මොනවද මේ අජිනොමොටෝ කියන්නේ?
මොනො සෝඩියම් ග්ලුටමේට් (MSG ) කියන රසායනිකයට. මෙය මුලින්ම හඳුනාගත්තේ ස්වභාවික මුහුදු ශාක සාරවලින් රසකාරකයක් හදන්න පර්යේෂණ කළ කිකුනේ ඉකෙඩා නම් ජපන් ජාතික විද්‍යාඥයෙක්, 1908දී. රසායනිකව බැලුවොත් 78%ක් ග්ලුටමික් අම්ලය, 21%ක් සෝඩියම් හා 1%ක් වෙනත් ද්‍රව්‍ය තියෙන්නේ.
MSG අණුක සැකැස්ම |
MSG වලින් සිරුරට තියන ප්‍රයෝජන මොනවද?
ශරීර පරිවෘත්තිය ක්‍රියාවලියට, ඒ කියන්නේ වැඩෙන, කැඩෙන , හැදෙන, පෝෂක උරාගන්න, සිරුර පවත්වාගන්න ක්‍රියාවලට සහභාගී වෙනවා. මොලයෙන් නිපදවෙන ග්ලුටමෙට් මගින් අවයවවල සාමාන්‍ය ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නත්, ස්නායු මගින් පණිවිඩ ගෙනයන්නත් උදව් වෙනවා. බඩවැල්වල මුලික ශක්ති ප්‍රභවයක් ලෙස ක්‍රියා කරනවා.
මිට අමතරව වයස්ගත වී ගඳ සුවඳ දැනීම අඩුවූ අයට ආහාර සඳහා ප්‍රියතාවක් ඇති කිරීමටත් යොදා ගන්නවා. සාමාන්‍ය ලුනුවලට වඩා අඩු සෝඩියම් ප්‍රමාණයක් තියන නිසා සෝඩියම් අඩුවෙන් අවශ්‍ය අයටත් ප්‍රයෝජනවත්.
සාමාන්‍ය වැඩුණු මිනිසෙකුගේ මොලය, වකුගඩු, අක්මාව වැනි අවයව වලත්, පටක වලත් ස්වාභාවිකව ඇතිවන ග්ලුටමෙට් 2kg පමණ අඩංගුයි. මේ සියල්ල සිරුර තුළදී වෙනත් ප්‍රෝටීන් වලට බැඳී පවතින්නේ. එසේ පවතින විට සිරුරට අයහපතක් නැහැ.
MSG අනිත් ප්‍රෝටීන හෝ ඇමයිනෝ අම්ලවලට නොබැඳෙන ලෙස වෙන්කර ගත්විට රසක්, සුවඳක් නැති ලුණු වර්ගයක්. එහෙත් ආහාරයට එක් කළාම එම ආහාරයේ රසත් සුවඳත් වර්ධනය කරනවා. වෙන්කරගත් MSG දැම්මම ඇතිවන සැර ලුණු රසට උමාමි ගුණය(savory) කියල කියනව.
මුල්ම අජිනොමොටෝ සලකුණ |
ආචාර්ය ඉකෙඩා විසින් MSG හඳුනාගත් පසුව අජිනමොටෝ කොම්පැනියත් සමග එක්ව පේටන්ට් බලපත්‍රයක් ලබාගෙන අජිනොමොටෝ නමින් ජපානයේත්, චීනයේත් සාමාන්‍ය ලෙස විකිණීම ඇරඹුනා.
දෙවන ලෝක යුද්ධය කාලේ ජපාන සෙබළුන්ගේ ආහාරවල විශේෂ රසයට ඇලුම් කළ ඇමරිකානු සෙබළුන්ගෙන් අජිනොමොටෝවලට ඉල්ලීම වැඩිවීමත් සමග 1950 සිට මෙය පාලනයකින් තොරව අලෙවි වීමට පටන් ගත්තා. රසායනාගාරවල කාර්මික ලෙස නිෂ්පාදනය ඇරඹුනා. අජිනොමොටෝ සමාගම විවිධ රටවල තම ශාකා ඇරඹුවා. 1959 දී ඇමරිකාවේ ආහාර හා ඖෂධ පාලන අධිකාරිය "MSG සාමාන්‍යයෙන් ආරක්‍ෂිත බව හඳුනාගත හැකිය' කියල ලේබලයකුත් නිකුත් කළා.
