දැකීමට ප්‍රියජනක මෙන්ම බිය උපදවන අරුමැති ස්වභාවික සංසිද්ධියකි, ගිනිකඳු පිපිරෙන අවස්ථාවල ඇතිවන අකුණු. සෑම ගිනි කන්දක් පිපිරෙන අවස්ථාවේම දක්නට නොලැබෙන මෙය සිදුවීමට විශේෂිත තත්ත්ව නිර්මාණයවිය යුතුය. පසුගිය සියවස් දෙක තුළ 200වරක් පමණ වාර්තා වී ඇති මෙය සිදුවන්නේ කෙසේදැයි අර්ථ දක්වන්නට විද්‍යාඥයෝ තවම වෙහෙසෙති.
සාමාන්‍ය අකුණක් ඇතිවන්නේ වලාකුළු දෙකක් අතර හෝ වලාකුළු හා පොලව අතර ඇතිවන විද්‍යුත් ආරෝපණ වෙනස්වීමක් නිසා එක තැනකින් අනෙක් තැනට අයනීකරණ වායු ධාරාවක් නිර්මාණය වී ඒ ඔස්සේ විදුලිය ගමන් කිරීමෙනුයි. මෙය ස්ථිති විද්‍යුතය නම් වේ.
සාමාන්‍ය ජිවිතයේ නොයෙක් අවස්ථාවල මෙය අත්දැකීමට ලැබේ. ප්ලාස්ටික් රුලක් හිසකේවල තදින් අතුල්ලා කුඩා කඩදාසි කැබලිවලට ලං කළවිට ඒවා රූලට ආකර්ෂණය වන්නේ ස්ථිති විද්‍යුතය නිසාය.
මෙහි ඇති බැලුම හෝ පනාව සාමාන්‍ය අවස්ථාවේ ඇතිවිට එහි ඇති ආරෝපණ විසිරි පවතියි. ඒ නිසා කඩදාසි ඒ වෙත ඇදෙන්නේ නැත. එහෙත් තදින් හිසකේ හෝ එවැනි පෘෂ්ටයක ඇතිල්ලූ විට ආරෝපණ එක තැනකට රැස්වේ. එය කඩදාසි කැබලිවලට ලං කළවිට කඩදාසියේ ඇති විරුද්ධ ආරෝපණ ඒ දෙසට ගමන් කර ආකර්ෂණය සිදුවේ.
වියලි දිනෙක තද අව්වට වියලුනු කෘතීම රෙදි එහෙ මෙහෙ කරන විට ඒ අතර චිරි චිරි ශබ්දයක් ඇතිවනු අසා ඇති. අඳුරු කාමරයක් තුලදී නම් ඒ හඬ සමග සුදුපාට දීප්තිමත් ආලෝක පනිනු දැකිය හැකිය. මෙසේ සිදුවන්නේ ඇඳුමේ එක් ස්ථානයක් අනෙක් ස්ථානයකට වඩා වෙනස් ලෙස ආරෝපණය වීම නිසා ස්ථිති විද්‍යුත් විසර්ජනය වීමෙනි.
සාමාන්‍ය අකුණක් ඇතිවීමේදී ද මෙයම අති විශාල පරිමාණයෙන් සිදුවේ.
ගිනිකඳු විදාරණයේදී ඇතිවන සියුම් අළු අරෝපණයක් නැති දෙයකි. ගිනිකන්ද පිපිරී පිටතට ඒමේදී තදින් රත්වූ අළු අංශු එකිනෙක ඇතිල්ලීමෙන් ඒවා ආරෝපණය වේ. මෙසේ ආරෝපිත වන අළු වළාවක්, තවත් අළු වලාවක් සමග විසර්ජන හට ගැනීමෙනුයි අකුණ ඇතිවන්නේ. සාමාන්‍ය අකුණක් වැසි වලාකුළු දෙකක් අතර සිදුවන ලෙසම ගිනිකඳු අළු වලා දෙකක් අතර පුලිඟු පැනීමකින් ගිනිකඳු අකුණු ඇතිවේ.
ඉතා මෑතක දී සිදුකළ අධ්‍යයනයන්ගෙන් පෙන්වා දී ඇත්තේ ගිනිකඳු අකුණු ක්‍රම දෙකකට නිර්මාණය විය හැකි බවයි.
පොලවට ආසන්නයේ සිදුවන අකුණු ඇතිවන්නේ ඉහත විස්තර කළ ලෙස රත්වූ අළු අධික උෂ්ණත්වය හා පීඩනය යටතේ එකිනෙක ඇතිල්ලීමෙන් ආරෝපිත වීමෙනි. මෙය සිදුවන්නේ පිටවන දුම්වලාව තුල අසන්න ස්ථාන දෙකක් අතරයි. මෙය tribo electricity ලෙස හඳුන්වයි.
අනෙක් ක්‍රමය අධ්‍යනයට හේතු වුයේ 2015 දී චිලි රටේ කැල්බුකෝ ගිනිකන්ද පිපිරීමේදී දුටු අකුණුය. ඒවා සිදුවුයේ ගීනිකන්දට වඩා 100km පමණ ඇතිනි. පොලවට 20km පමණ ඉහළිනි. විද්‍යාඥයන් අනුමාන කරන්නේ ඉහල ගොස් දිගහල කුඩයක හැඩයට විසිරෙන අලුවළා තුනී වීමේදී අළු වලා සමග ඉහලට යන ජලවාෂ්ප මගින් අයිස් සෑදෙන බවයි මෙහිදී සාමාන්‍ය වැහි වලාකුල් අතර ආරෝපණ ඇතිවී, විසර්ජන සිදුවී අකුණු නිර්මාණය වන අන්දමටම ගිනිකඳු වලා අකුණු සෑදෙනු විය හැකිය.
මේ පිපිරීම් හා අකුණු ගැසීම් නිසා ඇතිවන කම්පන තරංග ඉතා ප්‍රබලය. බිය දනවන සුළු ය. ගුවන් ගමන් සඳහා ප්‍රබල බලපෑම් ඇතිකරයි.
"අප දන්නා තාක්ෂණ විධි ක්‍රම අනුව සොයාගත නොහැකි දේ ගිනිකඳු අකුණු අධ්‍යනයෙන් අනුමාන කළ හැකිය.ගිනිකඳු විදාරණයට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳවද කරුණු මතුකරයි." විද්‍යාඥයෝ පවසති.
"මේ සියල්ල අප මෙතෙක් මේ ලොව තියෙනවාදැයි නොදැන සිටි තව බොහෝ ප්‍රශ්න මතු කරනවා.."
උදව්:
http://volcano.oregonstate.edu
www.livescience.com
අපූරු සටහන.... මුහුද යට පුපුරා යන ගිනි කදු ගැන කියන්න පුලුවන්ද....
ReplyDeleteවෙනම ලිපියක් ලියන්නම්.
DeleteExcellent report
ReplyDeleteThanks!
Delete