වාසනාව ළඟා කරගැනීම උදෙසා නිවෙස තුල තබා තිබුණු ශාකයක පත්‍රයක් කෑම නිසා රෝගී වූ දරුවෙක් ගැන ලඟදි වෛද්‍යවරු ලියා තිබුනා. අපි නොදන්නවා වුණත් අප අවට විෂ සහිත ගස් වගේම, මල් පිපෙන ශාකත් බොහොමයක් තියනව.
ගෙවත්තට වර්ණය හා අලංකාරය එකතු කරන මේ මල්වර්ග වවන්න එපා කියල නෙමෙයි කියන්නේ. ඒ ගැන දැනුවත් වී සැලකිලිමත් වෙන්න කියල. විශේෂයෙන් පොඩි දරුවන් හා සුරතලයට ඇතිකරන සතුන් සිටින ගෙදරක වැඩි අවධානයක් යොමු කරන්න.
1. හයිඩ්රෙන්ජියා Hydrangea :
ඉතා අලංකාර නිල්පාට හා රෝස පාට පොකුරු මල් පිපෙන හයිඩ්‍රන්ජියා ගෙවත්තකට හැඩයක් එකතු කරනවා. එහෙත් බල්ලන් බළලුන් මේ මල් කුඩා කොටස් හපන්න කැමතියි. සයනයිඩ් යන්තම අඩංගු මෙම මල් වැඩි ප්‍රමාණයක් ශරීරගත වීම කුඩා සුරතලුන්ට භයානක තත්ත්ව ඇති කරන්න පුළුවන්. මිනිසුන්ට විෂ නැතිවුණත්. වැඩි ප්‍රමාණයක් ශරීර ගතවීමෙන් වමනය, පාචනය, මලානික ගතිය ඇතිකරවන්න පුළුවන්.
2. ක්ලෙමටිස් වර්ග Clematis: විශාල මල් පිපෙන මල්වැල් වත්තකට ආශීර්වාදයක් වුණත් ක්ලෙමටිස් වැලක් ගැන සැලකිලිමත් වෙන්න ඕන මල්වල විෂ සහිත බවත්, අසාත්මික විය හැකිත් නිසයි. මෙම පුෂ්පයෙහි ග්ලයිකොසයිඩ් වර්ගයක් වන ඇනිමොනින් අඩංගුයි. එම දල විෂ මිනිසුන්ටත් සතුන්ටත් අසාත්මිකතා ඇතිකරනවා. ක්ලෙමටිස් පුෂ්පය ඇල්ලීම වුනත් සමහරුන්ට අසාත්මික වෙන්න පුළුවන්. ඒ නිසා අතු කපන වෙලාවට ග්ලවුස් පාවිච්චි කරන්න ඕන. යම් හෙයකින් මේ මල් සැපුවොත් කටේ දැවිලි ගතියක් ඇතිවෙන්න පුළුවන් වගේම කුඩා ගෙඩි හෝ තුවාල ඇතිවෙන්න ඉඩ තියනව.
මලේ තිත්ත රසය හින්ද සත්තු කන්නේ නැතිවුණත් යම් විදියකින් කැවුනොත් අශ්වයන් පවා දැඩි ලෙස කෙල වැගිරීම, විඩා ගතිය පෙන්වනවා. ඉක්මනින් මේ ලක්ෂණ පහවෙලා යනවා.
3. වරා Calotropis :
මුහුදුබඩ ප්‍රදේශවල ඉබේ හැදෙන වරාමල් සුදු හෝ දම් පාටින් පොකුරු පිපෙන්නේ. වරා ශාකයේ හැම කොටසක්ම පාහේ බෙහෙත් විදියට ගන්නවා වුණත්, හරිහැටි නොදැන හිතුමතේ භාවිතා කරන්න සුදුසු නැති ශාකයක්. අවශ්‍ය කොටස් ගන්න ඕනේ ඒ ගැන හොඳ දැනුමක් තියන අයගේ උපදෙස් පරිදි ප්‍රමාණවත් මාත්‍රා වලින් පමණයි. මෙහි කඳේ හා පත්‍රවල ඇති කිරිවල කැලොට්‍රොපින් අඩංගුයි. ඒ මගින් ඇස් අන්ධ වෙන්න පුළුවන්.
4. කනේරු Oleander: රතු, රෝස, කහ, සුදු ආදී විචිත්‍ර වර්ණයෙන් යුක්තව අතිශය සුවඳවත් මල් පොකුරු පිපෙන නිසා ගෙවත්තකට එකතු කරගන්න ආස හිතෙන ශාකයක් කනේරු. වැඩි සාත්තුවක් නැතිව හැදෙන නිසාත්, අඩු ජල සැපයුමකින් වුනත් වැඩෙන නිසාත් උද්‍යාන අලංකරණයට බහුලව යොදා ගැනෙනවා.
කහ පාට කනේරු බීජය විෂ සහිත බව වැඩිදෙනෙක් දන්නවා වුනත්, සැම වර්ගයකම කනේරු ශාකවල සියලුම කොටස් විෂ සහිතයි. මලක කොටසක් වුණත් කුඩා දරුවෙක්ට භයානක ප්‍රතිඵල ඇති කරන්න පුළුවන්. කනේරු ශාක පුරාම හර්දයට විෂ සහිත Cardiac glycoside තියනවා. මෙම මල් ජලයට වැටීමෙන් එම ජලය පවා විෂ වෙන්න හැකි නිසා ජල මුලාශ්‍ර ආශ්‍රිතව වැවීම නොකළ යුතුයි. ශාක කොටස් පිලිස්සීමෙන් නැගෙන දුම් ද විෂ සහිතයි. මෙම මලෙන් මි මැස්සන් පැණි ගෙන සාදන මි පැණි පවා විෂ වෙන්න පුළුවන්. කනේරු විෂ ශරීරගත වීමේ ලක්ෂණ වන්නේ විජලනය, හර්දය ක්‍රියාකාරිත්වය අඩුවීම, උණ, අතපය අනිච්ඡානුග ලෙස ගැස්සීම,වමනය, පාචනය ආදියයි. ප්‍රතිකාර පමා වුවහොත් මරණය පවා ඇතිවන්න පුළුවන්.
