්ලන්තයේ. 2005-2013 කාලයේ නිකුත් කළ රු. 5 කාසිය පමණයි රෝයල් මින්ට් හරහා සකස් කළේ.
ReplyDeleteඔටාවාවල ප්‍රදර්ශන කවුළුවක ශ්‍රී ලංකා නම, කොඩිය එක්ක කාසි තිබුණා. විනිපෙග්වල කාසි මින්ට් කරන රටවල කොඩි තියෙනවා කිව්වා. අන්තර්ජාලයෙන් ගත් පින්තුරයේ පැහැදිලිව තිබුණා. මේ website එකෙත් තියනව.http://www.coinscan.com/for/foreign.html
DeleteThis comment has been removed by the author.
ReplyDeleteMula idan agatama qyewuwa......super
ReplyDeleteස්තුතියි. super බව දැනීම සතුටක්.
Deleteකැනඩාව මම ප්‍රිය කරන විදේශ රටවල් වලින් පළමු තැනට තිබෙන්නේ . පොඩි කලේ ඉදලා උත්සහා කලේ කැනඩා යන්නයි මෙහෙම කියවන්නවත් අවස්ථාවක් ලැබීම ගැන ඔයාට ස්තුති .
ReplyDeleteමම අත්දකින, තොරතුරු එකතු කරගන්න දේවල් ලියනවා. ඔබ ගේ ආසාවට යම් අවස්ථාවක් දෙන්න ලැබීම ගැන සතුටුයි.
Delete