{Quicksand සඳහා ගැලපෙන සිංහල වචනයක් ලෙස මලලසේකර ශබ්දකෝෂයේ සඳහන් වන්නේ ලා වැල්ල / බොරු වැල්ල ලෙසයි. විමසා බැලුවොත් ඒ වදන් හරියට නොගැලපෙන නිසා ක්වික්සෑන්ඩ් කියාම මේ ලිපියේ භාවිතා කරනවා. ගංගාවල ඇතිවන වැලිදල්ල තරමක් නිවැරදි වචනයක්.}
1961: Original caption: A terrified man is swallowed by quicksand. Image by © Bettmann/CORBIS |
ඔබ ඇවිදගෙන යන පොළවක ඔබව එකවර එරිගෙන ගියොත් මොකද හිතෙන්නේ? එවැනි අවස්ථා චිත්‍රපටවල හා ටෙලිනාට්‍යවල දැකලත් ඇති. දුවගෙන හෝ ඇවිදගෙන යන මිනිසෙක් හෝ සතෙක් එකවර මඩක් වැනි තැනක ගිලි නොපෙනී යන දර්ශන දුටුවිට මේවා ඇත්තටම සිදුවිය හැකිදැයි මදක් සිතන්නටත් ඇති.
එවැනි තත්වයක් ඇතිවිය හැකි විශේෂ අවස්ථාවක් ස්වාභාවිකව සිදුවෙනවා. වැලි, මැටි හා ජලයෙන් සමන්විත සංඝට්ටනය වන මෘදු, තෙත ජෙලි තත්වයේ පවතින පසක් quicksand කියන බලගතු, ස්වභාවික සංසිද්ධිය ඇතිකරනු ලබනවා. එනම් ගිලී යාමේ ක්‍රියාව සිදුවීමට වැලි මැටි මිශ්‍ර පසකුත්, ජලයත් අවශ්‍යයි. අවශ්‍ය තත්ත්ව ලැබී මෘදු බවට පත්ව තිබෙන වැල්ල අනෙක් වැලි කොටසින් වෙන්කර හඳුනාගැනීම පහසු නැත. බර යමක් පතිතවන තෙක් එහි ස්වභාවය දැනගැනීමට හැකියාවක්ද නැත. මෙසේ මෘදුවන වැලිමැටි පස මත පතිතවන බර දෙයකින් යොමුවන පීඩනය හා කම්පනය නිසා වැලි වල තියෙන ඝන, ශක්තිමත් භාවයට ජලයෙන් ස්පන්ජි තරලමය ආකෘතියක් සැදීම නිසා (liquify ) පතිතවන ද්‍රව්‍යය මේ තුල ගිලා බසී.
මෙය අරුම වූ සංසිද්ධියක් වන්නේ එක් මොහොතක ඝනයක් වුවත් ද්‍රව ලෙස ක්‍රියා කිරීමත්, ඊළඟ මොහොතේ ද්‍රවයක් වුවත් ඝන ලෙස ක්‍රියා කිරීමත්ය. හිතන්න, අනන ලද කොන්ක්‍රීට් මිශ්‍රනයක එරුණා වගේ. එරුණු පසු මිශ්‍රණයෙන් තදවිමක් ඇතිවෙනවා. ඇත්තටම පතිත වන ද්‍රව්‍යයේ බර මත තමයි ගිලෙන ප්‍රමාණය තීරණය වන්නේ. ඒ කියන්නේ බරට සමාන තරල ප්‍රමාණයක් තමයි උඩුකුරු තෙරපුම නිසා වි්ස්ථාපනය වන්නේ. ක්වික්සෑන්ඩ්හි විශේෂත්වය එය සිදුවන වේගයයි. නොහිතන වේගයකින් එරීයාම සිදුවිය හැකියි.