5. නියඟලා Gloriosa : අතිශය රමණිය මලක් වන නියඟලා සැදෙන්නේ වැල්වලයි. මුළු ශාකයම විෂ සහිත වන අතර දහවලට අලයේ විෂ වැඩි බවත්, රාත්‍රියට මලෙහි විෂ වැඩි බවත් සඳහන්. ආයුර්වේදයේ ඖෂධයක් ලෙස භාවිතා කළත් නිසි මාත්‍රාව හා සංයෝජනය නොදැන ආහාරයට නොගත යුතු ශාකයකි. බොහෝවිට හුලන්කිරිය අලය ලෙස වරදවා වටහාගෙන අහරයට ගැනීමෙන් සිදුවූ මරණ වාර්තා වෙලා තියනවා. පානිය ජලය ඇති ස්ථානවල වැවී තිබීමත් සුදුසු නැහැ.
විෂ ශරීර ගතවූ පසු බඩ රිදීම, වමනය, ලේ පාචනය වැනි ලක්ෂණ දකින්නට හැකි අතර, හර්දය, වකුගඩු, පෙනහළු ආදී ප්‍රධාන ඉන්ද්‍රියයන්ට හානි පමුණුවන නිසා මරණය අත්වේ.
6. බාලොලියා/ ගඳපාන Lantana: වල් පැලෑටියක් ලෙස සැලකෙන ඉතා සරුවට කැලෑවට හැදෙන වසර පුරා වර්ණවත් පොකුරු මල් පිපෙන පඳුරු ලෙස වැවෙන ශාකයක්. ඉදුණු ඵල මිහිරි රසකින් යුක්තයි. පැල සකසන්නන් නව ප්‍රභේද පවා සැදීමට යොමුව ඇත්තේ මල්වල සුන්දරත්වය නිසයි. එහි ඇති මිහිරි සුවඳ හා මල්පැණි මි මැස්සන්, සමනලුන් ආකර්ෂණය කරගැනීමට සමත් වෙනවා.
මෙම ශාකයේ සියලු කොටස් අක්මාවට හානිකරන විෂ සහිතයි. (Liver toxin ). මෙම ශාකයේ කොටස් අනුභවය මානසික අවපිඩනය, තෙහෙට්ටුව ඇති කිරීමට හේතු වන අතර, වැඩිපුර අහරයට ගැනීම නිසා වමනය හා අක්මාවේ ක්‍රියාකාරිත්වයට හානි ඇතිවිය හැකියි.
7. රෝඩෝඩෙන්ඩ්‍රන් Rhododendron :
පඳුරු ලෙස මද සෙවනේ වැඩෙන, අලංකාර පොකුරු ලෙස සුදු, රෝස, දම්, රතු වර්ණයන්ගෙන් යුක්තව පිපෙන රෝඩෝඩෙන්ඩ්‍රෝන් උද්‍යාන අලංකරණයේ බහුලව යොදාගන්න ශාකයක්. ඇසිලියා ලෙසද හඳුන්වන්නේ මෙම වර්ගයේම ශාකයි. බෝ කරගැනීම පහසු නිසාත්, දීර්ඝ කාලයක් මුළුල්ලේ මල් පිපි පවතින නිසාත් එතරම් උස නොයන නිසාත් බොහෝ දෙන මෙම ශාකයට ප්‍රියයි.
පෙත්තක කුඩා කොටසක් කෑමට ගත්තත් ඇස් දැවිල්ල හා වමනය ඇතිවන්න පුළුවන්. හුස්ම ගැනීමේ අපහසුතා සහ රුධිර පීඩනය අඩු කරන මෙම මල්, වලිප්පු තත්වයන් ඇතිකර සිහි මුර්ච්ඡා කරවීමට සමත්. මරණය සිදුවීමට නම් මල් විශාල ප්‍රමාණයක් ශරීරගත විය යුතුයි. සුරතල් සතුන් මෙම ශාකයෙන් ඇත්කර තැබීම වඩා සුදුසුයි.
8. මෝනිං ග්ලෝරි Morning Glory: නිල්, දම්, රෝස පැහැ මල් හටගන්නා ගිරිතිල්ල කුලයේ වැල් වන මේවයේ මල් උදේ කාලයේ පිපි ඉක්මනින් පරවී යනව වුණත්, වර්ණ හා හැඩයේ විචිත්‍ර බවත්, නඩත්තුව අපහසු නොවන නිසාත් හොඳින් අව්ව ඇති උද්‍යානවල, ගෙමිදුල්වල පිපි තිබෙනු දැකිය හැකියි. මලේ විෂ බවක් නොමැති වුවත් බිජවල විෂ සහිත ලයිසර්ජික් අල්කලොයිඩ් අඩංගුයි. ආහාරයට එක්වීමෙන් පාචනය ඇතිවිය හැකියි. විශාල ප්‍රමාණවලින් ශරීර ගත වුණහොත් අක්මාවේ ක්‍රියාකාරිත්ව දෝෂ ඇතිවෙන්නත් පුළුවන්.
9. මිනීමල් Periwinkle:
මිනි පිට්ටනිවල පොලව වසාගෙන ඉබේ හැදෙන නිසා මෙම නම ලද, දම් රතු හා සුදු වර්ණ මල් පිපෙන කුඩා ශාක තරමක විෂ සහිතයි. දේශීය වෛද්‍ය ක්‍රමවල අධි රුධිර පීඩනයට ප්‍රතිකාර ලෙස යොදාගත්තත්, හිතුමතේ භාවිතය සුදුසු නොවන්නේ වැඩි මාත්‍රා හේතුවෙන් රුධිර පීඩනය පහත වැටීමේ ඉඩක් ඇති නිසයි. දියවැඩියාව සුව කිරීමටත් යොදාගන්න ශාකයක් වෙන මෙහි ඇල්කලොයිඩ් සමුහයක් අඩංගුය.
10. ඩෑෆඩිල් Daffodil : ලොව පුරා වර්ග දහස් ගණනක් පැතිරී ඇති අලංකාරයට හා සැරසිලි සඳහා ගන්න ශාකයක් වන ඩෆඩිල් ලංකාවේ තවම ගීතවලට පමණක් සිමා වී තිබෙන මලක්. එහෙත් ඊට සුදුසු පරිසර තත්ත්ව ඇති නිසා වගාකරුවන්ගේ අවධානය යොමුවෙන්න පුළුවන්. පොලවට ආසන්නව මල් පිපෙන ශාකයක් වෙන මෙහි සුදු, කහ, තැඹිලි වර්ණවලින් යුතු මල් පිපෙයි.
