Monday 11 March 2019

ගූගල් ඩූඩල් මාර්තු 12: www තිස්වන උපන්දිනේ

" මට පොඩි විස්තරයක් හොයාගන්න තියනව"
"වෙබ් සර්ච් කරන්නකෝ"
"වෙබ් සයිට් එකක තියනව දැක්ක"
නිතර ඇහෙන මෙවැනි වදන් සාමාන්‍ය දෙයක් වුවත්, වසර තිහකට පෙර එය කෙනෙක් ගේ යෝජනාවක් පමණයි.  විසිවන සියවසේ විශිෂ්ඨතම සොයාගැනීමක් වූ වර්ල්ඩ් වයිඩ් වෙබ් world wide web (www) වෙනුවෙනුයි අද ගූගල් විස්තරාත්මක ඩුඩල් වීඩියෝවක් නිර්මාණය කරලා තියෙන්නේ.

වසර තිහකට පෙර බ්‍රිතාන්‍ය ජාතික තරුණ පරිගණක විද්‍යාඥයෙක් වූ ටිම් බර්නර්ස්-ලී විසින් යෝජනා කරන ලද අන්තර්ජාල පාදක කරගත් සබැඳි පද්ධතියක් මගින්  පරිගණක අතර තොරතුරු බෙදාගැනීමේ ක්‍රමය මානව වර්ගයාගේ තොරතුරු හුවමාරු කිරීමේ හා සන්නිවේදනයේ අති මහත් වෙනසක් ඇති කළේය. ඔහු මේ අදහස ගැලීම් සටහන් ඇසුරු කරගෙන Information Management: A Proposal  මගින් තම ප්‍රධානියාට 1989 මාර්තු 12 වනදා ඉදිරිපත් කළවිට ප්‍රධානියා "නොපැහැදිලි නමුත් ආකර්ෂණියයි" පවසමින් එය අනුමත කළේය.
"හිතන්න විශාල ගැටළු වන කාලගුණ විපර්යාස හෝ පිළිකාවට ඖෂධයක් සොයාගැනීම වැන්නක්. මේ ගැන තොරතුරු දන්නා පුද්ගලයන් ලොව විසිරි සිටින්නේ. ඔවුන් එකට සම්බන්ධ කිරීමයි වෙබ් සැදීමේ අරමුණ වුණේ"  නයිට් නාමයකින් පුද ලබා ඇති බර්නර්ස්-ලී විස්තර කරයි.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර CERN නම් න්‍යෂ්ටික භෞතික පර්යේෂණාගාරයේ දී 1990 දෙසැම්බර් 20 වනදා ඔහු තම ප්‍රථම වෙබ් අඩවි නිර්මාණය එලි දැක්වීය. එහි ඔහුගේ ව්‍යාපෘතිය පිළිබඳව හා වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න අයුරු සඳහන් විය. මේ සඳහා HTML (Hyper Text Markup Language) භාෂාව ලිවිම, HTTP (Hyper Text Transfer Protocol) පොදු ප්‍රමිතිය නිර්මාණය හා www.app ප්‍රථම වෙබ් බ්‍රවුසරය නිර්මාණය සිදුවිය.
පළමුව මෙය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන අංශ, පර්යේෂණාගාර හා විද්‍යාගාර ඇතුලත භාවිතා විය.
පුර්ණ විභවය ලබාගැනීමට නම් මෙය සියලු දෙනාටම භාවිතා කල හැකි ලෙස ප්‍රචලිත කර ව්‍යාප්ත කළයුතු බව බර්නර්ස් ගේ අදහස විය. මේ අනුව CERN ආයතනය 1993 දී   සෑම අන්තර්ජාල පරිහරණය කරන්නෙකුටම www නොමිලේ ලබාදෙන බව දැනුම් දුන්නේය.
1994දී බර්නර්ස් ඇමරිකාවේ MIT ආයතනයට සම්බන්ධ වී World Wide Web Consortium (W3C)  බිහිකර වෙබ් ප්‍රමිතිය පවත්වා ගැනීමත්, සංවර්ධන කටයුතු කිරීමත් පුළුල් කළේය. W3C හි පුළුල් අර්ථකථනය  "The World Wide Web is the universe of network-accessible information, an embodiment of human knowledge වර්ල්ඩ් වයිඩ් වෙබ්, මානව දැනුම මුර්තිමත් කරන විශ්වීය අන්තර්ජාල තොරතුරු ප්‍රවේශයකි".
වර්ල්ඩ් වයිඩ් වෙබ් යනු කුමක්ද? වෙබ් යනුවෙන් සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින www, ලේඛණ හා වෙනත් අන්තර්ජාල සම්පත් URL හෙවත් Uniform Resource Locator මගින් හඳුනාගන්නා තොරතුරු අවකාශයකි. URL යනු පරිගණක ජාලයේ අදාළ තොරතුර අනන්‍යව හඳුනාගත හැකි වන සේ ඇති පරිගණකය හෝ දත්ත වෙත යොමුකරන වෙබ් ලිපිනයයි.
WWW Server නමින් හදුන්වන යන්ත්‍රයක් තුල වෙබ් අඩවි හා වෙබ් පිටු තැන්පත්කරන අතර, ප්‍රධාන වෙබ් පිටුවකින් හා ඒ හා සම්බ්න්ධ තවත් පිටු වලින් සමන්විත වේ.
වෙබ් පිටු අතර සබදතා ඇතිකිරීමේදී එය කීප ආකාරයකට සිදුකරනු ලබයි,
  • එම වෙබ් පිටුවේම වෙනත් කොටසකට සම්බන්ධතාවය ඇති කිරීම 
  • වෙබ් අඩවිය තුල ඇති වෙනත් පිටුවකට සම්බන්ද කිරීම
  • වෙනත් වෙබ් අඩවියකට සම්බන්ධ කිරීම
  • වෙනත් වෙබ් අඩවියක පිටුවකට සම්බන්ධතාව ඇති කිරීම
වෙබ් බ්‍රව්‍රසරය මගින් මෙම උපදේශ කේත නිසි පරිදි ගලපා වෙබ් පිටුව පරිගණක තිරය මතට ලබා දෙයි. 