මෙයින් අවුරුදු දහයකට පසු ආහාර ගැනීම පටන්ගෙන මිනිත්තු 20කින් පමණ ඇතිවන හිරිවැටීම්, හර්දයේ අසමාන ගැස්ම, හිසරදය, වමනය වැනි රෝග ලක්ෂණ ඇති රෝගයක් මතුවුනා. රෝගීන් හැමදෙනාම නිතර චීන අවන්හල්වලින් ආහාර ගත් අය නිසා එම රෝගය 'චීන අවන්හල් සින්ඩ්‍රෝමය' ලෙස නම් කළා. මෙම රෝගයට හේතු පිලිබඳ කළ පර්යේෂණවලදී MSG අඩංගු ආහාර ගන්න අය අතර යම් සංකුලතා ඇති බව සොයාගත්තා.
+ ඉරුවාරදය ඇතිවීම
+ හද ගැස්මේ අසමානතා
+ බර වැඩිවීම
+ නින්දේදී ගෙරවීම හා නින්දේදී හුස්ම ගැනීමේ අපහසුතා
+ නින්ද නොයාම
+ ගැබිණි මවක වැඩිපුර MSG ආහාරයට ගතහොත් දරුවා ආහාරවලට අසාත්මික වීම
+ ප්‍රොස්ටේට් ග්‍රන්ථි ඉදිමීම
+ නිතර කිවිසුම් යාම, සොටු ගැලීම
+ කාංසා සහගත හැසිරීම්
+ දිගු කාලින භාවිතයෙන් මලපහ කිරීමේ අපහසුතා හා වකුගඩු ක්‍රියාකාරිත්වයේ විකෘතිතාත්, පිරිමින්ගේ වඳ භාවයත් ඇතිවිය හැකියි.
මේ රෝගී තත්වය හඳුන්වන්නේ MSG Symptom Complex කියලයි.
ස්නායු වෛද්‍ය රසල් බ්ලේලොක් විස්තර කරන පරිදි MSG මගින් මානව ස්නායු සෛල අධික ලෙස උත්තේජනය කරනවා.
රසායනාගාර පරීක්ෂණවලදී ග්ලුටමෙට් එන්නත් කළ සතුන්ගේ මොලයේ ස්නායු හානිවුනු බව පෙනී ගොස් තිබෙනවා.
ග්ලුටමෙට් මගින් උත්තේජනය වන සෛල ඇස්වල, ස්නායු පද්ධතියේ හා අග්න්‍යාශයේ තිබෙනවා. නින්ද නොයාම ඇතිවන්නේත් මොලයේ සෛල වෙනස් ලෙස උත්තේජනය නිසයි.
ස්නායු උත්තේජනයට දිව හුරුවීම නිසා MSG අඩංගු ආහාරවලට ඇබ්බැහි වීමක්ද සිදුවිය හැකියි.
මේ පිලිබඳ වැඩිදුර පර්යේෂණ කළ වෛද්‍ය බ්ලේලොක් පෙන්වා දුන්නේ සිරුරේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය පමණට වඩා කෘතීම ලෙස ග්ලුටමෙට් ලැබීම
*හර්දය ක්‍රියා විරහිත කිරීමට තරම බලවත් වියහැකි බව
* පිළිකා ඇතිකිරීමටද උපකාරී වන බව.
වෙනත් අය කල පර්යේෂණ වලින්ද MSG වල අහිතකර බව තහවුරු වුණා. අධි ප්‍රමාණ වලින් සිරුරට MSG ඇතුල් වීමෙන් විවිධ ආබාධ ඇතිවන බව හා මොලයට සිදුවන හානි නිසා කලහකාරී හැසිරීම් හා කාංසා සහගත හැසිරීම් ඇතිවන බව මියන් යොදාගෙන කළ පර්යේෂණ වලින් පෙනී ගොස් තිබෙනවා.