quicksand වලට හසුවූ වාහනයක් |
සාමාන්‍යයෙන් ගංගාධාර, ගං නිම්නවල, වැව්, විල් අසල, මුහුදු වෙරල ආසන්නයේ, ලවනහැල් වල සිදුවුවත්, අවශ්‍ය තත්වයන් ලැබුනහොත් මෙය ලෝකයේ කොතැනක වුවත් සිදුවිය හැකි දෙයක්. සුනාමිය අවස්ථාවේ පැරෑලිය අසල මෙවැනි තත්වයක් ඇතිවූ බව ඒ දිනවල කතාබහ වුනා. ජපානයේ 1964 ඇතිවූ භුමිකම්පාවකදී විශාල ගොඩනැගිල්ලක් quicksand නිසා පොලවට ගිලා බැස්ස බව වාර්තා වෙනවා. පොලව යටින් යන ජලනල, මලනල ආදිය පුපුරා පොලව තුල ද්‍රව ගතිය වැඩිවූ විටත් මෙය සිදුවිය හැකියි.
වසර සිය ගණනක් මුළුල්ලේ මිනිසුන් සිතුවේ quicksand වලට විශේෂිත උරාගැනීමේ බලයක් තිබන බවයි. අහම්බෙන් මේ මත තබන පියවරකින් පොලවට එරී යාමේ ප්‍රවනතාවයක් තියෙන නිසා මේ සංසිද්ධිය මිනිසුන් බිය ගැන්වුවා විය හැකියි. එහෙත් මෙය සමහර හොලිවුඩ් චිත්‍රපට හා කාටුන් වල පෙන්වන ආකාරයට මිනිසුන් සම්පුර්ණයෙන් ගිලි මරණයට පත්කළ හැකි වගුරක් නොවේ. මිනිසෙක්ගේ සාමාන්‍ය බරට ගිලෙන්නට හැක්කේ පපුව මට්ටමට පමණයි. සතෙක්ගේ වුවත්
හිස නොපෙනී යනතෙක් ගිලීයාම සිදුනොවේ. ඇත්තෙන්ම සතුන් හා මිනිසුන් මරණයට පත්වන්නේ කලබලයට පත්වීම නිසා තව දුරටත් එරිමෙන් පසු ගොඩ ඒ ගත නොහැකි වීමෙන් කුසගින්න, විජලිකරණය හා වඩදිය රළට යට වීමෙන් හෝ සෙලවෙන්නට බිය නිසා කිසිදු උත්සහයක් නොදරා උදව්වක් එනතෙක් බලා සිටිමෙනුයි.
හිස නොපෙනී යනතෙක් ගිලීයාම සිදුනොවේ. ඇත්තෙන්ම සතුන් හා මිනිසුන් මරණයට පත්වන්නේ කලබලයට පත්වීම නිසා තව දුරටත් එරිමෙන් පසු ගොඩ ඒ ගත නොහැකි වීමෙන් කුසගින්න, විජලිකරණය හා වඩදිය රළට යට වීමෙන් හෝ සෙලවෙන්නට බිය නිසා කිසිදු උත්සහයක් නොදරා උදව්වක් එනතෙක් බලා සිටිමෙනුයි.
මෙලෙස quicksand වලට හසුව, වැලි මත තදවීම නිසා කාලගුණයෙන් හා අනෙක් උවදුරුවලින් මිදී හොඳින් සුරැකුණු ඩයිනසෝරයන් හා ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් සතුන්ගේ මල සිරුරු හා පොසිල හමුව ඇත.
අනතුරු සංඥාවක් |
පළමුව කළ යුත්තේ තමා සතු ඉවත් කළහැකි බර සියල්ල ඉවත් කිරීමයි, බැග්, බර ඇඳුම් පමණක් නොවේ, ශක්තියක් ලෙස අල්ලාගෙන සිටින්නට හිතෙන මුගුරක් පවා ඉවත දැමිය යුතුයි. මිනිස් සිරුරේ බර වැලිවල බරට වඩා අඩු නිසා හැකිතාක් සිරුර ලිහිල් කර, අත් හා පා විහිදුවා ඇඟේ ක්ෂේත්‍රපලය වැඩි කිරීමෙන් වැලිමත යෙදෙන පීඩනය අඩු කලයුතුය. පිට මත සමතලාව දිගාවිමට උත්සහ කළ යුතුයි. සිරුර මතුපිටට ආ පසු, සෙමෙන් සැහල්ලු පිහිනීම් වැනි චලනයන්ගෙන් වගුරෙන් එලියට ආ යුතුය.
