Saturday 5 January 2019

ගූගල් දින වැදගත්කම: ජනවාරි 4 - ලුවී බ්‍රේල්

ජනවාරි 4
ආලෝකය නොදකින පිරිසකට ලෝකය දකින්නට ඉඩ සැලසු උදාර මනුෂ්‍යයෙක් ගේ උපන්දිනය ජනවාරි 4.
ලුවී බ්‍රේල් (1809  - 1852)
 අවුරුදු 210 කට පෙර ප්‍රංශයේ පැරිස් නුවර ආසන්නයේ උපත ලද ලුවී බ්‍රේල්, අඳුරේ කියවීමට සොයාගත් ක්‍රමය මගින් ලොවේ මනුෂ්‍ය කොට්ඨාශයකට කළ සේවය වෙන කිසිදු සොයාගැනිමකටත් නොදෙවෙනියි.
නිරෝගී ඇස් පෙනීම සහිත දරුවෙක් ලෙස උපත ලද ලුවී, සිව් හැවිරිදිව සිටියදී සපත්තු මසන්නෙක් වූ පියා උපයෝගී කරගන්නා උල් ආයුධයක් සමග සෙල්ලම් කිරීමට ගොස් එය ඇනීමෙන් ඇසක් තුවාල කර ගත්තේය. එම ඇසේ ඇතිවූ අසාදනය අනෙක් ඇසටත් පැතිරීමෙන් ඔහු පුර්ණ අන්ධ පුද්ගලයෙක් බවට පත්විය.
පාසල්විය එළඹුණු වහාම ඔහුව පාසල් යැවු මුත් කියවීමට ලිවීමට නොහැකිව එය ඵලදායි නොවෙන බව ලුවිට වැටහුණි. ආබාධිත පුද්ගලයන්ට රැකියාවක් හෝ වෙනත් ඵලදායක දෙයක් කිරීමට අවස්ථාවක් නොමැති එකල, බොහෝ ආබාධිතයන්ගේ අවසාන තේරීම වූයේ හිඟමනයි. එහෙත් අන්ධයන් සඳහා වූ ලොව පළමු පාසැල වන පැරිසියේ National Institute for Blind Children වෙත ශිෂ්‍යත්වයක් ලබා ඇතුළු වීමේ භාග්‍යය ලුවිට ලැබුණි.
අවම පහසුකම් ඇති එවැනි පාසලක වේවැල් විවීම වැනි දෙයට අමතරව කියවීම පමණක් ඉගැන්විණි. එකල භාවිතා වූ සාමාන්‍ය අකුරු කොළවල මතුවන සේ සටහන් කිරීමෙන් කියවීම සිදුවිණි. ලිවීමක් සිදුකරන ආකාරය ගැන කිසිවෙක්ට අවබෝධයක් නොතිබුණි.
Barbier ගේ night writing ක්‍රමය 
1821දී මෙම පාසලට පැමිණි කැප්ටන් චාල්ස් බාර්බියර් නම් පුද්ගලයෙක්  ඔහු විසින් සකසාගත්  night writing නම් සංඥා ක්‍රමයක් හඳුන්වා දුනි. මෙය නැපෝලියන් බොනපාට් ගේ ඉල්ලීම පරිදි සොල්දාදුවන්ට රාත්‍රියට හඬ නැගීමෙන් තොරව උපදෙස් හා ස්ථාන පිලිබඳ සන්නිවේදනය කිරීමට ගොඩ නැගුවකි. විවිධ හඬ නිරුපණයට උන්නත කරන ලද තිත් 12 ක් උපයෝගී කරගත් මෙම ක්‍රමය සොල්දාදුවන්ට ඉගෙනීමට අපහසු වූ නිසා හමුදාවෙන් ප්‍රතික්ෂේප වී තිබුණි.
15 වියැති ලුවී බ්‍රේල් සිසුවා ඉතා ඉක්මනින් මෙම ක්‍රමය ඉගෙනගත් අතර උන්නත කරන ලද තිත් මගින් සන්නිවේදනයේ වැදගත්කම වහා වටහා ගත්තේය. ඊළඟ මාස ගණන පුරා ලුවී විවිධ තිත් පද්ධති උපයෝගී කරගෙන නොයෙක් පර්යේෂණ කරමින්, අති සාර්ථක තිත් හයේ ක්‍රමයක් සොයා ගත්තේය. එය එදා සිට අද දක්වාම වෙනසක් නොමැතිව ලොව පුරා සියලු අන්ධ පුද්ගලයන් ලිවීමට හා කියවීමට භාවිතා කරන බ්‍රේල් හෝඩිය යි.