MSG වැඩි ප්‍රමාණවලින් දිගු කාලයක් ගැනීමෙන් හර්දයේ අසමාන ගැස්මට අමතරව, හර්දයේ බර වැඩිවීම, හමේ ආසාදන ඇතිවීම, මුඛයේ හිරි ගතිය, ඈලිමැලි ගතිය මෙන්ම කන්වල රැව්දෙන හඬ ඇසීමද ඇතිවන බව නිරීක්ෂිතයි. ස්ථුලතාව ඇතිවීම (මහත්වීම), මධ්‍ය ස්නායු පද්ධතියේ සංකුලතා, ආහාර මාර්ගයේ පටක ඉදිමීම, ඩිම්බකෝෂ හා පැලෝපිය නාලවල වෙනස්කම්, අක්මාවේ අක්‍රමිකතා, පිරිමින්ගේ රුධිරයේ හිමොග්ලොබින් වැඩිවීම, ඇස්වලට හානි සිදුවීමත් වෙන බව සොයාගෙන තිබෙනවා. බඩවැල් මගින් MSG සියල්ලම පහේ උරාගන්නවා. ඒ නිසා MSG අඩංගු ආහාර ගත්විට බඩවැල් ඉදිමෙනවා.
මේ අනුව MSG මත්පැන්, නිකොටින් හා සමහර මත්ද්‍රව්‍ය වලටද වඩා භයානක නිහඬ මරුවෙක් බවයි පෙනී යන්නේ.
මේ බව පර්යේෂණ වලින් පෙන්වා දුන් විට බොහෝ රටවල් MSG රසකාරකයක් ලෙස යොදාගැනීම තහනම් හෝ සීමා කළා. එහෙත් සංවර්ධනය වෙමින් පවතින ආසියා, අප්‍රිකා රටවල් දරුණු ලෙස මේ රසායනිකය භාවිතා කරනවා. මහා පරිමාණ ආහාර ව්‍යාපාරවල පමණක් නෙවෙයි සාමාන්‍ය ගෘහනියටත් නැතිවම බැරිවෙන තැනට වෙළඳ දැන්වීම් මගින් පුරුදු කරලා ඇබ්බැහි කරවලයි තියෙන්නේ.
දැන් ඔබ දැනුවත්.
දැනුවත් වූ අය පවා නොමග යැවීමට ආහාර නිෂ්පාදන සමාගම් දැන් වැඩ කරනවා. ඔවුහු MSG නාමය නොදා ඉන්න පරෙස්සම් වෙනවා. ඒ නිසා හැමවිටම MSG අඩංගු මෙම නාමයන් ගැන ඔබ සැලකිලිමත් වෙන්න.
මේවයේ සැඟවිලා තියෙන්නේ MSG.
* ග්ලුටමෙට් * මොනෝ පොටෑසියම් ග්ලුටමෙට්
*natrium glutamate *සෝඩියම් කැසිනෙට්
* Textured ප්‍රෝටීන් * කැල්සියම් ග්ලුටමෙට්
* Glutamic Acid * මොනො සෝඩියම් ග්ලුටමික් ඇසිඩ්
* කැල්සියම් කසිනේට් Calcium Casienate
*ජෙලටින් * යීස්ට් පෝෂක * Yeast extract
* Autolyzed Yeast * Hydrolyzed ප්‍රෝටීන්
පහත නම් සඳහන් ආහාර නිෂ්පාදනය අතරතුර MSG එක් කිරීම් වෙනවා.
** Powdered milk (පිටිකළ කිරි) * Natural flavours and flavourings * Soy sauce
* Soy Protien *Malt extract *broth *Carrageenan *Pectin
* Enzyme modified *Corn starch *Protien fortified * Ultra pasteurized
MSG විෂෙන් ඉවත් වෙන්න මේ දේවල් කරන්න පුළුවන්.
1. ආහාර ලේබල් ප්‍රවේශමින් කියවන්න. MSG කෙලින්ම සඳහන් නම් හෝ ඉහත ලෙස සඳහන් නම් ඒ නිෂ්පාදන ගන්න එපා.
2. අවන්හල් වලදී ඔවුන්ගේ ආහාරවලට MSG දානවද කියල අහන්න. ( ලංකාවෙදිනම් හරි උත්තර ලැබෙයිද මන්ද.)
3. ක්ෂණික ආහාර ගැනීමෙන් වලකින්න. බොහෝ ක්ෂණික ආහාර, පිළියෙළ කළ මස්, මාළු, බැදුම් හා බිම වර්ග වලට රසය හා ඇබ්බැහි වීමේ ගුණය දෙන්න MSG යොදනවා.
4.MSG හේතුවෙන් බඩවැල්වල සියුම් පටල ඉදිමේ. වරින් වර ඔබේ බඩවැල් ශුද්ධ කරන්න. (දන්නවනේ විරේක. ඉස්සරනම් විරේක ගන්න එපා කියල බටහිර වෙදකමේ කිව්වේ).
