පළමු ලිපියේ කි පරිදි රුසියාවෙන් සංක්‍රමණය වී ඇමරිකා මහාද්වීපය පුරා පැතිරුණු මිනිස් සමූහය විවිධ ජන කොටස් හා ගෝත්‍ර ලෙස වෙන්වෙමින් වසර දහස් ගණනක් ස්වභාව ධර්මයා හා සුවෙන් ජිවත් වුහ. ඉතාම දියුණු ලෙස සැලකිය හැකි ශිෂ්ටාචාර පවා ඇති කරගත්හ. මේ අය අධි සිතල ආක්ටික් ප්‍රදේශ වල මෙන්ම, මුහුදු වෙරළාසන්නයේ, ගොඩබිම මද්‍යයේ තණබිම් අවට, කඳුකර පෙදෙස්වල, ලඳු කැලෑ හා විශාල කැලෑ වලත් දඩයම් කරමින්, මසුන් මරමින්, ගොවිතැන් කරමින් සොබා දහමට ගරු කරමින් දිවි ගෙවූහ.
ක්‍රි. පූ.600ගණන්වල චීනයේ සිට රුවල් නැව්වල පැමිණ ආපසු නොයා නැවතුනු අය මගින්ද මේ ශිෂ්ටාචාර පෝෂණය වූ බව ඉතිහාසයේ කියැවේ. එයින් පෙනෙන්නේ ආසියාව සමග දිගටම සබඳතා තිබු බවයි.
මේ සාමකාමී, සැහැල්ලු ජිවිත බිඳ වැටීම ආරම්භ වන්නේ ප්‍රධාන යුරෝපා, ආසියා ගොඩබිමේ කොන්ස්තන්තිනොපල් නගරය තුර්කි මුස්ලිම්වරුන් අතට පත්වීමත් සමගයි.
කොන්ස්තන්තිනෝපල් කුප්පි කට |
ඔවුන් පැනවූ අධික බදු ඇතුළු අනෙක් නීති නිසා පෙර අපර දෙදිග භාණ්ඩ හුවමාරුවට බොහෝ ගැටලුවලට මුහුණ දීමට සිදුවිය. එම සිදුවීමේ හා ඊට සමාන්තරව සිදුවූ නාවික දියුණුවේ ප්‍රතිපල ලෙස නැගෙනහිරට ගොඩබිමෙන් ගමන් කරනු වෙනුවට චීනය හා ඉන්දියාව වෙත යාමට සාගරය ඔස්සේ බටහිර මාර්ග සොයාගැනීමට යුරෝපිය පාලකයෝ උත්සුක වූහ. මෙහිදී "ඉන්දියාව"යන්නෙන් අද ඉන්දියාව වටා ඇති රටවල්, ඉන්දුනීසියාව ඇතුළු විශාල ප්‍රදේශයක් අදහස් වුනි. මොවුන්ගේ අරමුණ වුයේ මුතු මැණික්, කුළුබඩු අතරමැදින්ගෙන් තොරව ලබාගැනීමයි. එංගලන්තය, ප්‍රංශය, පෘතුගාලය හා ස්පාස්ඥ්ඥය මේ නාවික ගමන් සඳහා පහසුකම් සපයාදුනි.
11වන සියවසේ සිටම බටහිර දෙසට නාවික ගමනාගමනය සිදුවුවත්, 1492 සිදුවූ කොලොම්බස් ගේ ගොඩබැසීම මෙන් ඇමරිකාවේ විසු ජනයාට බලපෑමක් කිරීමට මුල් නාවික ගමන් සමත් වුනේ නැහැ. අලුත් ලෝකයක් ලෙස මිස ඇමරිකා මහාද්වීපයක් තිබෙන බව ඔවුන් දැන සිටියේ නැහැ. මුහුදු කොල්ලකරුවන් හෝ මුහුදු වෙළෙන්දන් ලෙස සිතන Erik the Red නම් පුද්ගලයාගේ කණ්ඩායමත්, ඔහුගේ පුත්‍රයාත් වරක් දෙකක් තාවකාලික ලෙස කැනඩාවේ නැගෙනහිර දිග නිව් ෆවුන්ඩ්ලන්තයේ පදිංචි වූවත් ස්ථිර ලෙසින් නැවතීමක් ගැන සඳහන් නොවේ. මුල් පදිංචිකරුවන් සමග දීර්ඝ සබඳතා පවත් වූ බවට සාක්ෂි ද නැත.