එක අවස්ථාවක ඇමරිකාවේ කොලරාඩෝ ගඟ අසබඩ සමීක්ෂණයක යෙදෙමින් සිටියදී එරුණ විද්‍යාඥයෙක්ට quicksand මීටර් තුනකින් පිහිනා එගොඩ වීමට පැය අටක් ගතවූ බව වාර්තා වෙනවා..
උදව්:
www.slate.com
www.damninteresting.com
www.todayifoundout.com
www.wikihow.com/Get-out-of-Quicksand
මැටි පාරක යන්නත් බයයි බන් දැන්...එක්ස් ෆයිල් එකේ ඔහොම කතා දෙක තුනක් ගියා
ReplyDeleteකොරහේ කිඹුල්ලු දකින්නත් එපා රස්ති. සිංහල ටෙලියකත් දැක්කා විනාඩියට ඔළුවම පේන්නෙ නැතිවෙන්න ගිලෙනවා. දැන් දන්නවනේ එහෙම වෙන්නේ නැහැ කියල
Deleteලංකාවේ වාර්තා වෙලා තියනවද මෙහෙම තැං
ReplyDeleteලංකාවේ හුඟක්ම තියෙන්නේ මඩවගුරු. සුනාමිය වෙලාවේදී තාවකාලිකව මෙහෙම තැන් හැදුනා කියල හිතනවා. මැණික් ඉල්ලම් ගොඩදාන තැන්වල හැදෙනවලු.
Deleteජලය නැතුව වියලි වැලිවලත් එහෙම වෙන්න පුලුවන්ද?
ReplyDeleteවැලි කාන්තාරවලත් වෙන්න පුළුවන්. ඒකට කියන්නේ dry quicksand කියල. තවම එහෙම සැබෑවටම වුනු දෙයක් ගැන සාක්ෂි නැහැ කියලයි කියන්නේ.
Deleteවිස්තරය අනුුව ශබ්දකෝසයේ දෙන වචනය වැරදී තමා බුද්ධිනී. මීට "මුලා වැල්ල" කියන වචනය තරමක් ළඟින් ගෑවී යතැයි සිතෙනවා මහා පරිමාණ මැණික් ඉල්ලම් ගොඩවල මේ තත්ත්වය ඇතිවීමට ඉඩ තිබුණත් ගොඩ දැමීම සමගම ගැරීම ද සිදුවන නිසා මඩ සහ පස සේදි යාමෙන් වෙන් වන නිසා අනතුර පහ ව යනවා.
ReplyDeleteමුලා වැල්ල හොඳ වචනයක් තමයි. අනිත් දැනුවත්කිරීම් වලටත් ස්තුතියි ගුණසිංහ මහත්තය.
Deleteබුදු අම්මෝ !!
ReplyDeleteබිය නොවන් සොයුරිය. එරුනොත් ගොඩ එන හැටි දන්නවනෙ දැන්?
Delete"Quick Sand" එහෙමත් නැත්නම් (ගුණසිංහ මහතා පැවසු පරිදි) "මුලා වැල්ල" සංසිද්ධිය පිළිබදව දැනගන්නට ලැබුනේ ඔබගේ මෙම ලිපියෙනුයි. ඔබට බෙහෙවින්ම ස්තුති මෙවන් තොරතුරු අප හා සමග බෙදාහදා ගන්නවාට.