විෂ සහිත ලයික්‍රොනින් අඩංගු වෙන්නේ බල්බවලයි. එහෙත් මල සමහරුන්ට ඉස රදය වැනි අසාත්මිකතා ඇති කරනවා. සැපීම තුලින් පෙති ශරීරගතවීම නිසා වමනය, ඔක්කාරය, පාචනය, හර්ද ක්‍රියාකාරිත්වයේ අසමානතා ඇතිවෙන්න පුළුවන්. සතුනට හාරගත හැකි තරම් අඩු ගැඹුරක පස තුල බල්බ තියෙන නිසා පැලය මිය ගිය පසුත් එය තිබු තැන ගැන අවධානයෙන් සිටීම වැදගත්.
මිනිසුන් සාමාන්‍යයෙන්ම තමනට හොඳ නැති දේ කරා ඇදී යන සත්ව වර්ගයක්. සමහර අලංකාර මල් අපිටත් අපේ ආදරණීයයන්ටත් විපත් ඇති කරන්න පුළුවන්. එහෙම කියල ලස්සණ මල් වවන්නේ නැතිව ඉන්න බැහැනේ. අයහපත් පැත්ත ගැන දැනුවත් වෙලා, ඒ ගැන අවධානයෙන් සිටිමින් එහි සුන්දරත්වය විඳීමයි කල යුත්තේ.
උදව්:
https://balconygardenweb.com
https://gardenerspath.com
www.thedailygardener.com
අපේ ඔසුපැල Medicinal Plants of Sri Lanka
Wednesday, 21 August 2019
Tuesday, 30 July 2019
ගූගල් ඩූඩල් ජූලි : නොගැයුනු වීරයෝ Unsung heroes
ජුලි 12: Rene Favaloro (1923- 2000)
"අපි, සමුහයක් ලෙස, තනි පුද්ගලයෙක්ට වඩා වැදගත්. වෛද්‍ය විද්‍යාවේ දියුණුව හා සංවර්ධනය හැමවිටම වසර ගණනාවක් තිස්සේ සමුහයක් ලෙස එකතු කරගත් දැනුම හා දක්ෂතා වල ප්‍රතිඵලයක්". කිරීටක ධමනි බයිපාස් සැත්කම්, සායනික පුහුණුව උදෙසා හඳුන්වා දුන් ආර්ජන්ටිනා ජාතික ශල්‍ය වෛද්‍ය රීනි ෆැවලොරෝ ලියා ඇත.
1923 ජූලි 12දා (මීට වසර 96කට පෙර) උපතලද මොහු පාසල් වියේදී ද මිනිස්කම් පිළිබද දැඩිව සිතුවේය. 1949 වෛද්‍ය උපාධිය ලද ෆවලෝරෝ, තම වෛද්‍ය දිවියේ මුල් වසර 12 ගතකළේ ගොවියන් වෙසෙන, කාන්තාරයකට මායිම් වූ දුෂ්කර පෙදෙසක ප්‍රාන්ත වෛද්‍යවරයෙක් ලෙසයි. කෙටි කලකින් ඔහුගේ සොහොයුරාද වෛද්‍ය උපාධිය ගෙන ඔහුට එක්විය. දෙදෙනා එක්ව අඩු පහසුකම් සහිත එම ප්‍රදේශයේ සැත්කම් සිදුකිරීමට ශල්‍ය වෛද්‍ය කාමරයක් සදා ගත්හ. හෙදියන් පුහුණු කළහ. ලේ බැංකුවක් හා වෛද්‍ය සහයක මධ්‍යස්ථානයක් ගොඩනැගුහ. ඊට අමතරව රෝගවලින් වළකින්නේ කෙසේදැයි රෝගීන් නිරතුරුවම දැනුවත් කළහ.
රීනි තම අත්දැකීම් ඇසුරෙන් ඒත්තු ගත්තේ සෞඛ්‍ය සේවාව යනු ආර්ථික තත්වයන් මත බලනොපාන මුලික මිනිස් අයිතිවාසිකමක් බවයි. 'හැම වෛද්‍යවරයෙක්ම, හැම විද්‍යාඥයෙක්ම තම ජීවිතය හා සේවාව මානව වර්ගයා වෙනුවෙන් කැප කළ යුතුයි". ඔහු නොයෙක් වර පැවසීය.
ග්‍රාමීය ප්‍රදේශයේ සේවය කරන අතරතුර නිරතුරුව ප්‍රධාන නගරයට ගොස් දැනුම යාවත්කාලින කරගත්හ. 1962දී රීනි එක්සත් ජනපදයේ ක්ලිව්ලන්ඩ් වෙත යන්නේ වැඩිදුර ඉගෙනීම පිනිසයි. එහිදී cine angiogrphy, එනම් රුධිර නාල තුළ චලන ඡායාරුප ගැනීම හා කියවීම හඳුන්වා දුන් මේසන් සෝන්ස් සමග අධ්‍යයනය කිරීමේ අවස්ථාව ලද්දේය.
අන්ජියෝග්‍රෑම් පිළිබඳව බොහෝදුර ඉගෙනීමෙන් පසු අවහිර වූ කිරීටක ධමනි වෙනුවට වෙනත් රුධිර නාලයක් යෙදවීම ඵලදායි ලෙස කල හැකි බව රීනි වටහාගත්තේය. එය සාර්ථකව කලහැකිබව ඔහු පෙන්වා දුනි.
1957 මැයි 9වනදා දොස්තර ෆවලෝරෝ විසින් 51 වියැති කාන්තාවකගේ අවහිර වූ කිරීටක ධමනියක් සැත්කමට ලක් කළේය. ඇයව heart-lung යන්ත්‍රයකට සම්බන්ධ කර, හර්ද ක්‍රියාකාරිත්වය නවත්වා, ඇයගේ පාදයෙන් ගත් රුධිර නාල කොටසක් ධමනියේ අවහිර වූ කොටස දෙපසින් සම්බන්ධ කර රුධිරය ගමන් කිරීමට නව මාවතක් නිර්මාණය කළේය. මෙම ඓතිහාසික සැත්කම සාර්ථක විය. එදා සිට ගතවූ අඩ සියවස තුළ මෙම සැත්කම ලොව පුරා නොගිනිය හැකි තරම් ජිවිත බේරාගැනීමට සමත් විය.