වෙබ් බ්‍රවුසරයක් ක්‍රියාත්මක වන්නේ මෙසේය,

  1. තොරතුරු ගබඩා වී ඇති පරිගණකය(Server Computer) වෙත ඉල්ලීමක් කෙරෙන අතර තොරතුරු ලබාගත හැකිදැයි සොයාබලයි.
  2. තොරතුරු ලබාගැනීමට හැකිනම් HTML ගොනුව HTTP තාන්ෂණය මගින් තොරතුරු ලබාගන්නා පරිගණකය වෙත ලබා දේ.
  3. ලබාදුන් තොරතුරු, HTML උපදේශ කේත අනුව(Tags අනුව) සකස් කර තිරය මත දර්ශනය කරයි.
  4. ඕනෑම වර්ගයක රූප හො බහුමාධ්‍ය මූල අවශ්‍ය වූ විට පරිගණකයන්හි ක්‍රියාත්මක කරවයි. 
 lankanote.blogspot.com/2016/11/html-lesson-  

වෙබ් හඳුන්වා දීම තොරතුරු සන්නිවේදන ක්ෂේත්‍රයේ  මෙන්ම පුද්ගල ජිවිතවලද   විප්ලවීය පෙරලියක් ඇති කළේය. මේ වනවිට අන්තර්ජාලයේ වෙබ් අඩවි බිලියන දෙකකට අසන්න ප්‍රමාණයක් පවතී. ඊමේල්, වීඩියෝ, පරිගණක ක්‍රීඩා, වෙළඳ භාණ්ඩ ගෙන්වාගැනීම, පණිවිඩ හුවමාරුව ආදී ලෙස එයින් තොර ලොවක් ගැන හිතන්නට නොහැකි ආකාරයෙන් වෙබ් අපේ ජිවිත සමග වෙලී පවතී. ලින්ක් එකකට යොමු වූ පමණකින් තොරතුරු හුවමාරු කරගැනීමේ හැකියාව පවතී.
" සියලු දෙයම වෙනස් කරන නව්‍ය සොයාගැනීම් පවතින්නේ අතලොස්සකි. අපේ යුගයේ වඩාත්ම බලපෑම් කළ සොයාගැනීම වෙබ් වේ." W3C ප්‍රධාන විධායක නිලධාරී පවසයි.
දත්ත ලබාගැනීම විමධ්‍යගත කර, අවසරයකින් තොරව තොරතුරු හුවමාරු කරගැනීම වැනි විවෘත ක්‍රමයක් භාවිතයේදී ඇතිවිය හැකි ගැටළු පිළිබඳව බර්නර්ස්-ලී මුල සිටම අවධානයෙන් සිටියේය. මෙම මාධ්‍යය අවභාවිත කරන්නෝද එක සේම බිහිවිය.  සැලකිලිමත් ලෙස මෙය භාවිතා කරන ලෙසත්, කුණු පිරුණු වෙබ් අඩවි භාවිතා නොකරන ලෙසත් කොතෙකුත් ඉල්ලීම් කළත් සමාජ ජාල ඇරඹීමත් සමග අයස සඳහා වෙබ් යොදවන්නන්ගේ ව්‍යාප්තියක් සිදුවිය.
 "වැරදි හා බොරු පුවත් නොසලකා හරින්න. ජනතාවගේ විශ්වාසය ඒ කෙරෙහි ලැබෙන ලෙස බොරු පුවත් නිර්මාණය කර පතුරවන දක්ෂ මුත් ද්වේශ සහගත මිනිස්සු බිහිවී සිටිති. වැරදි තොරතුරු වසංගත ලෙස පැතිර යයි. මුදල් උපයාගැනීම උදෙසා පුද්ගලිකත්වය නොසලකා හරිමින් පවතියි."
අන්තර්ජාලයේ මතුව තිබෙන මේ තත්වය සමනය කිරිම සඳහා දැන් පියවර ගනිමින් සිටින බව 30 වන සංවත්සරය සලකුණු කරමින් පැවැත්වූ උත්සවයකදී ශ්‍රීමත් ටිම්  බර්නර්ස්-ලී පැවසිය. "වෙබ් නිර්මාණය කළේ ලෝකයේ මතුවන ගැටළු වලට මානව වර්ගයා ලෙස එකමුතු වී විසඳුම් සොයාගැනීමටයි". තම සොයාගැනීම ආධාර කරගෙන ලොව ඉහලම  ධනවතුන් බිහිවුණත් තම මුලික අරමුණ වෙත නොසැලී යොමුව සිටින ඔහු පරමාදර්ශයකි.