5. විටමින් C අඩංගු ආහාර ගැනීම (අලුත් පලතුරුවල හා එළවළුවල තියනව)
දැන් අජිනොමොටෝ සමාගම කෝ?
රටවල් 27ක යහතින් තියනවා. විවිධ නම්වලින් නිෂ්පාදන සිදු කරනවා
කෝපි, චිකන් කියුබ්, සුප් කැට, food seasoning, බිම වර්ග, චීස් වර්ග, රසකාරක, frozen food හදනවා.
1997 ඉඳන් රුව වඩන ආලේප හදනවා.
1986 සිට පිළිකා නාශක බෙහෙත් හා වෙනත් බෙහෙත් වර්ග නිෂ්පාදනය කරනවා.
1998දී රුසියාවේ පර්යේෂණ මධ්‍යස්ථානයක් ආරම්භ කළා, ජලජ ජීවීන්ගේ ඇමිනෝ අම්ල සංවර්ධනය සම්බන්ධ පර්යේෂණය හා නියුක්ලියෝටයිඩ නිෂ්පාදන පිලිබඳ පර්යේෂණ කරන්න.
'සෞඛ්‍යමත් මනසක් හා සිරුරක්' සඳහා වන සෞඛ්‍ය හා පෝෂණ සම්මන්ත්‍රණ සංවිධාන කරනවා.
2020 ඔලිම්පික් උළෙලේ නාමකරණ අයිතිය තියෙන්නෙත් අජිනොමොටෝ සමාගමට ..
ලෙඩත් දීල බෙහෙතුත් දෙන සමාගම්.....????
උදව්:
රේණුකා විමලරත්න සොයුරිය
Effect of monosodium glutamate and aspartame on behavioral and biochemical parameters of male albino mice :G. Mohammad Abu-Taweel (2016)
Fact or Fiction ? The MSG Controversy: Monica Singh (2005)
Monosodium Glutamate Toxic Effects and Their Implications for Human Intake: A Review V. Husarova et al. (2013)
The Effect of Monosodium Glutamate (MSG) on the Gross Weight of the Heart of Albino Rats O. A. Kingsley et al. (2013)
The Harmful Effects of Monosodium Glutamate : Dr. E. Group (2014)
ajinomoto.com
articles.mercola.com (2009)
fitnesspel.com
glutamate.com
බොහොම රසවත් ලිපියක්,, මෙහෙ නම් ඔය දේ නෑ වසනාවකට , තවම ;) ජයවෙවා !
ReplyDeleteආසියාවේ දුප්පත් රටවල්නෙ ගොදුරු කරගෙන ඉන්නේ
Deleteලංකාවේ අවන්හලකට ගිහින් අජිනොමොටෝ දාලද කියලා ඇහුවොත් නියම ඉල්ලන් කෑමක් කන්න වෙනවා..පහුගිය සිංහල අවුරුද්දට පෙරදින මහරගම නගරයේ අවන්හලකට දවල් කෑමට ගොඩවී එහි වටපිටාවේ ඇති පිරිසිඳු කම ගැන එතරම් ප්‍රසාධයක් නොවූ නිසා අපි නිහඬව එතනින් පිට වී යාමට හදද්දී අවන්හලේ අය කෑම ගතයුතු බවට තර්ජනය කළා..මේ සිදුවීම ගම්පොල නගරයේදීද සිදු වුනා..අවසානයේදී අප ආහාර ඇනවුම් කර කෑම නොකා බිල ගෙවා පිටවුනා. කවුරුත් කතා නොකරන අපේ රටේ ඇත්ත තත්වය මෙයයි..කොටින්ම කිවොත් මට ලැබුණු සන්හින්දියාවේ අත් දැකීම්..
ReplyDeleteසමාවන්න ඕනේ මාතෘකාවෙන් පිට ගියාට..අජිනොමොටෝ අද වන විට බටහිර හඳුන්වන්නේ ''නිහඬ මාරයා '' කියලා. බටහිර රටවල භාවිතයෙන් ඉවත් කර තිබෙනවා.. මේ ව්‍යාපාර දැනට බහුලව ගෙන යන්නේ ආසියාවේ අපේ රට වැනි නොදියුණු රටවලයි. අජිනොමොටෝ වලට ළමයින්ගේ ඇබ්බැහි වීම නිසා තමයි ළමයින් කඩ වල තිබෙන කොත්තු රොටි/ෆ්‍රයිඩ් රයිස් වැනි ආහාර මිස සාමාන්‍ය නිවසේ පිසින ආහාර වලට අකමැති..