ලුවී සංගීතයටද සමතෙක්  වූ අතර ඕගන් වාදනයේ අති දක්ෂයෙකි.  තමා විසින් වර්ධනය කල තිත් හයේ ක්‍රමය, තමා ඉතා ආශා කරන සංගීතය උදෙසා ද  ව්‍යාප්ත කර සංගීත ස්වර සඳහාද මෙය වැඩි දියුණු කළේය. නොකඩවා පර්යේෂණයෙහි යෙදුනු ඔහු ගණිත ක්‍රම සඳහා ද, විරාම ලකුණු සඳහාද  උන්නත තිත් යෙදවීමේ ක්‍රම සොයා ගත්තේය.

1829 දී ස්වකිය ප්‍රථම පර්යේෂණ නිබන්ධනය ඉදිරිපත් කළ ලුවී බ්‍රේල් 1837 දී ජනප්‍රිය පාසල් ඉතිහාස පොතක වෙළුම් තුනක් බ්‍රේල් ක්‍රමයෙන් ලියා ප්‍රකාශයට පත් කළේය.
1826 දී  ඔහු ඉගෙනගත් පාසලේම ගුරු වෘත්තියට බැඳුනු අතර ස්වකිය ඛේත ක්‍රමය සිසුනට හඳුන්වා දුන්නේය. එකවරම මෙය තේරුම් ගැනීමට නොහැකි ඇස් පෙනෙන පුද්ගලයන් අතින් ක්‍රමය ප්‍රතික්ෂේප වූ අතර, එක් ගුරුවරයෙක් එය ඉගෙනීම සිසුනට තහනම් කළේය. මේ නිසා රහසින් ඉගෙනීමට පෙලඹුණු දෘෂ්‍යාබාධිත සිසුහු  ඉතා ඉක්මනින් මේ ඛේත කියවීමට මෙන්ම ලිවීමටත් ප්‍රයෝජනවත් බව අවබෝධ කොට ගත් නිසා එය වේගයෙන් ජනප්‍රිය විය. එහෙත් එම පාසැල එම ක්‍රමය නිල වශයෙන් පිළිගත්තේ බ්‍රේල් ක්ෂය රෝගය වැලඳී වයස 43දී මියගොස් වසර දෙකක් ගතවූ පසුවයි.
ඉංග්‍රීසි කතාකරන සමාජය බ්‍රේල් කේත ක්‍රමය පිළිගන්නට තවත් වසර ගනනාවක් ගතවිය.   1932 ලන්ඩනයේදී මුණගැසුණු එංගලන්තයේ හා ඇමරිකාවේ දෘෂ්‍යාබාධිත සංගම්වල නියෝජිතයෝ සම්මත ඉංග්‍රීසි බ්‍රේල් ක්‍රමයට එකඟත්වය පළකළහ. 1957 දී නැවත හමුවී මෙය වැඩි දියුණු කළහ. අතින් ඛේතකරණය වෙනුවට බ්‍රේල් යතුරු පුවරු ලොව පුරා භාවිතයට ගැනීමද ආරම්භ විය. ඉන්පසු ඉලෙක්ට්‍රොනික් යතුරු පුවරුද බ්‍රේල් ලිවීම උදෙසා සැකසුණි.
ලුවී බ්රෙල්ගෙන් ලොවට සිදුවූ සේවය ඇගයීමක් ලෙස ප්‍රංශ රජය 1952 දී ඔහුගේ දේහය ප්‍රංශ ජාතික වීරයන් තැන්පත් කරන Pantheon වෙත ගෙන ආවේය.