1970දී නැවත ආර්ජන්ටිනාවට ගිය දොස්තර ෆවලොරෝ, ඔහුගේ නමින් වෛද්‍ය ආයතනයක් බුවනොස් අයර්ස් නගරයේ පිහිටවිය. එම මධ්‍යස්ථානය රෝගීන්ගේ මුල්‍යමය හැකියාව නොව, රෝගී අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් සේවය කිරීමට යෙදවිණි. ඔහුගේ එම තාක්ෂනය හා අදහස් මුළු ලතින් ඇමරිකාවේම වෛද්‍යවරුන්ට යහපත් මග පෙන්වීමක් විය.
"අපි, සමුහයක් ලෙස, තනි පුද්ගලයෙක්ට වඩා වැදගත්. වෛද්‍ය විද්‍යාවේ දියුණුව හා සංවර්ධනය හැමවිටම වසර ගණනාවක් තිස්සේ සමුහයක් ලෙස එකතු කරගත් දැනුම හා දක්ෂතා වල ප්‍රතිඵලයක්". කිරීටක ධමනි බයිපාස් සැත්කම්, සායනික පුහුණුව උදෙසා හඳුන්වා දුන් ආර්ජන්ටිනා ජාතික ශල්‍ය වෛද්‍ය රීනි ෆැවලොරෝ ලියා ඇත.
1923 ජූලි 12දා (මීට වසර 96කට පෙර) උපතලද මොහු පාසල් වියේදී ද මිනිස්කම් පිළිබද දැඩිව සිතුවේය. 1949 වෛද්‍ය උපාධිය ලද ෆවලෝරෝ, තම වෛද්‍ය දිවියේ මුල් වසර 12 ගතකළේ ගොවියන් වෙසෙන, කාන්තාරයකට මායිම් වූ දුෂ්කර පෙදෙසක ප්‍රාන්ත වෛද්‍යවරයෙක් ලෙසයි. කෙටි කලකින් ඔහුගේ සොහොයුරාද වෛද්‍ය උපාධිය ගෙන ඔහුට එක්විය. දෙදෙනා එක්ව අඩු පහසුකම් සහිත එම ප්‍රදේශයේ සැත්කම් සිදුකිරීමට ශල්‍ය වෛද්‍ය කාමරයක් සදා ගත්හ. හෙදියන් පුහුණු කළහ. ලේ බැංකුවක් හා වෛද්‍ය සහයක මධ්‍යස්ථානයක් ගොඩනැගුහ. ඊට අමතරව රෝගවලින් වළකින්නේ කෙසේදැයි රෝගීන් නිරතුරුවම දැනුවත් කළහ.
රීනි තම අත්දැකීම් ඇසුරෙන් ඒත්තු ගත්තේ සෞඛ්‍ය සේවාව යනු ආර්ථික තත්වයන් මත බලනොපාන මුලික මිනිස් අයිතිවාසිකමක් බවයි. 'හැම වෛද්‍යවරයෙක්ම, හැම විද්‍යාඥයෙක්ම තම ජීවිතය හා සේවාව මානව වර්ගයා වෙනුවෙන් කැප කළ යුතුයි". ඔහු නොයෙක් වර පැවසීය.
ග්‍රාමීය ප්‍රදේශයේ සේවය කරන අතරතුර නිරතුරුව ප්‍රධාන නගරයට ගොස් දැනුම යාවත්කාලින කරගත්හ. 1962දී රීනි එක්සත් ජනපදයේ ක්ලිව්ලන්ඩ් වෙත යන්නේ වැඩිදුර ඉගෙනීම පිනිසයි. එහිදී cine angiogrphy, එනම් රුධිර නාල තුළ චලන ඡායාරුප ගැනීම හා කියවීම හඳුන්වා දුන් මේසන් සෝන්ස් සමග අධ්‍යයනය කිරීමේ අවස්ථාව ලද්දේය.
![]() |
| පළමු කිරීටක ධමනි සැත්කම අතරතුර |
1957 මැයි 9වනදා දොස්තර ෆවලෝරෝ විසින් 51 වියැති කාන්තාවකගේ අවහිර වූ කිරීටක ධමනියක් සැත්කමට ලක් කළේය. ඇයව heart-lung යන්ත්‍රයකට සම්බන්ධ කර, හර්ද ක්‍රියාකාරිත්වය නවත්වා, ඇයගේ පාදයෙන් ගත් රුධිර නාල කොටසක් ධමනියේ අවහිර වූ කොටස දෙපසින් සම්බන්ධ කර රුධිරය ගමන් කිරීමට නව මාවතක් නිර්මාණය කළේය. මෙම ඓතිහාසික සැත්කම සාර්ථක විය. එදා සිට ගතවූ අඩ සියවස තුළ මෙම සැත්කම ලොව පුරා නොගිනිය හැකි තරම් ජිවිත බේරාගැනීමට සමත් විය.
1970දී නැවත ආර්ජන්ටිනාවට ගිය දොස්තර ෆවලොරෝ, ඔහුගේ නමින් වෛද්‍ය ආයතනයක් බුවනොස් අයර්ස් නගරයේ පිහිටවිය. එම මධ්‍යස්ථානය රෝගීන්ගේ මුල්‍යමය හැකියාව නොව, රෝගී අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් සේවය කිරීමට යෙදවිණි. ඔහුගේ එම තාක්ෂනය හා අදහස් මුළු ලතින් ඇමරිකාවේම වෛද්‍යවරුන්ට යහපත් මග පෙන්වීමක් විය.
