ඉතා පැහැදිලි ලෙස දැකිය හැකි අන්දමින් සාගර දෙක හමුවන ස්ථානය පෙන නගන අතර වෙනස් වර්ණයන්ගෙන් යුක්තව පවතිනවා. ඒ අතරමැද තිරය පැහැදිලිව දක්නට තියෙනවා. මෙය වෙරල තීරයක් නොවෙන අතර මුහුද මැදදී දැකිය හැකි සංසිද්ධියක්.
මේ සඳහා හේතු දැක්වීම් මෙන්ම විවිධ මතයන්ද ලොව පුරා දක්නට ලැබෙනවා. මුලින්ම මෙවැනි චිත්තකර්ශනිය ස්ථානයක් ඇතිවීමට හේතු සොයා, ඉන් අනතුරුව අනෙකුත් මතයන්ගේ නිරවද්‍යතාව විමසමු.
මෙම මුහුදු හමුවන තිරය පිහිටන්නේ වසර 30 000 කට පෙර අයිස් යුගයේ ආසියානුවන් ඇමරිකානු මහද්වීපයට පැමිණි බෙරින්ගියා පාලම හැදුනු රුසියාවේ සයිබීරියාව හා උතුරු ඇමරිකාවේ ඇලස්කාව අතර ප්‍රදේශයට මදක් පහලින්. ගල්ෆ් ඔෆ් ඇලස්කා ඇලස්කාවට වගේම කැනඩාවේ කොටසකටත් මායිම් වෙනවා. (ඇලස්කාව ඇමරිකාවට අයිති මුත් කැනඩාවට පමණක් භූමියෙන් සම්බන්ධ ජනපදයක්).
එහෙම පැහැදිලිව පෙනෙන වෙනස්කම් ඇතිවෙන්නේ කොහොමද?
වෙනස තියෙන්නේ ජලයේමයි. ජලයේ ඇති භෞතික හා ජෛව විද්‍යාත්මක වෙනස්කම් නිසායි වර්ණ වෙනස්කමක් සහිත මිශ්‍ර නොවෙන ස්වභාවයක් පෙනෙන්නේ. මුහුදු දෙකෙහි ඇති ජලයේ ලවණතා වෙනස, ඝනත්ව වෙනස, උෂ්ණත්ව වෙනස සහ මෙම ස්ථනයේ ඇති දියසුලිවල ස්වභාවය නිසා සිදුවන දෙයක්.
![]() |
කොපර් ගංගාව |
ජලයේ ඇති ප්ලවාංග වල වර්ණය මුහුදු ජලයේ වර්ණ වෙනසට තවත් හේතුවක්. ඉහත විස්තර කර ඇති පරිදි ලවනතාව, ඛනිජ ප්‍රමාණය ආදිය වෙනස් නිසා ඒ මත සැදෙන ශාක ගහනයන් වෙනස් වෙන අතර ඒ මත යැපෙන මුහුදු ජිවින්ද විවිධත්වයෙන් යුතු වෙනවා. නිතිපතා ගලා ආ ජලයේ ඇති ඛනිජ තැන්පත්වීම හේතුවෙන් එම කලාපය අධික පෝෂණ මාධ්‍යයක් නිසා ශාක ප්ලවාංග වැඩි ප්‍රමාණයක් වැඩෙමින් තියෙනවා. ඒ නිසා ජලය තද වර්ණයෙන් යුතුයි. ගලා එන ග්ලැසියර ඛාදන ශීත මිරිදිය ජලයේත්, ආක්ටික් සාගරයෙන් එන ජලයේත් ශාක ප්ලවාංග අඩු ප්‍රමාණයක් තිබීම එම ජලය වර්ණයෙන් අඩු වීමට හේතුවක්.

ඊළඟ කරුණ උෂ්ණත්ව වෙනස. ග්ලැසියර කොටස් සමග එන ජලය මෙන්ම ආක්ටික් ප්‍රදේශයෙන් එන ජලයද අනිවාර්යයෙන්ම පැසිෆික් සාගරයේ ඇති මුහුදු ජලයට වඩා උෂ්ණත්වයෙන් අඩුයි. එම උෂ්ණත්ව වෙනසත් මෙම ජල ප්‍රවාහ දෙක එකිනෙක මුසුවීම පමා කරනවා.

ජලය මිශ්‍ර නොවෙනවා යන්න අනෙක් සත්‍ය නොවෙන කරුණයි. විවිධ හේතු නිසා ජලය එකිනෙක මිශ්‍ර වීමට මැලි බවක් දැක්වූවත් එකිනෙක හමුවන ස්ථාන නිරතුරු චලනය වෙමින් පවතින අතර ජලය මිශ්‍ර වී සමුදුරු දියවැල් ඔස්සේ විවිධ දිශාවන්ට ගමන් කරනවා.
පින්තුරවල දකින්නට ඇති පරිදි ස්ථිර රේඛාවක් ලෙස නොවෙනස්ව මෙම තීරුව පවතින්නේද නැහැ. ජල තරඟවල වේගය අනුව එහෙ මෙහෙ යමින්, සමහරවිට හඳුනාගත නොහැකි ලෙස ජල වර්ණ මිශ්‍ර වෙනවා..
උදව්:
http://ccom.unh.edu/theme/law-sea/gulf-alaska-margin-obliques
https://www.youtube.com/watch?v=NA5-XGcj0LQ
www.truthorfiction.com/two-oceans-meet-but-do-not-mix-in-the-gulf-of-alaska/
https://earthobservatory.nasa.gov/images/83754/springtime-in-the-gulf-of-alaska
researchgate.net/figure/Gulf-of-Alaska-region-geography-and-location-of-previous-DSDP
https://blogpatagonia.australis.com/
++++
ReplyDelete🙂🙂
Deleteඅගෙයි!
ReplyDelete