උදව්:
https://www.youtube.com/watch?v=xJGTbo6b3Xc
https://www.google.com/doodles/30th-anniversary-of-the-world-wide-web
https://www.cnet.com/news/tim-berners-lee-still-believes-the-web-can-be-fixed-even-today/
http://lankanote.blogspot.com/2016/11/html-lesson-part-1-html.html
https://promptpc.co.uk/world-wide-web-day-how-the-web-began

13 comments:

  1. ස්තුතියි මේ තොරතුරු සොයා දීමට අක්කේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ දිරිමත් කිරීම ගැන නගා

      Delete
  2. හොඳයි. ඉස්තූතියි...

    ReplyDelete
  3. පරිගණකය භාවිත කරන මා එය භාවිත කරනුයේ එදිනෙදා ලබන පළපුරැද්දෙනි. පරිගණකය ගැන විධිමත් පුහුණුවක් ද මා ලබා නැත. ඒ පදනම මත මේ ලිපිය ලබා දෙන මුලික දැනුම ඉතා වැදගත් ය. 1989 ලංකාවට කලබල වර්ෂයකි. එහෙත් ලෝකය වෙනස් කරන්නට ඒ වර්ෂයේ ම ගත් නව පියවරක් ඉවහල් වී ඇති අයුරු?

    ReplyDelete
    Replies
    1. ලිපියෙන් වැඩක් වූ බව දැනගැනීම සතුටක් සර්.

      Delete
  4. ශ්‍රීමත් ටීම් බර්නර්ස් ලීට අප කොපමණ ණයගැතිද? ඔබේ අගේ ඇති පොස්ට් එක කියෙව්වාම මට හිතුණේ ඒකයි. දැනුවත් කිරීම ගැන ගොඩක් පින්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඇත්තටම ඔහු සොයාගත් මේ ක්‍රමය නිසාත් එය නොමිලේ දුන් නිසාත් තමයි ගුගල්, අනෙක් සෙවුම් යන්ත්‍ර, ෆේස්බුක් ඇතුළු සමාජ ජාල, අන්තර්ජාල වෙළඳම ඇතුළු බොහෝ දේවල් ලොවට විවර වුණේ. මේ ක්‍රමය යොදාගෙන ලොව ඉහල ධනවතුන් වූ අනිත් ට්‍රිලියනපති ගොඩේ ඔහු නැති හින්ද කවුරුත් ඒ ගැන කතා කරන්නෙත් නෑ

      Delete
  5. I simply couldn't depart your web site before suggesting that I actually loved the usual information a person supply on your guests?
    Is going to be again continuously in order to check out new posts

    ReplyDelete
  6. When someone writes an post he/she maintains the image
    of a user in his/her mind that how a user can understand it.
    Therefore that's why this piece of writing is perfect.
    Thanks!

    ReplyDelete