ජුලි 29 Chiune Sugihara (1900- 1986)
දෙවෙනි ලෝක යුද්ධය ආරම්භ වීමට ආසන්නයේ සුගිහාරාට ලිතුවේනියාවේ ජපානය නියෝජනය කරන උප කොන්සල් ලෙස පත්වීමක් ලැබුණි. යුද්ධය ප්‍රකාශ කිරීමත් සමගම යුදෙව් පවුල් ඔහුගේ නිලනිවාස ඉදිරියේ පෙළ ගැසෙමින් ඉල්ලුයේ ලන්දේසී පාලනය යටතේ තිබු Curacao රටට ජපානය හරහා ගමන් කිරීමට වීසා නිකුත් කරන ලෙසයි. මෙය ඉතා මානුෂික ඉල්ලීමක් වූ නිසා සුගිහරා ඒ සඳහා අවසර ඉල්ලමින් පණිවිඩ තුනක් යැවිය. ඒ සියල්ල ජපාන රජය විසින් බලය යොදවා ප්‍රතික්ෂේප කළේ 'දැනට වීසා නැති කිසිම සංචාරකයෙක්ට ජපානය හරහා පිටත්වන්නට හැකි ආකාරයේ වීසා නිකුත් නොකරන්න" ලෙසින් සඳහන් කේබල් පණිවිඩයක් එවීමෙනි. 'No exceptions' එහි වැඩි දුරටත් සඳහන් විය.
" මෙය මානුෂික ප්‍රශ්නයක් ලෙස සලකන්න. මගේ රැකියාව මට වැඩක් නැහැ" සුගිහාරා නැවත විදේශ අමාත්‍යාංශය අමතා උත්සහ කලත් ප්‍රතිඵලය එකසේ විය.
ජර්මන් ජාතිකයන් අතින් මරණයට පත්වීමට නියමිත මනුෂ්‍ය ජිවිත දහස් ගණනක් බේරාගැනීමට වෙනත් මගක් නොදුටු සුගිහාරා තම ඉහල නිලධාරී අණ නොතකමින් දහස් ගණනක් වූ යුදෙව් අනාථයන්ට ජපානය හරහා ගමන් කිරීමට හැකිවන සේ වීසා නිකුත් කිරීම ඇරඹුයේ තම රැකියාව හා අනාගතය පරදුවට තබමිනි. ඒ 1940 ජූලි 29 වෙනිදා ය.
තම ක්‍රියාවේ නිවැරදි භාවය ගැන හිතා බැලු ඔහු ඒ ගැන පහලවූ සැක ඉවත ලා වීසා ලිවිම ආරම්භ කළේය. දින ගණනාවක් පුරා දිවා රෑ වෙනසක් නැතිව, හරිහැටි නිදි නොලබා ඔහු දිගටම දහස් ගණනක් වීසා ලිව්වේය. "මගේ ඇඟිලි ඇකිලිලා ගියා. මැණික් කටුවේ ඉඳල උරහිසට යනකල් හැම තැනම රිදෙන්න ගත්ත. ඒත් මම නැවැත්තුවේ නැහැ". ඔහුගේ මෙම අවදානම් සහගත ක්‍රියාවට සහයෝගය දැක්වූ බිරිඳත් ඔහුගේ අත් සම්බාහනය කරමින් ඔහුට තවත් ලියන්නට උපකාර කළාය. ඒ වනවිට සියලුම රටවල තානාපතින් ඉවත් කරන ලෙස ලද අණින් ඔහුට රුමෙනියාවට යාමට සිදුවිය. ඔහුට රටෙන් පිටවීමට නියමිත දුම්රියේ නැගීමට යන අවසාන මොහොත දක්වා ඔහු දුම්රිය වේදිකාවේදී පවා මගීන්ට වීසා ලියාදුනි.
"නිවැරදි දේ කරන්න, එය නිවැරදි නිසා. දඩයක්කරුවෙක්ට වුනත් තමන් වෙත ඉගිලී රැකවරණය පතන කුරුල්ලෙක්ව මරන්න බැහැ. මම එය කළ යුතුව තිබුණා. මගෙන් රැකවරණය ඉල්ලා ආ දහස් ගණනක් ජනතාවට පිටුපාන්න මට බැරිවුණා".
රුමේනියාවේදී රජයට අපක්ෂපාති වීම චෝදනාව යටතේ වසර දෙකක සිර දඬුවමක් නියම විය. එසේම ජපානයට සැපත් වූ වහාම රජයේ නියෝග පිළිපැදීමට අපොහොසත් වූ නිසා ඔහුගේ සේවය අත්හිටවූ බව දැනුම් දුනි. ඉතා හොඳ අනාගතයක් තිබු රැකියාව ඔහුට අහිමි විය. තම දරු පවුල නඩත්තු කිරීම උදෙසා අඩු වැටුප් ලැබෙන රැකියා කිරීමට සිදුවූ අතර දුක්ඛිත ජිවිතයක් ගත කිරීමට සිදුවිය. ඔහු කළ කැපකිරීම පිලිබඳ යුද්ධය නිමවූ පසුවවත් කිසිවෙක්ගේ අවධානයට ලක් නොවීය.
ඔහු නිසා දිවි බේරාගැනීමට සමත්ව පසුව ඊශ්‍රායලයේ විදේශ සේවාවක ඉහල තනතුරක් දරු පුද්ගලයෙක් 1968දී සුගිහාරාව සොයාගැනීමට සමත්විය. සුගිහාරා විසින් කල සේවය ලොවට හෙලි කළේ එම තැනැත්තාය.
ජෙරුසෙලමේ Holocaust Memorial හි සුගිහාරා නමින් පැලයක් රෝපණය වූ අතර, ඔහු Righteous Among Nations (සදාචාරාත්මකව නිවැරදි දේ ජාතීනට සිදුකළ) කෙනෙක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණි. හෙළිදරව් නොවූ දස දහසක් ජිවිත බේරාගත් වීරවරයෙක් ලෙස ඔහු ලිතුවෙනියවෙත් ජපානයේත් සැලකිල්ලට බඳුන් විය.
'යමෙක්ට තමන් විශ්වාස කරන නිවැරදි දේ කර, අනිත් අයගේ ජිවිත බේරාගන්නට දිනකට පැය 18ක් 20ක් වැය කරන්නට තරම් ධෛර්යයක් ඇත්නම් ලොවේ මිනිසුන් ඔහු හඳුනාගත යුතුයි. ගෞරව කලයුතුයි'. සුගිහාරා වෙනුවෙන් ගමන් බලපතක ආකාර ඩූඩලය නිර්මාණය කළ මැතිව් ක්රුක්ශෑන්ක් පවසයි.