ලෝක සෞඛ්‍ය සංවිධාන දත්ත අනුව දැනට ලෝකයේ දෘශ්‍යබාධිත පුද්ගලයෝ මිලියන 285ක් පමණ වාසය කරති. ඒ සියල්ලන්ට ඇස් පෙනෙන පුද්ගලයන්ට මුද්‍රිත දෙයක් මෙන් උපයෝගී කරගත හැකි ක්‍රමයයි, බ්‍රේල්. ලොව සියලුම භාෂාවලට වැඩිදියුණු කර ඇති මෙම ක්‍රමය දැන් පරිගණක භාවිතය උදෙසාද සාර්ථකව උපයෝගී කරගනියි.
"බ්‍රේල් ක්‍රමය තුලින්, සම්පුර්ණයෙන් හෝ අඩක් නොපෙනෙන පුද්ගලයන්ට අන් අය මෙන්ම අධ්‍යාපනය ලබා ගත හැකිය. රැකියාවක් කර, ස්වාධින පුද්ගලයෙක් ලෙස නිදහසේ ජිවත්විය හැකිය. බ්‍රේල් ක්‍රමය භාවිතා කරන පුද්ගලයන්ගෙන් 80%ක්ම රැකියා කරමින් ජිවත්වන බව ජාත්‍යන්තර පර්යේෂණවලින් හෙළිවී ඇත". නවසිලන්ත රාජකීය දෘශ්‍යබාධිත සංගමයේ උපදේශක ලිසෙට් වෙස්ලින්ග් කියයි.
හෙට (ජනවාරි 6 දින) ලුවී බ්‍රේල් මියගොස් වසර 166කි. ආලෝකය නොදකින ජිවිත මිලියන ගණනකට ආලෝකය දුන් බ්‍රේල් නම ලොව තවත් වසර සිය ගණනක් නොමැකි පවතිනු ඇත.


ජනවාරි 5
විශ්වාස කරන්න ! Google Doodle ආරම්භ වූ 1998 සිට මේ දක්වා වසර 20 තුළ කිසිදු ජනවාරි 5 දිනක විශේෂ මුල් පිටුවක් පලවී නැත.

උදව්:
www.google.com/doodles?hl=en-ca
www.caloundracity.asn.au/Francofiles/famous_people/braille
www.britannica.com/biography/Louis-Braille
www.scoop.co.nz/stories/CU1201/S00003/happy-birthday-louis-braille.htm

9 comments:

  1. එක පුද්ගලයෙකුගේ ධෛර්‍යය නිසා ලෝකයට සිදුවූ යහපත අනර්ඝයි

    ReplyDelete
    Replies
    1. අපි නොහිතන අති උතුම් ක්‍රියා. අඳුරේ මිලිනව යන්න තිබුණු කි දහසකගේ ජිවිතවලට නව අගයයන් දීලද

      Delete
  2. Sau đó click on on vào Surf, thế là ổn rồi nhé.

    ReplyDelete
  3. Hello there, You’ve done an incredible job.
    I’ll certainly digg it and personally recommend to my friends.I am confident they’ll be
    benefited from this web site.

    ReplyDelete
  4. Woah! I'm really loving the template/theme of this blog.
    It's simple, yet effective. A lot of times it's very difficult to get
    that "perfect balance" between superb usability and visual appearance.
    I must say you've done a awesome job with this.
    Additionally, the blog loads very quick for me on Firefox.

    Superb Blog!

    ReplyDelete
  5. Hiya, I'm really glad I have found this information. Nowadays bloggers publish just about gossips and net and this is really annoying.
    A good web site with exciting content, that's what I
    need. Thanks for keeping this website, I will be visiting it.
    Do you do newsletters? Can't find it.

    ReplyDelete