අවාසනාවට අම්මලාත් මේ වහට අබ්බභී වෙලා..ඇතැම් නිවෙස් වල පොල් සම්බෝලයටත් අජිනොමොටෝ/සුප් කැට එකතු කරන මට්ටමට මේ වසංගතය දුර දිග ගිහින්..පිළිකා රෝහලේ පෝලිම් දිගු වීම ගැන තවත් කවර කතාද?
ළමයින්ගේ තරබාරුව, පිළිකා, දියවැඩියාව, රුධිරපිඩනය වැනි මෙකි නොකී රෝග ඇතිකරන මේ නිහඬ මාරයා ගැන වටිනා ලිපියක්..ස්තුතියි ඔබට
මොනවා කිව්වත් අපේ රටේ අය වෙළඳ දැන්වීම් වලට රැවටෙන එක නවත්තන්න අමාරුයි .... දිරි දුන්නාට ..ලිපි සපයා දුන්නට.. ස්තුතියි ඔබට..
Deleteමේ සමඟම මට තවත් මගේ අත් දැකීමක් මතක් වෙනවා.. එත් ගිය අවුරුද්දේ..ආපසු ගමනට උම්බලකඩ ගන්න මතක් වුනේ අන්තිම මොහොතේ..කලබලේට ගොඩවුනා මහරගම කාගිල්ස් එකට..රතුපාට සාරියක් ඇඳගෙන හිටපු වෙළඳ සේවිකාවකගෙන් ඇහුවා උම්බලකඩ කොහෙද කියලා..මේන් මේ ගෑනි මට මැගී උම්බලකඩ කුඩු කියලා කහපාට පැකට් එකක් දුන්නා..ඒක තමයි දැන් ජනප්‍රිය කියලත් කියපි..මේ වර්ගය විකුනන්න අවශ්‍ය නිසා ඔවුන් සැබෑ උම්බලකඩ කැබලි පැකට් රාක්ක වලින් ඉවත් කරලා
ReplyDeleteපසුව සොයා බැලු මට දැනගන්න ලැබෙන්නේ මේ උම්බලකඩ අමුතු මිශ්‍රණයක් බවත් රසයෙන් ඉතා වැඩි නිසා දැන් නිවෙස් වල භාවිතා වන්නේ එය බවත්..මේ කියන උම්බලකඩ මිශ්‍රණයේ MSG අඩංගුයි..අපේ ගෘහනියන් දැන් පහසුවට භාවිතා කරන්නේ MSG එක්කල උම්බලකඩ සිහින් මිශ්‍රණයක්..මාරයා වෙනස් ක්‍රමයකින් ගෙදර කෑම පිඟානට රිංගලා ......
ප්‍රවේශම් වෙන්න!!!!!!
මේ උම්බලකඩ පැකට් ඇත්තම උම්බලකඩ කුඩු විතරක් කියලා හිතාගෙන මම ලංකාවෙන් ගෙන්න ගත්තා. මේක ලෝන්ච් කරපු කාලේ. ගෙනාවට පස්සේ තමයි වැඩේ තේරුනේ. මල ජරාවක්. පාවිච්චි නොකර ඉන්න කියලා තමයි මටත් කියන්න තියෙන්නේ.
Deletegood post ...
ReplyDeleteThank you
Deleteමම කාලයක් ලංකාවේ අවන්හල් දෙකක පාලනය කරා. මම ගිය දවසේ කුස්සි පරීක්ශා කරනකොට අජිනමොටෝ භාවිතය ඉතා ඉහල මට්ටමක තිබුනා. එම ආයතනයට අජිනමොටෝ ඕඩර් කිරීම ක්‍රමක්‍රමයෙන් මම නැවැත්තුවා. පසුකාලයක මම එයින් ඉවත්ව ගිය පසු, දවසක් එහි කෑමට ගියා. මට අජිනමොටෝ රස හොඳින් තේරුනා. සමහර සුපවේදීන් මේ අජිනමොටෝ දෙයියා නැතුව මුකුත් කරන්න බයයි. ඒ වැඩ බැරි එවුන්.