ජූලි 30: මුතුලක්ෂ්මි රෙඩ්ඩි (1886- 1968)
තම දිවිය පුරාම සමාජයෙන් එන බාධක බිඳ හෙලමින් ඉදිරියට ගොස්, අනෙකුත් කතුනටද සේවය සැලසූ සාර්ථක කාන්තාවක ඉන්දියාවේ තමිල්නාඩුවේ දී උපන්නේ 1886 ජූලි 30 වන දාකයි.
ලාබාල වියේදී විවාහවන ලෙස දෙමාපියන් කල ඉල්ලීම නොතැකු ඇය ඉගෙනීමට තමන්ගේ ඇති කැමැත්ත අනුව විභාග සියල්ල සමත්ව එවක පිරිමි පාසලක් වූ මහරාජා කොලේජ් වෙත ගියාය. සමාජයෙන් එල්ලවූ සියලු බාධක හා පාසලෙන් එලියට ඇද දමන බවට එල්ල වූ තර්ජන ගණනකට නොගත් ඈ, පිරිමි අතර උගෙන විශිෂ්ඨ ලෙස සමත්ව, ශිෂ්‍යත්වයක්ද ලැබ ගනිමින් මදුරාසි වෛද්‍ය විද්‍යාලයේ ප්‍රථම ශිෂ්‍යාව ලෙස ලියාපදිංචි වූවාය.
ඉන්දියාවේ මුල්ම වෛද්‍යවරියන් අතරට එක්වූ ඇය කාන්තා හා ළමා රෝහලක ශල්‍ය වෛද්‍යවරියක ලෙස සේවය කළාය. දොස්තර සුන්දර රෙඩ්ඩි සමග විවාහ වූයේද ඔහු කාන්තාවනට වෙනසකින් තොරව සලකන බවට අවබෝධ කරගත් නිසාය.
ඇය මහත්මා ගාන්ධි ගේ ඉන්දියාව නිදහස කිරීමේ සටනට සහය දක්වුවාය. ඒ අතර පොදු වෛද්‍ය සේවා දියුණු කිරීමෙහි නියැලුනාය. කාන්තාවන්ට අධ්‍යාපනය දීම, ඔවුන් බල ගැන්වීම හා නිසිතැන් ලබා දීම උදෙසා නොකඩවා ක්‍රියා කළාය.
පසු කාලීනව වෛද්‍ය වෘත්තියෙන් ඉවත් වූ ඇය නිතිය හදාරා මදුරාසි නීති කවුන්සිලයට සම්බන්ධ වුවාය. එහිදී දැරියන්ගේ විවාහ වීමේ වයස ඉහල දැමීම උදෙසා හා ඔවුන්ගේ ශ්‍රමය අඩු මිලට සුරාකෑමට එරෙහිව නොබියව ක්‍රියා කරමින් අනභිබවනීය සේවයක් සිදුකළාය.
රෙඩ්ඩි ගේ සොයුරිය පිළිකාවකින් මිය යාමෙන් පසු 1954දී අදායර් පිළිකා සංගමය පිහිටුවීමේ මුලිකත්වය ගත් ඇය, එය ලොව ඉහලම තැනක් ගන්නා පිළිකා මර්දන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අනගි මෙහෙයක් සිදුකළාය. අද එම මධ්‍යස්ථානයෙන් වසරකට ප්‍රතිකාර ගන්නා රෝගීන් ගණන 80 000 ඉක්මවයි.
ඉතා පහත් තැනක තිබු කාන්තා අධ්‍යාපනය දියුණු කිරීම, කාන්තාවනට නිසි තැන ලබාදීම, විවාහ වයස වැඩිකර ලීම වැනි ඉන්දීය කාන්තාවන්ගේ උන්නතිය උදෙසා මුතුලක්ෂ්මි කළ කැප කිරීම් හේතුවෙන් අද වනතෙක් සිය ජීවිතවල නව ආලෝකයක් ලැබු ඉන්දීය තරුණියන් මිලියන ගණනකි. ඇය වෛද්‍ය හා නීති ක්ෂේත්‍රයන්ගේත්, පොදුවේ කාන්තා අභිවෘද්ධිය උදෙසාත් කළ අනගි සේවයට උපහාර පිණිස ඇය 1956 දී ඉන්දියාවේ ඉහලම සම්මානයක් වන පද්ම භූෂණ සම්මානයෙන් පිදුම් ලැබුවාය.
උදව්:
www.google.com/doodles/rene-favaloros-96th-birthday
https://artsandculture.google.com/
www.google.com/doodles/celebrating-chiune-sugihara
https://en.wikipedia.org/wiki/Muthulakshmi_Reddi

Monday, 22 July 2019
කුඩා දරුවන් ගුවන්යානයක රැගෙන යාම
අලුත උපන් බිලිඳෙක් ගුවන් යානයක ගෙනයාමට කොතරම් කලක් බලන් ඉන්න ඕනෙද? දින දෙකකින් පුළුවන් කිව්වොත් පුදුම වෙනවද? බොහෝ ගුවන් සේවාවල අඩු වශයන් දින 14ක් වුණත්, බිලිඳා ගුවන් යානයක යාමට සුදුසු යයි වෛද්‍ය සහතිකයක් ඇත්නම් දින දෙකක බිලිඳෙක් වුනත් ගෙනයන්න අවසර දෙන ගුවන් සේවා සමාගම් තියනව. ඕනෙම වයසක දරුවෙක් ගුවනින් එක්ක යන්න කලින් ළමා රෝග වෛද්‍යවරයෙක් හමුවී පරීක්ෂා කරවාගැනීම සුදුසුයි.
අවසර දුන් පමණින් කුඩා දරුවෙක් ගුවන් යානයක ගෙනයාම එතරම් සරල දෙයක් නෙමේ. ගමන් බලපත් සකස් කිරීමේ සිට ගුවන් යානයට ඇතුළු වෙනතෙක් සැලකිය යුතු දේ ගොඩයි. බොහෝ එයාලයින්වල ඒ ගැන දැනුවත් කිරීම් තියනව. මේ ලින්ක් එකේ තියන විස්තරත් හොඳයි.
සරලව අත්‍යවශ්‍ය කියා හැඟෙන දේ කරුණු පහකින් ලියන්නම්.