ReplyDeleteකෙසේ වෙතත්, මම අපේ ගමේ තිබෙන හොදින් එරෙන කුබුරු වලදී සහ දකුණේ ගංගා අශ්‍රිතව තනා ඇති පොල් වලවල් වලත් තුනටිය ලගට එරීලා තියෙනෙවා. එමෙන්ම, එරුණ කකුල් ඉවතට ගන්න කොපමනනම් දුෂ්කර කාර්යක් වුනාද කියන එක මට අද - ඊයේ වගේ හොදට මතකයි. එහිදී මාහට ලැබුණ අත්දැකීම්ද බොහෝ දුරට ඔබ විස්තර කල කොන්ක්‍රීට් මිශ්‍රණයක එරී ඝණ වුවා හා සමාන තත්වයක් තමා. මට හිතෙනවා එදා මා, ඒ අත් විදින්නට ඇත්තේ "Quick Sand" සංසිද්ධිය වන්නට ඇති කියා.
ලිපිය කියවන විට මට මතක්වූ තවත් දෙයක් තමා කැලිෆෝර්නියාහී ලොස්ඇන්ජලීස් වල පිහිටා තියෙන "La Brea Tar Pits" තාර වලවල්......
https://tarpits.org/la-brea-tar-pits
"La Brea Museum" එකේ තාර තුල යමක් ගිලුන විට, එය ඉවතට ගැනීමේ අපහසුතාවය ආදර්ශනය කර පෙන්වීම සදහා ඇටවුමක් සකස් කර තිබුණා මතකයි. විනිවිද පෙනෙන තරමක් විශාල සිලින්ඩරාකාර භාජනයක 75% ක් පමණ තාර පුරවා ඒ තුල විවිධ විෂ්කම්භ වලින් යුතු සුදු-යකඩ කූරු ගිල්වා ඇති අතර, කැමති කෙනෙකුට එම කූරු ඉවතට ඇදීමට මොන තරම් බලයක් යොදන්න අවශ්ය්දැයි නිරීක්ෂණය කල හැක. එසේ ඉතා අමාරුවෙන් එලියට ඇදී කුර අතහැරියවිට (එහි බරට) කිසිදු ආයාසයකින් තොරව නැවත ඉතා සෙමින් තාර තුල ගිලී යන අයුරුද තවත් ඉතා කුඩා බලයක් දුන් විට මුල් පිහිටීම වෙත පහසුවෙන්ම ගමන් කරන අයුරු නිරීක්ෂණය කල හැක.
(මෙහිදී, ඇතැම්විට තාර වල පවතින ඇලෙනසුලු ස්වභවය නිසා ඔබ විස්තර කල "Quick Sand" සංසිද්ධියට වඩා වෙනස් දෙයක් හෝ "Quick Sand" සහ ඇලෙනසුලු තාර වල බලපෑම යන දෙකම හෝ සිදු වෙනවා වන්නටත් පුළුවන්.)
ඒ ගැන තොරතුරු (සිංහලෙන්) සොයන විට අපුරු බ්ලොග් ලිපියක් හමුවුණා. එහි link එක පහත සටහන් කරමි.
http://ishaninarahenpita.blogspot.ca/2011/04/55.html
ඉතා රසවත් එමෙන්ම වසර ගණනාවකින් අලුත් ලිපියක් නොලිවුනද මෙම අපුරු වෙබ්අඩවිය (කලින් නොදුටු) සියල්ලන්ට ඉතා ප්‍රයෝජනවත් ලිපි අන්තර්ගතවී ඇති කියා සිතනවා.
ස්තුතියි !
ස්තුතියි ගොඩක් තොරතුරු එකතු කළාට!! පොල් වලවල් වල නම් මේ සංසිද්ධියම තමයි. තාර පරීක්ෂණයයි මඩයි එකම විදියට වෙන්නේ.
Deletelink එකටත් ස්තුතියි. ඉඩ ඇතිවිට බලන්න හොඳ එකක් වගේ.