සැප්තැම්බර් 15: රටවල් පහක නිදහස් දිනය
මධ්‍යම ඇමරිකාවේ පිහිටි රටවල් පහක් වසර 300 ගණනක් පැවති ස්පාඥ්ඥ යටත් විජිත භාවයෙන් මිදී නිදහස් රාජ්‍ය ලෙස ප්‍රකාශයට පත්කළේ 1821 සැප්තැම්බර් 15 දායි. එම රටවල් වන්නේ ගෝතමාලාව, එල් සැල්වදෝරය, කොස්ටාරිකාව, හොන්ඩුරාසය, හා නිකරගුවාවයි. මෙම රටවල් පහේම ජාතික කොඩිවල නිල්පාට තීරු දෙකෙන් අදහස් වන්නේ පැසිෆික් සාගරයේ සිට කැරිබියන් මුහුද දක්වා යන අදහසයි.

සැප්තැම්බර් 16: බී.බී. කින්ග්
සැප්තැම්බර් 22: කඳු නගින්නිය ජුන්කෝ ටබෙයි (1939- 2016)
1939 සැප්තැම්බර් 22 ජපානයේ ෆුකුෂිමා අසල කුඩා නගරයක උපන් ජන්කෝට කඳු නැගීමේ ආශාව ඇතිවූයේ අවුරුදු 10දී පාසලෙන් ගිය නාසු කන්ද නැගීමට ගිය ගමනේදීය. අඩි 4 අඟල් 9ක කුඩා සිරුරකින් යුතු දෙදරු මවක වූ ඇය, ජපානයේ පළමු කඳු නගින්නියන්ගේ සමාජය ඇතිකළේ ගැහැණුන් දරුවන් හා ගේදොර බලාකියාගෙන සිටිය යුතුයි සිතන සම්ප්‍රදායික සමාජ පසුබිමක් තිබියදී 1969දියි.
1975 මැයි මාසයේ ලොව පළමුවෙන් එවරස්ට් සමිට් තරණය කල කාන්තාව බවට පත්වූයේ අතිශය අසීරු ගමනකින් පසුවයි. 21 දෙනෙක්ගෙන් යුතු කණ්ඩායමක් සමග අඩි 9000ක් නැගීමෙන් අනතුරුව අවලාන්ච් නම් දරුණු හිම කුණාටුවකින් ඔවුන් නැවතී සිටි තාවකාලික කඳවුර සම්පුර්ණයෙන්ම යටවුණා. දින තුනකට පසු නැවත ගමන් ඇරඹු ජුන්කෝ, එක් ෂර්පාවරයෙක් (නේපාලයේ කඳු නගින විශේෂඥ පුද්ගලයන් ෂර්පා නම්වේ) සමග පමණක් එවරස්ට් කඳු මුදුන තරණය කළේ ලෝකයේ එවරස්ට් තරණය කළ 36 වන පුද්ගලයා බවට පත්වෙමින්.
නැවත ජපානයට සැපත්වුනු ඇයට සුබ පැතුම් ගලා එන්නට වුනා. ඒ අතර ජපන් අධිරාජයා ද වුණා. " නැවත ගෙදර සාමාන්‍ය තත්වයට පත්වෙන්න මාස දෙකතුනක් ගියා. මගේ තුන් හැවිරිදි දියණිය කැමරාවලට බයවෙලා හිටියේ".
එයින් තම කඳු නැගීම නවත්වුයේ නැති ජුන්කෝ 70 වියට එළඹෙන විට ලොව මහද්වීප හතේම රටවල් 56කට අයත් උස් කඳු තරණය කර තිබුණා. සිරුරේ පිළිකාවක් තිබියදී පවා තම කඳු නැගීම නැවත්වුයේ නැහැ. " අත් නොහැර ආශාකරන ඔබේ ගවේෂණ කරගෙන යන්න" දිරිමත් ඇය ලොවට දෙන පණිවිඩයයි..
සැප්තැම්බර් 27: ගූගල් 21 උපන්දිනය
කලකට පෙර ගෘප් එකක පලකිරීමට ලියු ලිපියක් මේ වෙනුවෙන් දාන්නම්.
ගුගල් මොකද්ද කියල නොදන්නේ ඉන්ටනෙට් සැපයුමක් භාවිතා නොකළ කෙනෙක් විතරයි. ඒත් තව ටිකක් විස්තර බලමු.
ඇත්තටම මොකද්ද මේ ගුගල්?
ගුගල් කියන්නේ 1998දී ඇමරිකාවේ ආරම්භ කළ අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයක, ඒ කියන්නේ ඉන්ටර්නෙට් සර්ච් එන්ජින් එකක සන්නාමය. මේ වෙබ් අඩවිය විවිධාකාර තොරතුරු ඉතා ඉක්මනින් ලබාගැනීම උදෙසා දත්ත මෙහෙයුම් ක්‍රියාවලියක් සැකසුවා පමණක් නෙවේ, ආරම්භ කර ඉතාම කෙටි කාලයකින් මිනිසුන් අන්තර්ජාලය ගැන හිතන, කතාකරන විදිය වෙනස් කරන්නත් සමත් වුණා.
මේ නම ආවේ කොහොමද?
ගුගල් හදපු ලැරී පේජ් හා සර්ජි බ්‍රින් බලාපොරොත්තු වුනා මිලියන ගණනක් වන ජනගහනයෙන් වැඩි දෙනෙක් මෙය උපයෝගී කරගනියි කියල.ඒ නිසා නොගිනිය හැකි අංකයක් වන දහයේ සියයේ බලය වන 10^100ට කියන googol කියන නමයි යෝජනා වුණේ. එය ලිවීමේදී google කියල වෙනස් කරලා.
මුල් පිටුව බොහෝවිට එකම වගේ වුනාට භාවිතා කරන රට, ඒ රටේ විශේෂ දේ, ලෝකයේ විශේෂ සිදුවීම් ආදිය අනුව සමහර දාට වෙනස් වෙනවා.
දැන් බහුජාතික තාක්ෂණික සමාගමක් වන මෙමගින් බොහෝ සේවා ලබා දෙනවා. පින්තුර හොයාගන්න පුළුවන් ඉමේජ්, ලෝකේ බොහෝ ස්ථාන හොයාගන්න පුළුවන් මැප්, භාෂා පරිවර්තන සේවය, ප්‍රවෘත්ති,විද්‍යුත් තැපැල්, දත්ත ගබඩා කරන්න ඩ්‍රයිව්, බ්ලොග්, වීඩියෝ, දුරකථන, පරිගණක, චැට් ඇප් ....නිතර අලුත් සැපයුම් .
ගුගල් කියන එක හැම භාෂාවේම වගේ අලුත් නාමපදයක් හරි ක්‍රියා පදයක් හරි වෙලා. අපිත් කියන්නේ 'ඕක ගූගල් කරලා බලන්න', 'ගුගලේවත් නෑ', 'ගූගල් දෙයිය තමයි කිව්වේ' වගේ දේවල්.
ඔවුන් එයට නම දැමීමෙන් බලාපොරොත්තු වූ, මිලියන ගණනක් ජනතාව මෙය භාවිතා කරයි කියන අදහස නම් හරියටම හරි ගිහින්.

Greetings! This is my first comment here so
ReplyDeleteI just wanted to give a quick shout out and say I really enjoy reading through your posts.
Can you suggest any other blogs/websites/forums that cover the
same topics? Thank you so much!