1. පළමු දේ ඉදිරිපෙළ අසුනක් වෙන්කර ගැනීමයි. ඔබ ගමන් ගන්නේ ව්‍යාපාර පන්තියේ නොවේනම්, ඉදිරියේම අසුනක් වෙන් කර ගතහොත් ඔබ ඉදිරියේ ඉඩ තියෙන නිසා දරුවාගේ බඩු භාණ්ඩ තබා ගැනීමටත් වෙනත් උපකරණ සඳහාත් වැඩි ඉඩක් තියෙනව. සමහර ගුවන් යානාවල දරුවන් ගෙනයා හැකි බැසිනට් (තොටිලි) තියනව. එවැන්නක් සමග ආසනයක් වෙන් කරගන්න හැකිද විමසන්න. එහෙම බැරිවුනොත් දරුවා වෙනුවෙනුත් ආසනයක් වෙන් කරගැනීමටත් පුළුවන්. දරුවෙක් නිසා අඩු මිලක් (අවුරුදු 2ට අඩුනම් වැඩිහිටි මිලෙන් 10%) ටිකට් එකට යන්නේ. ඔඩොක්කුවේ ගෙනයන්න පුළුවන් තරම් පොඩි දරුවෙක් වුණත් දීර්ඝ ගමනක් නම් දරුවා වෙනුවෙන් වෙනම ඉඩක් තිබීම වැදගත්.
සාමාන්‍ය ආසනයක දරුවට වාඩිවෙන්න බැරිනිසා කුඩා දරුවන්ගේ කාර් සීට් එකක දරුවා තබන්න ඕන. මේ එකක්වත් කරගන්න බැරිවුණොත් හිස් ආසනයක් අසල ඇති ආසනයකට තැන මාරුකරගන්න අහන්න.
සාමාන්‍යයෙන් ඕනෑම ගුවන් යානයක දරුවන් සමග යන මගීන් අනිත් අයට කලින් ඇතුල් කරන නිසා දරුවා සමග අනිත් ගෙනියන දේවල් සකස් කරගන්න සැහෙන වෙලාවක් තියනව.
2. දරුවට අවශ්‍ය ආහාරපාන වැඩිපුර රැගෙනයාම වැදගත්. ගුවන්යානය තුල පවතින වියලි තත්වය නිසා දරුවා විජලනයෙන් වලක්වා ගැනීමට කිරි හා වෙනත් දියර වර්ග වැඩිපුර ගෙනයන්න ඕන. සමාන්‍යයෙන් දියර වර්ග ගෙනියන්න අවසර නැතත් කුඩා දරුවෙක්ගේ ආහාර ගෙනයන්න අවසර දෙනවා. ග්‍රයිප් වෝටර් හා වෙනත් වේදනානාශක බෙහෙත් දියරත් මේවට ඇතුලත්.
3. දරුවට අවශ්‍ය ඇඳුම්, නැපි, ඩයපර්, පිසදමන wipes ආදිය වැඩිපුර ගෙනයන්න. ගුවන් යානය තුල උණුසුම සීතල වෙනස්වෙන නිසා පෙරවන්න, ඔතන්න බ්ලැන්කට්, මාරුකරන්න ඇඳුම් අවශ්‍යයි. ඒවා වෙනම ළඟ තියාගන්න හැකි ලගේජ් එකක ගෙනියන්න. දරුවා වෙනුවෙන් අමතර බැග් එකක් ගෙනියන්න අවසර තියනව. ඊළඟට ඉවත්කරන ඇඳුම් දාගන්න, ඉවරවුනු බෝතල් එහෙම දාගන්න වෙන වෙනම වසන්න පුළුවන් පොලිතින් බෑග් (ziplock) තියාගන්න.
4. යානය ගුවන්ගත වීමේදී හා බිම්ගත කිරීමේදී ඇතිවෙන පීඩන වෙනස්කම් නිසා දරුවට අපහසුතා දැනෙනවා. විශේෂයෙන් කන් රිදීම් ඇතිවෙන්න පුළුවන්. කලාතුරකින් කන් බෙරය පලුදු වෙන්නත් පුළුවන්. ඒ නිසා කන් වැසෙන්නට අන්දවා මේ අවස්ථා දෙකෙදී නිදාගැනීමට සලස්වන්න පුලුවන්නම් වඩාත් සුදුසුයි. තරමක දරුවන්ගේ කන්වලට කුඩා ඇබ පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ වෙලාවට යමක් හපන්නට දීම සුදුසුයි. සූප්පුවක් හෝ හපන්නට සුදුසු සෙල්ලම් බඩුවක් වුනත් හොඳයි.
5. දරුවා කැමති සෙල්ලම් බඩු දෙක තුනක්, වර්ණවත් පින්තුර සහිත පොත් දෙක තුනක් ගෙනයාමෙන් දරුවා අවදිව සිටින අවස්ථාවල යම් දෙයක නිරතව තබා ගැනීමට හැකියි.
බොහෝ ගුවන්තොටුපලවල ළදරු ස්ට්‍රෝලර් ඉල්ලගැනීමේ හැකියාව තියනව ඊළඟ තොටෙන් භාරදෙන පොරොන්දුව උඩ ගන්න පුළුවන්.
මේවට අමතරව අත් නිදහස්ව දරුවන් රැගෙන යා හැකි sling එකක් පැළඳගෙන යාම ප්‍රයෝජනවත්.
ළදරු හැමොක් නමැති ඉදිරි අසුනේ සම්බන්ධ කරන්න පුළුවන් තොටිලි තියනව. මෙය භාවිතා කරනවානම් ඉදිරි අසුනේ කෙනාව දැනුවත් කරන්නම වෙනවා.
ඊට අමතරව ගෙනයන ඉලෙක්ට්‍රොනික් උපකරණත් සම්පුර්ණ චාජ් එකේ තබාගන හදිසියකදී උපයෝගී කරගන්න. අවශ්‍ය ඕනෑම විටෙක කාර්ය මණ්ඩලයේ උදව් ලබාගන්න පුළුවන්.
