-"මිරිඟුව දක්වා නෙතුයුග රවටා"
"මිරිඟුව නලියන පාර දිගේ.."
"කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි .."ඕනෑ තරම ඒ සම්බන්ධ ගී, කවි අසා ඇති මිරිඟුවත් විශ්වයේ අපුර්ව සංසිද්ධියක්.
අතීතයේ කාන්තාරවල ගමන් කළවුන්ගේ දෙනෙත් රැවටු, වැලි තලාවල මුවන් රැවටෙනවයයි කියන මේ මිරිඟුව මිත්‍යාවක් හෝ මනකල්පිතයක් නොවේ. අදටත් සමතල පාරවල ගමන් කරන අයත් අත්විඳින දෙයක්. ඉතා දිග ගමන්වල යෙදෙන අයගෙන් නිතර අසන්නට ලැබෙන නිසා හිතේ මැවෙන දර්ශන (hallucination) ලෙසත් සමහරු හිතනවා. මොකද ඒ අය අධික වෙහෙසින් යම් නිදහසක් ලබන්නට බලාගෙනම ඉන්න නිසා.
ඒත් මෙය භෞතික විද්‍යාවෙන් පැහැදිලි කළහැකි සංසිද්ධියක් මිස දෘෂ්ටි මායාවක් නොවේ. ඕනෑනම් චායාරුප ගත කරන්නත් පුළුවන්.
ඇත්තටම සිදුවන්නේ පොලව ආසන්නයේ ඇති වායු ස්ථර විවිධ උෂ්නත්වයන්ට රත්වීම නිසා ආලෝකය ගමන් කරන දිශාව වෙනස් වී ගමන් කිරීමයි . මෙය වර්තනය ලෙස හැඳින්වෙන්නේ.
පැන්සලක් වතුර වීදුරුවක් තුලට දැමුවිට අපට එය නැවි ඇතිලෙස පෙනෙන්නේ වර්තනය නිසයි.
ජලය මත මිරිඟුව ඇතිවීමට හේතුව ජලයත්, වාතයත් අතර සීමාවේදී ආලෝකය හැරී ගමන් කිරීමයි.
කාන්තාරවල හෝ අධික උණුසුම් දිනවල රත්වූ පාරවල මිරිඟුව ඇතිවන්නේ රත්වූ පෘෂ්ටයට කෙලින්ම මතුපිටින් ඇති වාතය රත්වීම නිසයි. ඊට ඉහලින් ඇති සාපේක්ෂව සිසිල් වාතය තුලින් උණුසුම් වාතය තුලට ආලෝකය ගමන් කිරීමේදී වර්තනය වේ. (නැමේ). මෙහිදී වාත ස්ථර දෙක එකම මාධ්‍යය වුවත් එක් බඳු මාධ්‍ය ලෙස ක්‍රියා නොකරයි. මේ වර්තන කිරණයේ මාර්ගය U හැඩයක් ගනියි.
අපගේ ඇස (මොලය) මෙය අහසින් එන ආලෝක කිරණ වර්තනය ලෙස නොව පොලව මතුපිට ඇති දෙයකින් එන ලෙස දකියි. වාහනයක යනවිට හෝ පයින් ගමන් කරන විට අප පොලව දෙස බලන්නේ කුඩා කෝණයකින් නිසා ඇස වක්‍ර මාර්ගයෙන් එන කිරණයි හඳුනාගන්නේ.
කලින් ලිපියේ සඳහන් ගී ගයන කඳුවැටි දුර්ලභ වුවත්, එය මිනිස් ජිවිතවලට මිරිඟුව තරම් බලපෑම් එල්ල කර නැහැ. මිරිඟුව නිසා සතුන් පමණක් නොව අතීත දේශ ගවේෂකයෝ, සංචාරකයෝ මුලාවට පත් වී තිබෙනවා. අධික වෙහෙසින් යුතුව ජලය සොයා යාමේදී මිරිඟුවට රැවටුණු අය අපමණයි.
1818දී බ්‍රිතාන්‍යයේ සිට වයඹ දිගින් අත්ලන්තික් හා පැසිෆික් සාගර සම්බන්ධ වන මාර්ගයක් සොයමින් ගිය ජෝන් හා ජේම්ස් රොස් ග්‍රීන්ලන්තයත්, බැෆින් බොක්කත් අතර ඔවුන්ගේ මාර්ගය අවහිර කරමින් නැගුන කඳු පෙළක් දුටහ 1863දීද රොබට් පියරි නැවත ඒ මග ඔස්සේ ගොස් ජලය මත ඇති මේ කඳු පෙළ දැක වයඹ දිග මාර්ගයක් (Northwest passage) සෙවීම පලක් නොවන බව පවසා වෙනත් මාර්ගයකට යොමු වුහ.
1913දී ඩොනල්ඩ් මැක්මිලන් ක්රෝක්ර් බිම සොයාගෙන යාමේදී පෙර වාර්තාවී තිබු ස්ථානයට 300km බටහිරට වන්නටත් කඳුපෙලක් ඇතිබව දුටුවේය. ඉර බසින තෙක් නොකඩවා එදෙසට යාත්‍රා කල ඔවුන් දුටු දසුනින් මවිතයෙන් ගල්ගසුනි. එකවරම කඳුපෙළ නොපෙනී ගියේය. එනම්, වයඹ දිග මාර්ගයක් සෙවීමට බාධකයක් ලෙස දවල් කාලයේ දුටු කඳුපෙළ මිරිඟුවකි.
උදව්:
www.physicsclassroom.co
www.planet-science.com
classes/met130

No comments:
Post a Comment