අන් යාත්‍රිකයන්ට තරම් දැනුමක් නොවූ කොලොම්බස්ගේ වැටහීම වුයේ ලෝකය කුඩා බවයි. ඒ නිසා අත්ලාන්තික් සයුර ඔස්සේ බටහිර දෙසට යාත්‍රා කරමින් දැනට 'බහමා' ලෙස හැඳින්වෙන දුපත්වලට ගොඩ බැස්ස විට ඔවුන් සිතුවේ පැමිණියේ 'ඉන්දියාවට' කියාය. එම ගොඩබිමේ ඒ වනවිට ජිවත් වූ ජාතින් මුණ ගැසුණු විට ඔවුන්ව 'ඉන්දියන්වරු' ලෙස හැඳින්වුහ.
වසර පහ හයකට පසු මුහුදු මගින් අප්‍රිකාව වටෙන් නැගෙනහිර පැත්තට ගිය වස්කෝ ද ගාමා සත්‍යය පෙරදිග ඉන්දියාව ලෙස යුරෝපින් අදහස් කළ ප්‍රදේශය හඳුනාගත් පසු කලින් 'සොයාගත්තේ' ඉන්දියාව නොවන බව වටහාගත් නමුත්, 'සුදු මිනිසුන්' තමාට වරදක් වූ බව ලොවට පෙන්වන්නට කැමති වුයේ නැහැ. ඒ නිසා සත්‍ය ඉන්දියානුවන්ට වඩා සමේ වර්ණයෙන් වෙනස් වූ ඇමරිකානු පදිංචිකරුවන් 'රතු ඉන්දියානු' ලෙස හඳුන්වන්නට පටන්ගත්තා.
ආදී වාසින් ඒ නමට කොතෙක් අකමැත්තක් දැක්වුවත්, වසර 500කට ආසන්න කාලයක්, 1960, 70 ගණන් වනතෙක් ලොව පුරාම භාවිතයට ගැනුනේ ඒ නමයි. බොහෝ චිත්‍රපට, කතා, ලිපි, සාහිත්‍යය ආදියේත් සඳහන් වන්නේ රතු ඉන්දියන් නමයි.
1980 සිට ඇමෙරිකා මහාද්වීපයේ දැනට ජිවත්වන අය හා යුරෝපින් මේ මුල් පදිංචිකරුවන් 'රතු ඉන්දියානුවන්' ලෙස හඳුන්වන්නේ නැහැ. ඇමරිකාව හා කැනඩාවෙදී ඔවුන් ආදී වාසින්(aborigin) හෝ පළමු ජාතින් (first nations ) වන අතර, මෙක්සිකෝ ජාතිහු ඔවුන් දේශීය මිනිසුන් (indegenous people) ලෙස හඳුන්වති.
අපේ රටවල තවම යුරෝපින් විසින් පුහුණු කළ එම වැරදි නමම භාවිතා කළත්, මේ ලිපි කියවන ඔබ අන් අයත් දැනුවත් කරමින් ඒ නම මින් පසු භාවිතා කිරීමෙන් වලකින්න.
කොලොම්බස් ගේ පැමිණීමෙන් පසු ආදීවාසින් බුරුතු පිටින් ස්වාභාවිකව මරණයට පත්වුණේ කොහොමද? මීළඟ ලිපියෙන්
උදව්:
uottawa.ca
Canada's First Nations - Olive Dickason, David McNab
එල
ReplyDeleteටැංකිව්
Deleteසරල රචනා ශෛලිය, කියවීමට ප්‍රිය උපදවයි. තුති!!
ReplyDeleteභාෂාව ඉගැන්වූ හැමට පිං. අගය කිරීමට තුති.
Deleteවැඩේ මරු.
ReplyDeleteඅප අත නොගසන පැත්තකින් පටන් ගත්ත එකට පිං.
මේව මම කියවන්නත් බොහොම ලැදියි...
ඒත් රතු ඉන්දියන්වරු කිව්වා ම එන ගැම්ම ඇබොරිජින් කිව්වා ම දැනෙන්නෙ නැහැනෙ...!
අවුරුදු සිය ගානක් ජීරණය වෙලා නිසා. අපි තියා එයාලගෙත් සමහරු Red Indians කියාගන්නෙ.
Deleteඉතාම රසවත්,සියැටල් ගේ කථාවත් අපිට දෙනවද.(සම්පුර්ණයෙන්ම)
ReplyDeleteහතරවෙනි කොටස සියටෙල් ගැන.. :)
Deleteහෙත අරුණ පෙරේරාගේ කොමෙන්ටුව මගෙත් කොමෙන්ටුව සේ පිළිගන්න භාෂාව ඉගැන්වූ අය සේම ඔබ විසින්ම දියුණු කරගත් ශෛලියක් නිසා ඒ ගුරුවරුන්ට සමව ඔබටත් ගෞරවය හිමි වෙනවා
ReplyDeleteබොහෝම ස්තුතියි ඇගැයුමට ගුණසිංහ මහත්තය
Delete