ඉස්සරත් ළදරුවන්ව ගුවන් යානාවල අරන් යන්න අවසර තිබිල තියනව. 1950 බ්‍රිටිෂ් එයාවේස් (BOAC) යානයක් තුල ගන්න ලද මේ පින්තුරයෙන් පෙනෙන්නේ දෙමාපියන්ට ඉහලින් එල්ලන ලද skycot ලෙස හැඳින්වූ තොටිල්ලක දරුවා ගෙනයාමේ හැකියාව තිබී ඇති බවයි. ගුවන් ගත කිරීමේදීත් ගොඩ බැස්විමේදීත් දරුවා දෙමාපියන් ලඟට ගන්න ඕනේ. දැනට වුනත් පොඩ්ඩක් වෙනස් වුණත් එකම නීති හා පෙනුම තමයි.
අවසර දුන් පමණින් කුඩා දරුවෙක් ගුවන් යානයක ගෙනයාම එතරම් සරල දෙයක් නෙමේ. ගමන් බලපත් සකස් කිරීමේ සිට ගුවන් යානයට ඇතුළු වෙනතෙක් සැලකිය යුතු දේ ගොඩයි. බොහෝ එයාලයින්වල ඒ ගැන දැනුවත් කිරීම් තියනව. මේ ලින්ක් එකේ තියන විස්තරත් හොඳයි.
සරලව අත්‍යවශ්‍ය කියා හැඟෙන දේ කරුණු පහකින් ලියන්නම්.
සාමාන්‍යයෙන් ඕනෑම ගුවන් යානයක දරුවන් සමග යන මගීන් අනිත් අයට කලින් ඇතුල් කරන නිසා දරුවා සමග අනිත් ගෙනියන දේවල් සකස් කරගන්න සැහෙන වෙලාවක් තියනව.
2. දරුවට අවශ්‍ය ආහාරපාන වැඩිපුර රැගෙනයාම වැදගත්. ගුවන්යානය තුල පවතින වියලි තත්වය නිසා දරුවා විජලනයෙන් වලක්වා ගැනීමට කිරි හා වෙනත් දියර වර්ග වැඩිපුර ගෙනයන්න ඕන. සමාන්‍යයෙන් දියර වර්ග ගෙනියන්න අවසර නැතත් කුඩා දරුවෙක්ගේ ආහාර ගෙනයන්න අවසර දෙනවා. ග්‍රයිප් වෝටර් හා වෙනත් වේදනානාශක බෙහෙත් දියරත් මේවට ඇතුලත්.
3. දරුවට අවශ්‍ය ඇඳුම්, නැපි, ඩයපර්, පිසදමන wipes ආදිය වැඩිපුර ගෙනයන්න. ගුවන් යානය තුල උණුසුම සීතල වෙනස්වෙන නිසා පෙරවන්න, ඔතන්න බ්ලැන්කට්, මාරුකරන්න ඇඳුම් අවශ්‍යයි. ඒවා වෙනම ළඟ තියාගන්න හැකි ලගේජ් එකක ගෙනියන්න. දරුවා වෙනුවෙන් අමතර බැග් එකක් ගෙනියන්න අවසර තියනව. ඊළඟට ඉවත්කරන ඇඳුම් දාගන්න, ඉවරවුනු බෝතල් එහෙම දාගන්න වෙන වෙනම වසන්න පුළුවන් පොලිතින් බෑග් (ziplock) තියාගන්න.
4. යානය ගුවන්ගත වීමේදී හා බිම්ගත කිරීමේදී ඇතිවෙන පීඩන වෙනස්කම් නිසා දරුවට අපහසුතා දැනෙනවා. විශේෂයෙන් කන් රිදීම් ඇතිවෙන්න පුළුවන්. කලාතුරකින් කන් බෙරය පලුදු වෙන්නත් පුළුවන්. ඒ නිසා කන් වැසෙන්නට අන්දවා මේ අවස්ථා දෙකෙදී නිදාගැනීමට සලස්වන්න පුලුවන්නම් වඩාත් සුදුසුයි. තරමක දරුවන්ගේ කන්වලට කුඩා ඇබ පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ වෙලාවට යමක් හපන්නට දීම සුදුසුයි. සූප්පුවක් හෝ හපන්නට සුදුසු සෙල්ලම් බඩුවක් වුනත් හොඳයි.
5. දරුවා කැමති සෙල්ලම් බඩු දෙක තුනක්, වර්ණවත් පින්තුර සහිත පොත් දෙක තුනක් ගෙනයාමෙන් දරුවා අවදිව සිටින අවස්ථාවල යම් දෙයක නිරතව තබා ගැනීමට හැකියි.
බොහෝ ගුවන්තොටුපලවල ළදරු ස්ට්‍රෝලර් ඉල්ලගැනීමේ හැකියාව තියනව ඊළඟ තොටෙන් භාරදෙන පොරොන්දුව උඩ ගන්න පුළුවන්.මේවට අමතරව අත් නිදහස්ව දරුවන් රැගෙන යා හැකි sling එකක් පැළඳගෙන යාම ප්‍රයෝජනවත්.
ඊට අමතරව ගෙනයන ඉලෙක්ට්‍රොනික් උපකරණත් සම්පුර්ණ චාජ් එකේ තබාගන හදිසියකදී උපයෝගී කරගන්න. අවශ්‍ය ඕනෑම විටෙක කාර්ය මණ්ඩලයේ උදව් ලබාගන්න පුළුවන්.
ඉස්සරත් ළදරුවන්ව ගුවන් යානාවල අරන් යන්න අවසර තිබිල තියනව. 1950 බ්‍රිටිෂ් එයාවේස් (BOAC) යානයක් තුල ගන්න ලද මේ පින්තුරයෙන් පෙනෙන්නේ දෙමාපියන්ට ඉහලින් එල්ලන ලද skycot ලෙස හැඳින්වූ තොටිල්ලක දරුවා ගෙනයාමේ හැකියාව තිබී ඇති බවයි. ගුවන් ගත කිරීමේදීත් ගොඩ බැස්විමේදීත් දරුවා දෙමාපියන් ලඟට ගන්න ඕනේ. දැනට වුනත් පොඩ්ඩක් වෙනස් වුණත් එකම නීති හා පෙනුම තමයි.
උදව්:
www.parents.com/fun/vacation/planning/how-to-fly-with-baby/
https://livingnomads.com/2016/03/travel-with-toddlers-tips/
https://suncitywill.wordpress.com/tag/jet-set-baby/
https://travelmadmum.com/flying-with-a-baby/
www.demilked.com/vintage-infants-travel-airplane-skycot-boac-flights/

Subscribe to:
Posts (Atom)