Friday 30 December 2016

නයගරා දියඇල්ල :කැනඩාවේ සුවිශේෂ ස්ථාන -1

ලෝකයේ විශාලත්වයෙන් දෙවන රට වන කැනඩාවේ නම ඇසු පමණින් දන්නා සුවිශේෂම ස්ථානය නයගරා දියඇල්ල යි. එක දියඇල්ලක් ලෙස කවුරුත් දැන සිටියත් මෙය කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයත් ඇමරිකාවත් වෙන් කරන දේශ සිමාවේ ළඟ ළඟ පිහිටි දියඇලි තුනක එකතුවක්.
1. Horseshoe Fall : සාමාන්‍යයෙන් නයගරා ඇල්ල ලෙස හඳුන්වන්නේ උස 176' (53.6m) වන මෙම                                    ඇල්ලයි
2. Bridal Fall (මනාලි ඇල්ල )
3. American Fall (ඇමරිකන් ඇල්ල)
ඇමරිකන් ඇල්ල හා මනාලි ඇල්ල : එපිටින් පෙනෙන්නේ ඇමරිකාවයි.
මේවා ඊරි විලේ සිට ඔන්ටාරියෝ විලට ජලය ගලන නයගරා ගඟෙන් නිර්මාණය වන දියඇලියි. ගංගාව මේ ස්ථානයේදී තල දෙකක පිහිටන නිසා දියඇලි නිර්මාණය වී ඇත.

මේ දියඇලි සාපේක්ෂව 'අලුත්' ඒවායි. අවුරුදු 18 000කට පෙර Ice Age එකේදී මේ ප්‍රදේශය කිලෝමීටර් දෙක තුනක් ඝනකම් අයිස් තට්ටුවකින් වැසි තිබී ඇත. වසර දහස් ගණනක් ක්‍රමයෙන් දියවෙමින් ගිය මේ අයිස් තට්ටුව මගිනුයි ඊරි විලත්, නයගරා ගඟත්, ඔන්ටාරියෝ විලත් ඇතුළු පංච මහා විල් සැදී ඇත්තේ. ඒ අවුරුදු 12 500 කට පෙර.
 නයගරා ගඟ ඇත්තේ පොලව මට්ටමින්. ඒ නිසා ගොඩබිමින් ගොස් දියඇල්ල වැටෙන අයුරු නැරඹිය හැකිය.


දියඇලි වලින් වැටෙන ජලය 15km දිග ජල දුර්ග ගණනාවක් ඔස්සේ ඔන්ටාරියෝ විල හමුවන තෙක් ගමන් ගනී. ඒ අතරතුර හමුවන whirlpool සුවිශේෂ තැනකි. දියඇල්ල දිශාවෙන් ගලා එන ජලයට විශාල කඳු බාධකයක් හමුවේ. එතැනදී ජලය අංශක 90 කින් හැරී ගමන් කල යුතු වේ.
ජලය ගලා එන වේගයෙන් හැරීම නිසා නිර්මාණය වූ ලොකු දිය සුලියයි Whirpool නම් වෙන්නේ.
මෙම දියසුලියට උඩින් යන කේබල් කාර් එකේ ගොස් හෝ වටෙන් යන් බෝට්ටු මගින් ගොස් හෝ දියසුලිය හොඳින් නැරඹිය හැකිය.

දැන් නයගරා නගරය සුපිරි වෙළඳසල්,විනෝද ස්ථාන,උද්‍යාන, මංගල උත්සව ශාලා, කෞතුකාගාර ආදියෙන් සපිරි පුර්ණ වෙළඳ නගරයකි.
මුදල් දී දියඇල්ල පිටුපසින් ගොස් නැරඹීමටත්, පහල ගඟ දිගේ ගොස් නැරඹීමටත් අවස්ථාව ඇත. ගිම්හාන කාලයේ සමහර දිනවල දියඇල්ලේ නිර්මාණය වන දේදුන්න අපූරු දසුනකි.


මෙම ගලා යන ජලයෙන් ක්‍රියාත්මක වන ජල විදුලි බලාගාරයක්ද තිබේ.ඔන්ටරියෝ ප්‍රාන්තයේ සැහෙන කොටසකට විදුලි බලය සැපයෙන්නේ මේ බලාගාරයෙනුයි.

සමහර රාත්‍රින්හි වර්ණවත් ආලෝකධාරා මගින් දියඇල්ල ආලෝකමත් කෙරේ. මේ සඳහා විදුලිය සපයන විශාල විදුලි බුබුළු දියඇල්ල ඉදිරිපිට දකින්නට පුළුවන.



ශීත කාලයට ඇල්ල සම්පුර්ණයෙන් මිදෙන අවස්ථා අඩු වුවත් ජලය ගලන වේගය අඩුවී සමහර ස්ථාන මිදේ. මිදුණු අයිස් මතින් දියඇල්ල උඩ ගමන් කිරීමට සමහරු කැමැත්තක් දක්වති .


උදව්:
පින්තුර  ගත් හේමා නිශ්ශංක මල්ලී
සුසිල් කොළඹතන්ත්‍රි අයියා

6 comments:

  1. නයගරා ඇල්ල.
    ප්‍රයෝජනවත් ලිපියක්.
    ස්තුතියි.

    ReplyDelete
  2. ස්තුතියි
    අගය කිරීම ගැන

    ReplyDelete
  3. 2017 අගෝස්තු මස නයගරා දිය ඇලි ප්‍රදේශයට යනකම් දැනගෙන සිටියේ නෑ, එහි දියඇලි තුනක් තිබෙන බව. මේ බවක් අපට පාසලේ දී උගන්වලාත් නෑ. ඔබේ ලිපියේ මුල ම මේ ගැන කියා තිබීම ගැන සතුටුයි. හැබැයි මේ දිය ඇලි තුන ම නිරෑපණය කරන ඡායාරෑපයකුත් ඇතුළත් වුණා නමි මේ කාරණය වඩාත් පැහැදිලි වේවි. ඒ ඡායාරෑපය ගුවනේ සිට ගත යුත්තක් බවයි මට දැනෙන්නේ. අන්තර්ජාලයේ තිබේදැයි නොදනිමි.

    ReplyDelete
  4. දියඇලි තුන තිබෙන්නේ ඈත්ව නිසා අපේ පින්තුර ගොඩෙන් හොයාගන්න බැරිවුනා.පැනොරමික් එකක් ගන්න ඕනේ. ඒත් සර්ගේ යෝජනාව වැදගත් කියල හිතුනු හින්ද අන්තර්ජාලයෙන් පින්තුරයක් එකතු කළා.යෝජනාව ගෙනාවට ස්තුතියි.

    ReplyDelete
  5. Do you mind if I quote a couple of your articles as long as I provide credit and sources back to your blog?
    My blog site is in the very same niche as yours and my users would truly benefit from a lot of
    the information you provide here. Please let me know if this okay with you.

    Regards!

    ReplyDelete
    Replies
    1. You can get any of the articles to post in your blog site by Copying the link.
      Thanks for your interest.

      Delete