ReplyDeleteඅපේම වෙච්ච කුළුබඩු මෙච්චර තියෙද්දී කෑම රස කරන්න මොකටද මේ වසවිස
Deleteමෙහි අඩංගු දෑ ජනගත විම අතිශයින් වැදගත් නේද?....නගරබදව විතරක් නෙමේ පුංචි ගම්මාන වලත් චීන කඩ වැහි වැහැලා..ඔබේ තොරතුරු සැපයිම අතිශයින් අගය කළ යුත්තකි.
ReplyDeleteස්තුතියි. බ්ලොග් එකට අමතරව ෆේස්බුක් ගෘප් කිහිපයකත් දානවා.තරමක් හරි ජනගත වෙයි නේද?
Deleteදැන් අජිනොමොටෝ සමාගම කෝ?
ReplyDeleteපේනවනේ ඒගොල්ලෝ කරන දේවල්....ගොඩක් මිනිස්සුන්ට විණ කටින සමාගම්වල ඇත්ත තත්වය ඕකයි...සුක්ෂම විදිහට තමන්ගේ මාර්කටින් කරන්නේ....හරියට අර සංගක්කාර පිළිකා රෝහලට සල්ලි එකතු කරන අතරේ ප්‍රීමා නූඩ්ල්ස් කන්න කියනවා වගේ.....
කාලෝචිත ලිපියක්....
මේ වගේ කෙලින්ම නොවුනත් හැම ඖෂධ සමාගමක්ම ලෙඩ හදන්නත් උදව් දෙන විදියක් තමයි තියෙන්නේ.
Deleteතොරතුරු ටිකනම් සෑහෙන්ඩ වටිනවා. ලංකාවේ තහනම් කරන්න බැරිද?
ReplyDeleteතහනම් කරන්න පුලුවන්නම් හොඳයි. මතයක් ගොඩනගල මිනිසුන් දැනුවත් කරලා භාවිතය අත අරින්න පුලුවන්නම් වඩාත් හොඳයි නේද?
Delete味の素 අජිනොමොතො සමාගම ජපානයේදී නම් වෙනත් අහාර වර්ග බොහොමයක් විකුණනවා. ඒ වගේම ජපන් මිනිස්සුන්ගේ සාමාන්‍ය ආහාර අනුව ඔවුන්ට මේ ක්ෂණික කෑම වලින් තිබෙන හානිය අඩු වෙනවා යයි මට හිතෙනවා.
ReplyDeleteදැන් නම් ඔවුන් succinic acid ස්වභාවික රසකාරකය ගැන ගැන වැඩි අවධානයක් යොමු කරන බව ලගදි ළමයෙක් කිව්වා.
ජපානයෙයි , චිනයෙයි දැන් අවුරුදු 100කටත් වැඩිය පාවිච්චි කරනවනේ. ඔවුන්ගේ ආහාර පුරුදුත්, යොදන ප්‍රමාණයත් අනුව ප්‍රශ්නයක් නැතිව ඇති. අපේ ගෘහනියෝයි හෝටල්වල කොකියෝයිනේ අහුරු පිටින් දාන්නෙ
Deleteසක්සිනික් අම්ලය ගැනත් කියවල බලන්න ඕනේ...
කාලෙකින් හොඳ බ්ලොග් එකක් කියවන්න ලැබුණා කියලා හිතෙනවා. අධ්‍යාපනික වටිනාකම ඉහළයි. වල්පල් නැතිව මෙවැනි වටිනා ලිපි ලිවීම ගැන සතුටුයි.
ReplyDeleteඅගය කිරීම ගැන ස්තුතියි. වල්පල් නැති සිංහල බ්ලොග් කලාවක් කවදාහරි ඇතිවෙයි. අපි කිහිපදෙනෙක් උත්සහ කරනවා.
Deleteඅජිනමොටෝ වලට කුකුල් මස් දානවද මස් මංශ කන්නෑ ඒකයි අහන්නෙ
ReplyDeleteඅජිනොමොටෝ ස්වාභාවිකව ආහාරවල තියෙන ඒවා හැරුනම විකුණනන තියෙන්නේ රසායනාගාරවල කෘතිමව හදන ලවනයක්. ඒවා හදන්න මස්, මාළු කොටස් දාන්නේ නැහැ. කුකුල්මස්වලටනම් අජිනමොටෝ දානවා.
ReplyDelete